-->

728x90 AdSpace

  • Latest News

    Saturday, September 6, 2014

    රාවණා ශක්තිය රැඳුණු භූමියක සැඟවුණු රහස්


    මේ නුවරඑළියේ ගයාත්‍රි මෑණියන් වැඩ හිඳින යෝගී ආශ්‍රමය. දේවාලය. ඉන්දියාවේ නර්මදා නදියෙන් ශ්‍රී සිවබාල යෝගීශ්වරයාණන්ට ලැබුණු හාස්කම් සහිත ශිව ලිංගයත්, ඉන්දියාවෙන්ම වැඩම කරවූ මහා බලැති හාස්කම් සහිත ගයාත්‍රි මෑණියන්ගේ ප්‍රතිමාවත් තැන්පත් කර ගයාත්‍රි දේවාලය සහ යෝගාශ්‍රමය ඉදිකළේ ශ්‍රී ගයාත්‍රි සිත්තරු මුරුගේසු මහා ඍෂිවරයාණන්.

    ගයාත්‍රි දේවාල නිර්මාතෘ මුරුගේසු ඍෂිවරයාණන් ශ්‍රී අගස්තියර් මහා ඍෂිවරයාණන්ගෙන් පැවැත ආ ශ්‍රී කන්නයියා යෝගීවරයාණන්ගෙන් ගයාත්‍රිය සහ එහි ධර්මයන් ඉගෙනගත් ඍෂිවරයෙක්.
    සතර වේදයෙහි මව ලෙස හඳුන්වන ගයාත්‍රිය සවිතා යනුවෙන්ද නම් දරා සිටිනවා. හින්දු හැඳින්වීම අනුව, ගයාත්‍රිය සුරබිදේනුවක් ලෙසද සැලකෙනවා. සුරබිදෙනගේ විශේෂත්වය ලෙස හින්දුන් දකිනුයේ ඇය ළඟට එන සියල්ලන්ගේම ආශාවන් ඉෂ්ට කර දෙන මෑණියන් කෙනකු වන බව. එසේම දෙව්ලොව ඇති කල්ප වෘක්‍ෂය ලෙසින්ද හඳුන්වන ගයාත්‍රිය එම කල්ප වෘක්‍ෂය සෙවණේ හිඳිනා නිදාගන්නා කවරකු හෝ වෙත්නම්, එම අයට සිතන පතන සියලුම දේ හිමිවන බවටද විශ්වාස කරනවා.
    මෙවන් පුණ්‍ය මහිමයකින් හෙබි ගයාත්‍රිය ඉදිකළ පින්බිමේ එයට පෙර පැවැති පූජනීය තත්ත්වය සහ මහත්වූ ශක්ති කදම්බයක් තිබුණේද යන්න මෙතෙක් හෙළිදරව් නොවුණු සැඟවුණු කතාවක්.

    මෙහි සැඟවුණු රහස් පසුකලෙක සොයාගත්තේ සුසන්ත සත්‍ය යෝගිතුමා. එවක් පටන් ඔහු යෝගී ධර්ම වැඩීමට මෙම ස්ථානයට පැමිනුණා. එසේ පැමිණි ඔහු වඩවාලූයේ රාවණා යුගයේ යෝගී ධර්මයන්.
    අද පළවන මෙම ලිපියෙන් 'මව්බිම' අනාවරණය කරන්නේ මෙතුවක් කලක් සැඟව තිබූ එම රහස. මේ ගයාත්‍රි යෝගාශ්‍රම භාරකරු ශ්‍රී ශක්තිවේල් චන්ද්‍රමෝගන්ගේ අදහස් සමූහය.

