-->

728x90 AdSpace

  • Latest News

    Saturday, September 20, 2014

    ඡන්දෙන් පසු තුරුම්පු එළියට


    උෟව තුන්දෙනාටම තීරණාත්මකයි

    උෟව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය මත ආණ්ඩුවේ, එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ අනාගත දේශපාලන තීන්දු ගනු ඇති බවත් එම නිසා මේ මැතිවරණ ප්‍රතිඵලය රටේ අනාගතයට තීරණාත්මක බලපෑමක් ඇති කරන්නක් බවත් දේශපාලන විශ්ලේෂකයෝ අවධාරණය කරති.
    ලබන ජනවාරි මස මුලදී පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට අදාළ වැදගත්ම තීරණ ගැනීම සඳහා මේ පාර්ශ්ව තුනම උෟව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය යොදා ගැනීමට නියමිතය.

    මේ අනුව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය මත මීළඟ ජනාධිපතිවරණ දිනය සහ ඊට අදාළ සැලැසුම් සකස් කෙරෙනු ඇතැයිද සඳහන් කරන අදාළ දේශපාලන
    විශ්ලේෂකයන් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේද නැතහොත් විපක්ෂයේ පොදු අපේක්ෂකයකුට සහයෝගය ලබා දෙන්නේද යන තීරණයද මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු ගනු ඇතැයිද ඔවුහු අවධාරණය කරති.

    එසේම මීළඟ ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමටද ජනතාව මේ මැතිවරණයේදී ජවිපෙට ලබාදෙන ඡන්ද ප්‍රතිශතය ඍජුවම බලපානු ඇතැයි එම විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඡන්දෙන් පසු තුරුම්පු එළියට Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top