-->

728x90 AdSpace

  • Latest News

    Thursday, September 18, 2014

    "රොනී" අක්මීමන දැරිය ඝාතනයේ සැකකරුගේ ඇඳ ළඟ ලගී




    ගාල්ල අක්මීමන ජනබල ගම්මානයේ පදිංචි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ පොලිස් පරීක්ෂණ සාර්ථක කර ගැනීමට රොනී නම් පොලිස් සුනඛයා අනගි සහයක් ලබා දී තිබෙනවා. දැරියගේ මරණය සිදුව තිබූ ස්ථානයේ සිට ගමන් කළ රොනී දැරියගේ නිවස ආසන්නයේ පිහිටි අවිවාහක තරුණයකුගේ නිවසක් වෙත ගොස් තිබෙනවා. නිවසේ සිටි 28 හැවිරිදි තරුණයකු රොනීගේ ඉලක්කය වී තිබුණා

    අනතුරුව පොලිස් අත්අඩංගුවටපත් සැකකාර තරුණයා දැරිය දූෂණය කර මරාදැමීම පිළිබඳව පාපොච්චාරණය කර ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු පවසන්නේ.

    රොනී නැමති මෙම සුනඛයා මීට නොබෝ කලකට පෙර ඇල්පිටිය නගරයේදී තරුණියක් ඝාතනය කළ අවස්ථාවේදී එම මරණයේ වගකීම භාරගත් මියගිය තරුණියගේ පෙම්වතා හඳුනාගැනීමටද සහය විය.







    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: "රොනී" අක්මීමන දැරිය ඝාතනයේ සැකකරුගේ ඇඳ ළඟ ලගී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top