    මෙය පින්වන්ත භූමි භාගයක්. මෙය පින්වන්ත වගේම මහත් බලවත්. එයට විශ්වයේ සුවිසල් ශක්තියකුත් ඇතුළත්.
    මෙම භුමිය පින්වන්ත වනුයේ රාවණා රජුගේ බලය, ශක්තිය කවා තිබූ බැවින්. ඒ ශක්තිය, බලය මතින් තවත් විශේෂිත පුද්ගලයකු මෙම භූමිය ශක්තිය කරවූවා. ඒ රාවණාගේ පුත්‍රයා. නමින් ඉන්ද්‍රජිත් කුමාරයා.
    ඉන්ද්‍රජිත් කුමාරයා මෙහි වඩවපු ශක්ති යෝගය ඉතා විශේෂිත වූවක්. එය වඩාත් විශේෂිත වනුයේ ඒ යෝග ශක්තිය ඉන්ද්‍රජිත් කුමාරයා වැඩුයේ තමන්ට නොවන නිසා. ඔහු වැඩ වූයේ තම පියාණන් වෙනුවෙන් වූ යෝගයක්. මහා බලගතු අධි ශක්තියක්. ඒ ශක්තිය ඉන්ද්‍රජිත් කුමාරයා වඩවා, රාවණා රජුට ලබාදෙනවිට, එය වඩවාලූ මෙම භූමිභාගයත් ශක්ති වූවා. එම යෝගයන්හි පිහිටියා. මේ නිසයි මෙම භූමි භාගය ඉතා බලගතු වූයේ. පුණ්‍යවන්ත වූයේ. එදා වඩවපු එම ශක්තිය, බලය, යෝග අදටත් මෙම භූමිභාගයේ සුරක්‍ෂිතයි. ඒ මත පිහිටා තමයි මේ ගයාත්‍රි දේවාලයත්, ගයාත්‍රි අසපුවත් ඉදිවී තිබෙනුයේ. මේ තමයි මේ බිමේ අතීත සත්‍ය කතාව.

    ආදිතම යුගයේ මෙහි සිටියේ රාවණා රජු. ඒ බලවත් ශිව දෙවියන්ගේ ආශීර්වාදය ලැබීමෙන්. මේ ගැන තිබෙන්නාවූ අතීත කතාවන් මෙසේ දැක්වෙනවා. එනම්, ශිව දෙවියන් රාවණා රජුට අසීමිත බලයක් ලබාදුන් බව ඒ බලය හරහා මෙම භූමිය සත්‍යය වඩවන, අධි ශක්තියකින් පොහොසත් වූවා. ඒ ශිව තාණ්ඩම.
    රාවණාට ශක්තීන් වඩවා දුන් ඉන්ද්‍රජිත් කුමාරයා ඉතා බලවත් යෝග ධර්ම ගැඹුරින් හදාරපු කෙනෙක්. ඒ තුළින් ඉන්ද්‍රජිත් කුමාරයා රාවණාට වඩවාලු ශක්තිය වූයේ මෙයයි. ඒ සියල්ල රාවණාට හිමිවේවා යන්නයි. මෙය මෙලෙසින් අර්ථ ගැන්වීම කළ හැකියි. එනම්,
    හිරුගේ රශ්මිය මේ මහා විශ්වය පුරා පැතිරෙනුයේ යම් සේද, එවන් වූ ආකාරයෙන්ම මේ වඩවාලු ගැඹුරු යෝග ධර්ම ශක්තීන්ගෙන් උපදින්නා වූ ශක්තීන්වල ඒකරාශීිවීමෙන් ගොඩනැඟෙන මේ මහා විශ්වයේ මහා විශ්වශක්තිය රාවණා රජුට සිද්ධි වේවා.

    ඒ යෝගයට කියන නම වනුයේ පීතෘ යෝගය. මේ පීතෘෘ යෝගය ඉන්ද්‍රජිත් කුමාරයා වඩවද්දී, දෙවිවරු තුන් කට්ටුවක් එම යෝගයට සිද්ධි වූවා. ඊශ්වර, බ්‍රහ්ම, විෂ්ණු දෙවිවරු. මේ තමයි මූර්තිය. මෙම ත්‍රි මූර්ති දෙවිවරු එම සිද්ධිවීම හරහා මෙම බිමට අරක්ගත්තා. ඒ හරහා ත්‍රි මූර්ති ශක්තිය මෙබිම නිදන්ගත වූවා සදාකාලයටම. ඒ මේ මහා විශ්වය පවතිනතාක් කාලයකට. මේ යෝගය තමයි යෝග ධර්මවල තිබෙන බලවත්ම යෝග ධර්මය. ඒ වගේම වැඩවීමට අසීරුම යෝග ධර්මය. මෙය වඩවාලූ, සිද්ධි වූ යම් කිසිවකු වෙත්නම් එම අය සදා අමරණීයයි. මෙය තවත් දෙයක් කියාපානවා. ඒ මෙම ආකාරයට.

