-->

728x90 AdSpace

  • Latest News

    Friday, September 12, 2014

    දරු සෙනෙහසින් පියෙකුට කිරි එරෙයි.


    බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ පදිංචි පියදාස ලියනාරච්චි මහතාට දරු සෙනෙහස නිසාම පියයුරුවලින් කිරි එරීමේ පුවතක් වාර්තා වේ. 1997 වසරේදී ඔහුගේ දෙවන දරුවා මෙලොව එළිය දැක ඇතිඅතර ඉන් මාස හතකට පසුව දරුවාගේ මව වන සුනීතා ගමගේ මහත්මිය විදේශ රැකියාවකට යාමේ පුහුණුවක් සඳහා දින දහයක් නිවසින් පිටවීමට සිදුවී ඇත. 
     එම දින දහය තුලදී රාත්‍රීයේදී දරුවා කුසගිනි දැනී හඬන විට පියදාස මහතා සිය දරුවා පපුව මත තබා නලවා තිබේ. ඉන් අනතුරුව දරුවා පියාගේ පියයුරු උරන්නට පටන් ගෙන ඇති අතර ඉන් ටික වේලාවකින් පසුව දරුවා නිසොල්මන්ව නිදාගෙන ඇත. ඉන්පසුව පියදාස මහතා තම පියයුරු දෙස බලන විට ඉන් කිරි වැගිරෙන බව දැක ඇත.

    එම දින කිහිපය පුරා දරුවා බි ඇත්තේ පියාට එරුන කිරිය. පුහුණුව සඳහා දින දහයක් ගෙදරින් පිට සිටි මවට විදේශ ගතවන්නට නොහැකි වී ඇත. මේ වන විට මෙම දෙපළට දරුවන් හය දෙනෙක් සිටිති. අද දක්වාම පියාට දරුවන් වෙනුවෙන් කිරි එරෙන බව වාර්තා වේ.

    දරුවන්ද දරුවන්ගේ දරුවන්ද මෙම කිරි උරා බොන අතර පියදාස මහතා මේ වනවිට ජීවත්වීම උදෙසා දම්මුල්ල කහවත්ත වෙල්යාය අසල තැඹිලි විකුණනු ලබයි.

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දරු සෙනෙහසින් පියෙකුට කිරි එරෙයි. Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top