-->

728x90 AdSpace

  • Latest News

    Sunday, September 21, 2014

    අරාබිකාරයොත් එක්ක සෙට් වුණු පියුමි ලොකු අමාරුවක වැටිලා



    පසුගිය දිනවල පියුමි ශානිකා ගැන චිත්‍රපට ටෙලිනාට්‍ය ඔස්සේ කාගේත් කතාබහට ලක්වුණා.

    ඒත් මේ දිනවල පියුමි ගැන වැඩි කතාබහක් ඇසුණේ නැති තරම්. පියුමිගේ අලුත්ම තොරතුරු හොයල බලන්නත් එක්කම ඇයට කතා කළ මොහොතේ අපිට දැනගන්නට ලැබුණේ ඇය මේ දවස්වල ඩුබායි මිතුරන් පිරිසක් සම`ග රට වටේම සංචාරය කරන බවයි.

    ‘ඩුබායි දේශයේ මගේ මිතුරන් පිරිසක් මේ දිනවල ලංකාවට ඇවිත් ඉන්නේ. ඔවුන් නැවතී ඉන්නේ මගේ ගෙදරයි. ඉතින් මේ අරාබියානුවන්ට මම ලංකාවේ සුන්දරත්වය පෙන්වන්න විවිධ ප්‍රදේශවලට එක්කන් ගියා. ඔවුන් හු`ගක් සතුටු වුණා.

    ඒත් මම නම් ඉන්නේ ‍නොසතුටින්. මොකද විදේශීය සංචාරකයන් ලංකාවේ වෙළෙන්දන් සුරගෙන කන හැටි දැකලා මම පුදුම වුණා. මම මගේ මිතුරන් සම`ග නුවර එළියේ සංචාරයකට එක්වූ මොහොතේ අපි ආහාර ගන්න හෝටලයකට ගියා. ඒ අය හිතුවෙ මමත් ෆොරිනර් කෙනෙක් කියලයි. 
    මැකරෝනි ප්ලේට් එකක මිල සඳහන් වෙලා තිබුණේ රුපියල් 3500.00 ක් ලෙසයි. මගෙ ඇස් උඩ ගියා.

    මම ඇහුවා ඇයි මෙච්චර ගණන් කියලා. එතකොට ආනේ ඔයාල ලංකාවේ ද කියලා අහලා වෙනම මෙනූ පතක් ගෙනත් දුන්නා. ඒකෙ ඒ ප්ලේට් එකේම මිල සඳහන් වුණේ රු. 400 යි. මම මේ අත්දැකීම ලැබුවෙ පළමු වතාවට.

    ඇත්තටම මට දුක හිතුණා මේ විදිහට සංචාරකයන්ගෙන් අධික මිල ගණන් අය කිරීම ගැන. මමත් ඩුබායි රටට නිතර යනවා. ඒත් මේ වගේ එක එක මිල ගණන් සංචාරකයන් ගෙන් අය කරන්නේ නැහැ. දේශීය ජනයාටත් විදේශිකයාටත් ඒ මිල ගණන් පොදුයි.’
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අරාබිකාරයොත් එක්ක සෙට් වුණු පියුමි ලොකු අමාරුවක වැටිලා Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top