    මෙම ශක්තිය යම් බිමකට ලැබුණේද, එබිම සිට යම් කිසිවකු ශක්තියක් වඩවන්නේද, එම වඩවන ශක්තීන් තවත් අයකුට සමාධි කරවන්නේද ඒ තමයි ශක්තියේ ත්‍රි මූර්තිය.
    මෙවන් පූජනීය, ශක්ති රැස්වූ බිමක තමයි පසුකාලීනව ගයාත්‍රිය ගොඩනැඟෙනුයේ. මෙම යෝගාශ්‍රමය ඉතා බලවත් වනවා කාරණා තුනක් යටතේ. පළමු කාරණය රාවණාගේ බලවත්කම. දෙවැනි කාරණය එම බලය මතින් ගයාත්‍රි මෑණියන් මෙහි වැඩම කිරීම. තුන්වැනි කාරණය වනුයේ මහා බලගතු ශිව ලිංගය වැඩම කරවීම. ඒ අතරට තියෙනවා තවත් බලවන්තකමක්. ඒ තමයි ශිව ලිංග එකසිය අටක් තැන්පත්කර මෙහි මහා ශිව ලිංග දේවාලයක් ඉදිකිරීම. මේක ඍෂිවර අනාවැකියක්.
    මෙම මහා බලගතු ශිව ලිංගය කලින් තිබුණේ ඉන්දියාවේ නර්මදා නදියේ. එම ශිවලිංගය මෙතැනට ලැබෙනුයේ ඍෂිවරයකු සිහිනෙන් පැවැසූ නියමයක් මත. මේ ගයාත්‍රි දේවාලය, යෝගාශ්‍රමය පිහිටවූ මුරුගේසු ඍෂි එම නියමය අනුව ගියා ඉන්දියාවේ නර්මදා නදියට. එහිදී ඔහු යෝග වැඩුවා. එක් යෝග ධර්මයක පිහිටා එහි ගැඹුරටම ගිය විටෙක ඍෂි ඉදිරියේ පෙනී සිටි අයකු මෙම ශිව ලිංගය දී ඇති බවයි ඉතිහාසය කියනුයේ. එහිදී කියා තිබෙනවා මෙවන් දෙයක්. මේ ශිව ලිංගය ඊශ්වරගේ අණින් ලබාදුන් බවක්.

    අද හින්දුන්ගේ යෝගාශ්‍රමයක් හැටියට මේ බිම තිබුණත් මේ බිමේ අයිතිය තිබෙනුයේ රාවණා රජුට. රාවණා රජුගේ ඉන්ද්‍රජිත් කුමාරයාට. රාවණා පරපුරට. ඒ අනුව කිව හැකියි මේ බිම අෑත අතීතයේ සිටම රාවණා රජුගේ පරපුර යෝග ධර්ම වඩවපු ස්ථානයක් බව. පුද පූජා පැවැත්වූ ස්ථානයක් බව. මේ ශක්තිය තමයි ගයාත්‍රි යෝගාශ්‍රමයේ පදනම.
    මෙහි තිබෙනවා ඉතා පැරැණි බෙහෙත්
    ඔෟෂධ. තව තිබෙනවා හනුමන්තා ගෙන ආ සංජීවනී ඔෟෂධය. මෙය ඉතා මහඟු, ඉතා දුර්ලභ ඔෟෂධයක්.

