-->

728x90 AdSpace

  • Latest News

    Sunday, December 21, 2014

    NONSTOP සති 1000ක්

    මේ දවස්වල ගොඩක් අය කතා කරන්නෙ ඡන්දෙ ගැනයි. පක්‍ෂ අතර එහාට මෙහාට පනින අය ගැනයිනෙ. ඒ නිසා අපේ කට්ටියගෙ රසාස්වාදය කියන එක ඇත්තෙම නැති වෙලා ගිහින්. බිංදුවටම බැහැලා. ඒ නිසා මේ කතා කරන්න යන්නෙ රසාස්වාදය හා සම්බන්ධ දෙයක් ගැන. ඒ කියන්නෙ චිත්‍රපටයක් ගැන. මේක නිකන්ම නිකන් චිත්‍රපටයක් නෙවෙයි. වාර්තාගත එකක්. වාර්තා කියන්නෙ හැම පැත්තෙන්ම වාර්තා තියපු එකක්.

    ඔන්න 1993 අවුරුද්දෙ සුප්‍රසිද්ධ බොලිවුඩ් අධ්‍යක්‍ෂ ආදිත්‍ය චොප්රා චිත්‍රපටයක් හදන්න පටන් ගත්තා. සල්ලි වියදම් කළේ යෂ් චොප්රා. මේකෙ ප්‍රධාන නළුවා වුණේ ඒ වෙනකොට වයස අවුරුදු තිහක් විතර වුණු ෂාරුක් ඛාන්. නිළිය කාජල්. එයාට එතකොට 23ක් විතර ඇති. 1995 අවුරුද්දෙ නොවැම්බර් 20 වැනිදා මේ කියන චිත්‍රපටය ඉන්දියාව පුරා චිත්‍රපට ශාලා 48ක ප්‍රදර්ශනය වීම පටන් ගත්තා. ඒ පටන් ගත්ත ගැනිල්ල මේ වෙනකන් ඉවර වෙලා නෑ. තාම පෙන්වනවා. දැනුත් පෙන්වනවා. මොකක්ද දන්නවද කතාව? දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ. කියන්න අමාරු නම් ච්ච්ඹ්බ් කියලා කියන්න.


    මේ වෙනකොට ඒකෙ රඟපාපු නළු නිළි යුවළ ඉන්නෙ මැදි වයසෙ. ඒ කියන්නෙ හතළිස් ගණන්වල. හැබැයි අද වෙනකන් දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ චිත්‍රපටය නොකඩවා පෙන්වනවා. ඒ ඉන්දියාවේ මුම්බායිවල තියෙන මරත මන්දිර් කියන හෝල් එකේ. ඒ හෝල් එකේ එකවර චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. ඒකෙ එක පුළුල් තිරයක හැමදාම උදේ 11.30 දර්ශනය වෙන්වෙලා තියෙන්නෙ මේ චිත්‍රපටයටලු. අනිත් වෙලාවලට වෙන වෙන අලුත් චිත්‍රපට පෙන්වනවලු.
    ඔය කියන විදියට මේ වෙද්දි දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ අවුරුදු 19ක් එක දිගට පෙන්නලා. හරියටම කියනවා නම් සති දාහක්. තව දවස් දෙකකින්, ඒ කියන්නෙ දෙසැම්බර් 18 වැනිදා තමයි හරියටම ජයග්‍රාහී දහස් වැනි සතිය. මේ වාර්තාගත අවස්ථාව සමරන්න පසුගිය දවසක මේකෙ ප්‍රධාන නළු නිළි යුවළ ඇතුළු දැනට ජීවතුන් අතර ඉන්න මෙහි රඟපෑ ගොඩක් නළු නිළියන් එකතු වෙලා හිටියා. ඒ කාලෙ ඉළන්දාරි ළමිස්සියො වගේ හිටපු ගොඩක් අය අද වෙද්දි ආච්චිලා සීයලා වෙලා. ඒ විතරක්ද? අර ෂාරුක් ගැටයයි කාජල් ගැටිස්සියි, අංකල් කෙනෙකුයි, ඇන්ටි කෙනකුයි වෙලා. හැබැයි ඉතින් ඒ කාලෙ තිබුණු පෙනුම තාම යන්තමට වගේ ඉතුරු වෙලා තියෙනවා.


