-->

728x90 AdSpace

  • Latest News

    Friday, September 12, 2014

    iPhone 6 එළිදකී


    තිස් වසරකට පෙර ස්ටීව් ජොබ්ස් ඇපල් Mac පරිගණකය එළිදැක්වූ කපර්ටීනෝහි, ඩි අන්සා විද්‍යාලයීය, ෆිලින්ට් මධ්‍යස්ථානයේදී තවත් සුවිශේෂී එළිදැක්මක් පසුගියදා සිදුව තිබුණා.

    ඒ ස්මාට් ජංගම දුරකථන වෙළෙඳ පොළට ඇපල් සමාගම සිය නවතම iPhone ස්මාට් දුරකථනය හඳුන්වාදීමයි. ඒ ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී iPhone 6 නවතම ස්මාට් ජංගම දුරකථනය සහ එහි විශාල තිරයකින් යුතු iPhone 6 Plus ස්මාට් දුරකථනයද එළිදැක්වුණා.

    iPhone 6 දුරකථනය අඟල් 4.7ක තිරයකින්ද, iPhone 6 Plus දුරකථනය අඟල් 5.5ක තිරයකින් යුතුයි.

    iPhone 6 දුරකථනය මිලිමීටර් 6.9ක් තරම් පැතලි දුරකථනයක් ඊට නව අතුරු මුහුණතක් ද එක්ව තිබෙනවා.

    ඇපල් සමාගමේ නවතම iPhone ජංගම දුරකථනය සමග, නවතම අත්ඔරලෝසුවක්ද මෙවර එළිදක්වා තිබෙනවා. එය ස්මාර්ට් වොච් නමින් හඳුන්වා දී තිබෙනවා.

    ස්ටීව් ජොබ්ස්ගේ අභාවයෙන් පසුව ඇපල් සමාගමේ ප්‍රථම නව නිෂ්පාදන පෙළ ලෙස මේවා එළිදැක්වෙනවා.

    මෙම දුරකතන සැප්තැම්බර් 19දා සිට වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිතය.
      















    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: iPhone 6 එළිදකී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top