-->

728x90 AdSpace

  • Latest News

    Wednesday, September 17, 2014

    බැලුම්ගලින් වසරකට පෙර හෙළිකළ ජුලියානා හෝටලයේ සුපිරි ගණිකා නිවාසය වටලයි! q


    කොළඹ කොල්ලුපිටියේ ජූලියානා හෝටලයේ තුන්වැනි මහලේ තායි සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී Body to Body සුපිරි සම්බාහන සහ ගණිකා නිවාසයක් පානදුර වලාන විශේෂ ප්‍රහාර ඒකකය විසින් ඊයේ රාත්‍රි වටලා තායි ජාතික කාන්තාවන් අට දෙනකු ඇතුළු නව දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී තායි ජාතික කාන්තාවන්ගේ පහස ලබාගැනීමට එදින අලුයම ලංකාවට පැමිණ සිටි සෞදිඅරාබි ජාතිකයන් දෙදෙනකු, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු සහ විදේශ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුද පොලිසියට කොටු වී ඇති අතර ඔවුන්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන මුදා හැර තිබේ. මෙම හෝටලය මගින් ආගමන විගමන කොන්දේසි කඩකර සංචාරක වීසා මඟින් තායි ගණිකාවන් ගෙන්වීමේ ව්‍යාපාරය වසර දහයක පමණ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

    දිනපතා දහවල් 12 සිට රාත්‍රි 12 දක්වා පවත්වාගෙන යන මේ සුපිරි ගණිකා නිවාසයේ දිනක ආදායම ලක්ෂ පහක් වන අතර මාසිකව රුපියල් එක්කෝටි පනස්

    ලක්ෂයක පමණ ආදායමක් උපයන බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.


    මෙම සුපිරි ගණිකා නිවාසයට ඇතුළු වීමට රුපියල් 8,500ක් අයකරන අතර ලිංගික සේවා ලබාගැනීම සඳහා රුපියල් 5,000ක් අයකරන බවද හෙළි වී තිබේ.

    අත්අඩංගුවට ගනු ලැබූ තායි ජාතික කාන්තාවන් හතක් ඇතුළු නවදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු තිලිණ ගමගේ මහතා ලබන 25දා දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

    සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මේ සම්බාහන ආයතනය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අනුමතය ලබාගෙන පවත්වාගෙන යන ආයතනයක් වන අතර මෙවැනි ආයතන තරුපහේ හෝටල්වලද පවත්වාගෙන යන බව පවසමින් ඔවුන් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටියහ.

    පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ සහකාර පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය, උප පොලිස් පරීක්ෂකවරුන් වන චානක ලසන්ත, ආර්. එම්. ඒ. කරුණාරත්න යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

    නෙත් එෆ්.එම් බැලුම්ගල විසින් නීතිවිරෝධී ක්‍රියා සිදුවන මෙම හෝටලය පිලිබඳ හෙළිදරව් කරන ලද්දේ 2013 වසරේදීය. එම වැඩසටහන අහන්න පහතින්.

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බැලුම්ගලින් වසරකට පෙර හෙළිකළ ජුලියානා හෝටලයේ සුපිරි ගණිකා නිවාසය වටලයි! q Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top