-->

728x90 AdSpace

  • Latest News

    Monday, September 1, 2014

    ප්‍රවීන රංගන ශිල්පි බන්දුල විතානගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීන රංගන ශිල්පියෙකු වන බන්දුල විතානගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන මහතා 74 වන වියේ පසු විය.

    පෝල් ද සිල්වා විතානගේ හා පියසීලි කනහැරආරච්චි යුවලට දාව 1940 සැප්තැම්බර් 11 වනදා බන්දුල ද සිල්වා විතානගේ දරුවා ගෝනගල දී උපත ලැබීය. සහෝදරයන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ ඔහු අතුරුවැල්ල ප්‍රාථමික විද්‍යාලය, කොළඹ කේරි විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබීය.

    1963 දී ලංකා විශ්ව විද්‍යාලයට (කොළඹ) ඇතුලත් වූ ඔහුට එහිදී නාට්‍ය කලාව සම්බන්ධයෙන් ලැබුණු පන්නරය ඔහුගේ ගමන් මග ශක්තිමක් කරන්නට විය.

    විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු සීමා සහිත හේලීස් සමාගමේ භාෂා පරිවර්තකයකු වූ ඔහු 1970-1981 දක්වා ගුවන් විදුලි සංස්ථාවේද, 1982-1994 දක්වාරූපවාහිනී සංස්ථාවේද, 1994 සිට රූපවාහිනී අභ්‍යාස ආයතනයෙහිද සේවය කළ අතර, 2001 සිට ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයකු වශයෙන් කටයුතු කරයි.

    1972 දී ශ්‍රියා කංකානම්ගේ කමලා පීරිස් සමඟ අතිනත් ගත් එතුමා චානක, නාලක හා වජිරකුමාරි යන අයගේ පියාණෝය. ඕස්ට්‍රේලියාව (1979), මැලේසියාව (1981/1988/1994), ඇමරිකා එක්සත් ජනපදය (1989), ප්‍රංශය(1994), පිලිපීනය (1995) වැනි රටවල වෘත්තීය පුහුණු හා විවිධ වැඩසටහන් සඳහා සහභාගී වී ඇති ඔහු, දේශීය කලා ක්ෂේත්‍රයට දායාද කරන ලද නිර්මාණ රාශියකි.

    කලා තොරුතුරු

    නාට්‍ය නිර්මාණ
    එළිය (පරිවර්තනය-2002)
    ඒ සොඳුරු මිනිසා (2003)
    මේඝ ගර්ජනා(1969)
    ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් (1971)
    බේකට්(1974)
    වැනීසියේ වෙළෙන්දා (1980 )
    මැක්මත් (පර්වර්තන - 2001)


    සම්මාන
    සෙනෙහෙබර ඩොලී - හොඳම පරිවර්තන/හොඳම නිෂ්පාදනය(1987 රාජ්‍ය නාට්‍ය)
    හිරු දහස - හොඳම පරිවර්තන/හොඳම නිෂ්පාදනය (1990 රාජ්‍ය නාට්‍ය)

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ප්‍රවීන රංගන ශිල්පි බන්දුල විතානගේ මහතා අභාවප්‍රාප්ත වෙයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top