    කොහොම වුණත් මේ වෙනකන් මේ වාර්තාවට අයිතිවාසිකම් කිව්වෙ ඉන්දියාවෙ ෂෝලේ කියන චිත්‍රපටය. හැබැයි ඒ අවුරුදු පහක් එක දිගට පෙන්නලා මිසක් 19ක් පෙන්නලා නම් නෙවෙයි. කොහොම වුණත් ඒ කාලෙ මේ චිත්‍රපටය හදන්න වියදම් වෙලා තියෙන්නෙ ඉන්දියන් රුපියල් මිලියන 40ක මුදලක් විතරයි. ඉන්දියාවෙ අවුරුදු 19ක් ප්‍රදර්ශනය කරලා මේ වෙද්දි ඉන්දියන් රුපියල් කෝටි 106ක මුදලක් උපයන්න මේ චිත්‍රපටයට පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් රටවල ප්‍රදර්ශනය කරලා ඉන්දියන් රුපියල් කෝටි 16ක් උපයන්න පුළුවන් වෙලා. ආදිත්‍ය චොප්රාටයි යෂ් චොප්රාටයි හිතෙනවා ඇති මුළු ජීවිත කාලයටම මේ විදියේ එක චිත්‍රපටයක් හදාගත්ත නම් හොඳටම ඇති කියලා.


    මේ චිත්‍රපටය වෙනුවෙන් ඒ කාලෙ සම්මාන තොගයක්ම මේ අයට ලැබිලා තියෙනවා. හරියටම කියනවා නම් පොඩි පොඩි සම්මානත් එක්ක සම්මාන 20ක්. ඇත්තටම මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබුණෙ නැති සම්මානයක් නැති තරම්. ඉතින් ඒ විදියට අවුරුදු 19ක් නොහොත් සති දහසක් පුරා ප්‍රදර්ශනය වුණු මේ චිත්‍රපටිය ජයග්‍රාහී දහස් වැනි සතියෙන් පස්සෙ චිත්‍රපට ශාලාවෙන් ගැලවී යන්න ඉඩ තියෙනවා කියලා ඉන්දියාවේ ඕපාදූප මාධ්‍ය අනතුරු ඇඟවීමක් කරලා තිබුණා. ඒකෙන් මොකද දන්නවද වුණේ? අවසාන වතාවටත් මේ චිත්‍රපටය බලාගන්න හිතාගෙන මේ දවස්වල ඉන්දියානු රසික රසිකාවියෝ හෝ ගාලා ගඟක් ගලනවා වගේ මරත මන්දිර් කියන හෝල් එකට ඇදෙන්න පටන් අරගෙනලු.


    අන්තිමට සෙනඟ පාලනය කරන්න බැරුව ඒචිත්‍රපට ශාලාවෙ කළමනාකරු විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ප්‍රකාශයක් නිකුත් කළාලු කිසි දේකට බය වෙන්න එපා, සෙනඟ බලනවා නම් දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ චිත්‍රපටිය තව අවුරුදු 19ක් හරි එකදිගට පෙන්වනවා කියලා. ඔන්න එහෙමයි වැඩේ කන්ට්‍රෝල් වෙලා තියෙන්නෙ.


    ඉන්දියාවෙ චිත්‍රපට කලාවෙ එහෙම තියෙද්දි අපේ චිත්‍රපට කලාව ගැන කතා කරලා කට වරද්දගන්න ඕනෙ නැහැනෙ. මෙහෙ හදන චිත්‍රපටයක් ඕන නම් වැඩිම වුණොත් සති හයක් තියෙයි. ඒ සති හය දුවන්නෙත් ඉතින් නොදුවා බැරිකමට වගේ. ඒ හින්දා තමයි කියන්නෙ චිත්‍රපට හදනවා නම් ඉන්දියාවෙ වගේ හදන්න ඕනෙ කියලා. හැබැයි ඉතින් "ඉන්දියාවෙ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ



    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: NONSTOP සති 1000ක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top