-->

728x90 AdSpace

  • Latest News

    Thursday, September 4, 2014

    රෝගී තරුණිය දූෂණය කර මරා දැමූ දොස්තර එල්ලන්න තීන්දුයි

    නීතිය පිළිබඳව විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය පිළිබඳව ජනතාව කෙරෙහි විශ්වාසයක් ඇතිකළ යුතුයි. රෝහලකට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගියකුට මරණයට පත්වන්නට සිදුවනවා නම් එය ඛේදජනක යැයි මීගමුව මහාධිකරණ විනිසුරු එච්.එම්.ඒ. ගෆුර් මහතා පැවැසීය.

    2007 නොවැම්බර් මස 12වැනි දින මීගමුව රෝහලේදී දූෂණය කර 6වැනි මහලෙන් බීමට තල්ලුකර මරා දමන ලද කටාන ස්මාර්ට් ෂර්ට්ස් ඇඟලුම් කම්හලේ සේවය කළ චමිලා දිසානායක තරුණියගේ මරණයට වරදකරුවූ වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේට මරණ දඬුවම නියම කරමින් මීගමුව මහාධිකරණ විනිසුරුවරයා එසේ පැවැසීය.
    මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා මියගිය චමිලා දිසානායකගේ මවුපියන්, ඥාතීන්, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ වෘත්තිය සමිති නියෝජිතයෝ නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවෝද පැමිණ සිටියහ.


    නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණය චූදිත වෛද්‍යවරයාගෙන් යමක් කීමට ඇත්දැයි විමසන ලදී. එහිදී ඉන්දික සුදර්ශන බාලගේ චූදිත වෛද්‍යවරයා විවෘත අධිකරණයේ කියා සිටියේ තමාට සාධාරණයක් නොවූ බවයි. මියගිය චමිලා දිසානායකට සාධාරණයක් වූසේම තමාටත් සාධාරණයක් වේයැයි තමා මුලසිටම අපේක්ෂා කළ බව කියා සිටි සුදර්ශන බාලගේ වැරැදිකරුවන් මීගමුව රෝහලේ සිටින බවද කියා සිටියේය.
    නඩු තීන්දුව අනුව චමිලා දිසානායක ඝාතනය කිරීමට වරදකරු කරමින් සුදර්ශන බාලගේ වෛද්‍යවරයාට ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයකදී මරන දඬුවම ලබා දීමටත් මීගමුව රෝහල් පරිශ්‍රයේ චමිලා දිසානායක දූෂණය කිරීමට වරදකරු කරමින් වසර පහළොවක සිරදඬුවම් හා රුපියල් දසදහසක දඩයක් ගෙවීමටත් නියෝග කෙරිණි.


    රෝහලට ආවේ බෙහෙත් ගන්න. යන්න වුණේ පෙට්ටියෙන් යැයි චමිලාගේ මව කීවාය. මගේ දරුවා මීගමුව රෝහලට ආවේ පියයුරේ තිබුණ ගැටිත්තක් සම්බන්ධයෙන් බෙහෙත් ගන්න. සැත්කමකින් මේ ගැටිත්ත ඉවත් කළා. මෙදින ආවේ සායනයට. අනේ... මගේ දුප්පත් දරුවා දුක වගේම අද මට සතුටකුත් තියෙනවා. මොකද නීතියෙන් සාධාරණය වුණා. මුලින් මුලින් ගොඩක් අය කිව්වා වෛද්‍යවරයෙක් නිසා බේරෙයි කියලා. එහෙත් අද ඒ කතා සියල්ල බොරු වුණා.
    මේ සම්බන්ධයෙන් මහන්සිවුණ වෘත්තිය සමිතිවල නියෝජිතයන් ඇතුළු සියලු දෙනාට ස්තුති යැයි ඇය පැවැසුවාය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රෝගී තරුණිය දූෂණය කර මරා දැමූ දොස්තර එල්ලන්න තීන්දුයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top