-->

728x90 AdSpace

  • Latest News

    Monday, September 8, 2014

    පරිපූරක වැඩ වැරුමට එරෙහිව උසාවි ගිය පැමිණිලිකරුට බොරු තොරතුරු ඉදිරිපත් කළැයි වෘත්තීය සමිතියෙන් වන්දි නඩුවක්


    පරිපූරක වෛද්‍ය සේවා වැඩවර්ජනය තහනම් කිරීමේ අධිකරණ නියෝගයට පාදක වූ සාවද්‍ය කරුණු ඉදිරිපත් කළ පැමිණිලිකරුට විරුද්ධව රුපියල් මිලියන 10ක වන්දියක් ඉල්ලා නඩු පැවැරීමට ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක වන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති බල මණ්ඩලය පවසයි.

    පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය බල මණ්ඩලය විසින් ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් පසුගියදා දියත් කළ අඛණ්ඩ වැඩවර්ජනය අධිකරණ නියෝගයක් මඟින් තහනම් කළ අතර එම වැඩවර්ජනය තහනමකට ලක්වූයේ සාවද්‍ය තොරතුරු හේතුවෙන් බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා චෝදනා කරයි.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කළ ජයසේකර මහතා.
    "පසුගියදා අප බල මණ්ඩලය විසින් කළ අඛණ්ඩ වැඩවර්ජනය නීත්‍යනුකූලයි. වසර ගණනක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයට කරපු ඉල්ලීම්වලට කිසිම පිළිතුරක් ලැබුණේ නෑ. එවැනි සාධාරණ ඉල්ලීම් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අධිකරණ තීන්දුවකින් තහනම් වීමට මූලිකවම වුණේ එක් පුද්ගලයකුගේ වැරැදි තොරතුරු නිසයි.

    කළුවාමෝදර, අලුත්ගම ප්‍රදේශයේ හර්ෂණ ද සිල්වා නමැති පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක්. ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට වැඩවර්ජනය බාධා වූවා යැයි පවසමින් ලබාදුන් වැරැදි තොරතුරු නිසා වැඩවර්ජනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වුණා. ඇත්තටම වෘත්තීය සමිති බල මණ්ඩලයේ සාමාජිකත්වයටම මේකෙන් සිද්ධ වුණේ බරපතළ අගතියක්. අපි ඔහුට විරුද්ධව ඉදිරි සතිය තුළ මිලියන 10ක වන්දි ඉල්ලා නඩු පැවැරීමට සූදානම්.

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පරිපූරක වැඩ වැරුමට එරෙහිව උසාවි ගිය පැමිණිලිකරුට බොරු තොරතුරු ඉදිරිපත් කළැයි වෘත්තීය සමිතියෙන් වන්දි නඩුවක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top