-->

728x90 AdSpace

  • Latest News

    Monday, September 1, 2014

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද (02) ඇර‍ඹේ


    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද (02) කොළඹ රීගල් සිනමා ශාලාවේදී ආරම්භ වීමට නියමිතය.

    ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් පළමු වරට සංවිධානය කරනු ලබන මෙම ජාත්‍යන්තර සිනමා උළෙල සැප්තැම්බර් 02 සිට 07 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙම සිනමා උළෙලේ දී කොළඹ ප්‍රධාන පෙළේ සිනමාහල් වන රීගල් සිනමා ශාලාව, එම්පයර් (Arcade- Independent Squre), Majestic සිනමා සංකීර්ණයේ Ultra සිනමා ශාලාව, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ 'තරංගනී' වැනි කොළඹ විශිෂ්ටතම සිනමා ශාලාවල රටවල් 40කින් තෝරාගත් චිත්‍රපට 70ක් ප්‍රදර්ශනය කෙරේ.

    මෙම චිත්‍රපට සියලුම ප්‍රේක්ෂකයන් සඳහා විවෘත වන අතර සියලුම දර්ශන නොමිලේ පැවැත්වීම විශේෂත්වයකි.
    ඔකිනාවා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල හා එක් ව මෙම කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පවත්වන අතර මෙහි ප්‍රධාන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතාය.

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රෙය් දැවැන්තයන් ඇතුළු නළු නිළියන් රැසක් මීට සහභාගි වීමට නියමිතය.
    www.iffcolombo.com වෙබ් අඩවියෙන් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 2014 පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද (02) ඇර‍ඹේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top