-->

728x90 AdSpace

  • Latest News

    Friday, September 19, 2014

    මට ලැඛෙන්න ඕන ඉහළම ආදරය ලැඛෙනවා - ටනාෂා




    රූපවාහිනිය නරඹන කාටත් ටනාෂා සතරසිංහගේ රූපය හොදට මතක ඇති. ඒ මේ දවස්වල විකාශය වන වෙළෙඳ දැන්වීම්වල සහ ගීත රූපරචනාවලින් ටනාෂා ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්න නිසා. රූපවාහිනී තිරයේ නිතරම දකින රූපයට වඩා සැබැවින්ම ඇය ගොඩක්ම සුන්දරයි. ඒ වගේම හුරුබුහුටියි.


    කලාවට එන්න මාර්ගය විවෘත වෙන්නෙ කොහොමද?


    අපේ අම්මගේ යාළුවෙක් ඉන්නවා. නිලූ‍කා කොඩිකාර කියලා. එයා මාව දැකලා මනාලියක් විදිහට මාව ගැඩගැන්නුවා විලාසිතා දැක්මකට. වෙළෙඳ දැන්වීමකට පෙනී ඉන්න කියලා කතා කළා. ඊට පස්සේ තමයි දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට අයැදුම් කළේ. ඒ තරගයෙන් මම දෙවන ස්ථානය ලබාගත්තා. ඒ හරහා මට තිමිරගිර
    ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට ආරාධනා කළා. ඊට අමතරව ගීත රූපරචනාවලට වගේම වෙළෙඳ දැන්වීම්වලට රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම මම රොසෑන් ඩයස් මහත්මියගේ යටතේ නිරූපණ ක්ෂේත්‍රය ගැන හැදෑරුවා. මම ඒ හරහා තමා නිරූපණ ක්ෂේත්‍රයට යොමු වන්නේ


    නිවේදනය, රංගනය මේ හැමදේටම ඔබ අලූ‍ත් මුහුණක්. කොහොමද මේ අභියෝගය භාර ගන්නේ?

    රඟපෑමෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම නිවේදනයටත් මම කැමැතියි. ගොඩක්ම මේ දෙකටම. මේ ගැන නිවැරදිව අධ්‍යයනය කළොත් අපිට සාර්ථකව ඉස්සරහට යන්න පුළුවන්. මේ දෙකටම වඩා නිරූපණ ක්ෂේත්‍රය ගොඩක්ම පහසුයි. ඒ දේ රංගනය වගේ ගොඩක් ලොකු දෙයක් කරන්න නැහැනෙ. මම තාම මේ ක්ෂේත්‍රයට අලූ‍ත්. ඒ නිසාම මගෙනුත් වැරදි අඩුපාඩු සිදුවෙනවා. ඒ නිසාම ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න තමයි හිතන් ඉන්නෙ.

    කැමරාවක් ඉදිරියට ගිය මුල්ම දවස මතකද?

    ඇත්තටම ඔව්. මුල්ම දවස මට තාම හොඳට මතකයි. එදා නම් මම ටිකක් බය වුණා. තාමත් ඒ බය ඇතිවෙනවා මොකද තාම මම මේ ක්ෂේත්‍රයට අලූ‍ත් කෙනෙක් නිසා.

    ටනාෂාගේ හිතේ රංගනයෙන් දායකවන්න කැමැත්තක් තියෙන චරිතයක් තියෙනවද?

    ඔව් මම කැමතියි ‘බර්ෆි’ චිත්‍රපටයේ ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වෙනවා වගේ මන්දමානසික ළමයෙක්ගෙ චරිතයක් රඟපාන්න. ඒක සුවිශේෂී රංගනයක්.

    ඔබත් ජනප්‍රිය කියන රැල්ලට හසුවෙලාද?

    මම කැමැතියි හැමදාම ජනප්‍රියත්වය තියාගන්න. මම ජනප්‍රියයි කියන රැල්ලට හසුවෙන්නෙ නැතුව ජනප්‍රියත්වය ටිකෙන් ටික ගොඩනගාගන්න උත්සාහ කරනවා.

    ටනාෂා ඉතින් චිත්‍රපටවලට ටෙලිනාට්‍යවලට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද?

    ආරාධනා ලැබිලා තියෙනවා. පරාක්‍රම ජයසිංහ මහත්තයගෙ චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒ චිත්‍රපටයේ වැඩකටයුතු මේ අප්‍රේල් මාසේ පටන් ගන්නවා. ඒ වගේම ටෙලිනාට්‍ය කිහිපයකට රංගනයෙන් දායකත්ව ආරාධනා ලැබුණා. මම කැමැතියි දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න. උසස් පෙළ කරන්නේ මම ජීව විද්‍යා අංශයෙන්. මේ අවුරුද්දේ උ.පෙළට පෙනී සිටිනවා. අධ්‍යාපනයෙන් ඉස්සරහට ගිහින් ආයුර්වේද වෛද්‍යවරියක් වීම තමයි මගේ අරමුණ.

    පවු‍ලේ විස්තර ?

    මට නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි තිසරි, රිෂිනි, නිෂිනි. ඒ තුන්දෙනයි මමයි අම්මයි, තාත්තයි තමා අපේ පවුල. අම්ම තමයි මගේ හෙවනැල්ල වගේ ඉඳන් මේ හැමදේටම උදව් කරන්නේ. ඒ වගේම නංගිලා තුන්දෙනාගෙන් ලොකු සහයෝගයක් ලැඛෙනවා. තාත්තා නම් මුලින්ම අකැමැති වුණා. ඒත් දැන් එයත් කැමැතියි මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යනවාට.


    ඔබත් නව යෞවනයේ පසුවන යුවතියක්. කොහොමද ඉතින් ආදරය දැනෙන්නෙ ?

    ආදරය සුන්දරයි. මට අම්ම, තාත්තගෙන් ගොඩක් ආදරය රැකවරණය ලැඛෙනවා. ඒ වගේම නංගිලා තුන්දෙනාගෙනුත් ආදරය ගොඩක්ම ලැඛෙනවා.

    විශේෂ ආදරයක් ලැඛෙන්නේ නැද්ද ?

    අම්මගෙන් තමයි විශේෂම ආදරය ලැඛෙන්නේ...
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මට ලැඛෙන්න ඕන ඉහළම ආදරය ලැඛෙනවා - ටනාෂා Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top