-->

728x90 AdSpace

  • Latest News

    Saturday, September 6, 2014

    බුදුහාමුදුරුවො ආවත් මේවා නවත්වන්න බෑ

    උෟව පළාත් සභා මැතිවරණ කටයුතු අතරතුර කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා බරපතළ අර්බුදයකට මුහුණපා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් හෙළිවෙයි. විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ, මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන මෙන්ම ජනතාවද මෙලෙස නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා වෙත බරපතළ විරෝධයක් එල්ල කිරීම මීට හේතු වී ඇත. මැතිවරණ කොමසාරිස්වරයා මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව ප්‍රමාණවත් මැදිහත්වීමක් කර නොමැති බව මාධ්‍ය මඟින්ද දිගින් දිගටම අනාවරණය කළ අතර මේ නිසා තමන් සතු බලතල උපයෝගි කරගෙන මේ චෝදනා යටපත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර ඇතැයිද හෙළිදරව් කරන අදාළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග එය ප්‍රායෝගිකව කරගත නොහැකි තත්ත්වයකට කොමසාරිස්වරයා පත්ව ඇතැයිද අනාවරණය කරයි. ප්‍රචණ්ඩ ක්‍රියා සහ රාජ්‍ය දේපළ අයථා භාවිතය මහා පරිමාණයෙන් සිදුවන මැතිවරණ කොට්ඨාසවල ඡන්දය කල් තැබීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයා සතුය.

    මේ බව සඳහන් ලිපියක් මීට පෙර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් අමාත්‍යංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාට යවන ලදී. එවැනි ලිපියක් මෙවරද රාජ්‍ය නිලධාරීන්ට යැවීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරනු ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර අප කළ විමසීමකදී කොමසාරිස්වරයා පැවසූයේ මැතිවරණ කොමසාරිස් තනතුරට බුදුරජාණන් වහන්සේ ගෙනැවිත් වාඩි කළත්, ජේසුස් වහන්සේ ගෙනැවිත් වාඩි කලත්, මහම්මත්තුමා ගෙනැවිත් වාඩි කළත් සියයට සියයක් සාධාරණ මැතිවරණ පැවැත්විය නොහැකි බවත්, එය උෟව පළාත් සභා මැතිවරණයටද අදාළ බවත්ය. රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොවන්නේ නම් මේ ප්‍රශ්න නැති කළ නොහැකි බවද සඳහන් කළ මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ දෙපාර්තමේන්තුව හැකි උපරිමයෙන් කටයුතු කළත් කිසිවකු හොඳක් නොකියන බව කනගාටුවෙන් පැවැසිය යුතුව ඇතැයිද සඳහන් කළේය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බුදුහාමුදුරුවො ආවත් මේවා නවත්වන්න බෑ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top