-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, September 16, 2014

    හතර වටේටම සන්දර්ශන තිබුණත් චීන ජනපති ලංකාවෙ ඉන්නෙ පැය විසිතුනයි


    චීන ජනාධිපති පී. ජින්පින් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ගත කිරීමට නියමිතව ඇත්තේ පැය 23ක් පමණක් බව හෙළිවේ.

    චීන ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ හෙට (16දා) පෙරවරු 11.30ට පමණය. ඔහු අනිද්දා (17දා) පෙරවරු 10.30ට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය. එහෙත් චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අසල්වැසි රට වන මාලදිවයිනේ දින දෙකක් නැවැතී සිටී. ඊයේ (14දා) මාලදිවයිනට පැමිණි චීන ජනාධිපතිවරයා හෙට (16දා) ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු රැඳී ඉන්නේ එහි ය. මාලදිවයිනේ සංචාරක ක්‍ෂේත්‍රය තුළ චීන ආයෝජන කිරීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් මෙහිදී චීන ජනාධිපතිවරයා විශේෂයෙන් සොයා බලන බවද වාර්තා වේ.


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හතර වටේටම සන්දර්ශන තිබුණත් චීන ජනපති ලංකාවෙ ඉන්නෙ පැය විසිතුනයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top