    මෙම සංජීවනී ඔෟෂධයේ නියම මාත්‍රාව අරගෙන සිද්ධි යෝගයකින් පේ කරනව මළ අයකුට පණ දෙන්න පුළුවන්. මේ රාමායණය ඉතිහාස කතාව.
    මෙම සංජීවනී ඔෟෂධය තවත් විශේෂ වනුයේ අවුරුද්දකට එක් වතාවක් පමණක් මතුවන නිසා. ඒකට මුත්තු කියලත් කියනවා. කාලය, දින ගැන යෝග ධර්ම වැඩුවා පින් සිද්ධ වූ විගසම මෙම සංජීවනී ඔෟෂධය මතුවෙනවා. ඒ මතුවන තත්පරයේදීම ආපහු යනවා. ඒ මොහොතෙදී තමයි මේ
    ඔෟෂධය අතට ගත යුත්තේ. මේක ඒ විදියට අතට ගත්තෙ හනුමා.
    නවපාෂාණ, අගස්ති ඍෂිවරයාගෙ පුස්කොළ පොත, කස්තුරි, ගෝරෝචන මෙහි තිබෙන අනෙක් දුර්ලභ ඔෟෂධ හනුමා ඉන්දියාවෙන් ඔෟෂධ ගෙන එද්දි ලබාදුන් ඔෟෂධ මුල් මෙහි තවමත් සුරක්‍ෂිතව තිබීමත් වැදගත්.
    රාවණා රජු මේ බිමේ ඉඳන් වඩවපු යෝගයක් තමයි කාලාත්‍රකරණය. ඒ කියන්නෙ කාලය හරහා ගමන් කිරීම. රාවණා රජු දැඩි ශිව භක්තිකයෙක්. ඔහු සක්වළ පැවැතියාවූ සකල ශක්තිය. පළමුවරට ගත් අයෙක්.

    මේබිමේ සිටියා නායිකාවක්. ඇය රාවණා යෝග, යාගවලට ඉතා තදින් කාවැදුණ තැනැත්තිය ඇය දේවතාවියක්. නම නිකුම්බිලා දේවිය. මේ නිකුම්බිලා දේවතාවියට තවත් නමක් කියනවා. ඒ රුද්‍ර දේවි කියලා. කාලිදේව මෑණියන්ගේ අවතාරයක්. මෙතැනදී කරනු ලැබුවා ඒ වෙනුවෙන් යාගයක්. ඒක ඉතා අමාරු යාගයක්. මේ යාගයේ බලවත්කමත් හේතු වුණා ත්‍රිමූර්ති ශක්තිය මේ බිමට කාවද්දවන්න. දිගටම ර¼දාපවත්වා ගන්නට.
    අද මෙහි පවත්නා ගයාත්‍රියෙ ගයාත්‍රි මන්ත්‍රය ගායනා කරනවා. මේ ගයාත්‍රි මන්ත්‍රය ඉතා බලවත්. ගයාත්‍රි මන්ත්‍රය ගැන මහා ඍෂිවරයාණන් වහන්සේ පවසා තිබෙන ප්‍රකාශයන් ඉතා වැදගත්. මේ සිවානන්ද ස්වාමින් වහන්සේ ගයාත්‍රි මන්ත්‍රය ගැන කියූ අදහසක්.

    ගයාත්‍රිය, ධර්මය, අර්ථ, කාම මෝක්‍ෂ යන සතරම ලබාදෙනවා. අවිද්‍යාව, කාමය හා කර්ම යන සියල්ල නැති කරනවා. මනාව සිත පිරිසුදු කරනවා. අෂ්ට සිද්ධීන්ම ලබාදෙනවා. මිනිසා ඉතා බලවතකු හා ඥානවන්තයකු කරනවා. අවසානයේදී සංසාර චක්‍රයේ ඉපදීම හා මරණය නවත්වා ගැලවීම ලබාදෙනවා.
    නිරතුරුවම, නොකඩවා ගයාත්‍රි මන්ත්‍රය භාවනා කිරීමෙන් සිත පවිත්‍ර වී, පිරිසුදු කුසල් සිතිවිලි ඇතිවෙනවා. නිතරම යහපත කිරීමෙන් සියලු රෝග නිවාරණය වන අතර ආත්මය දියුණුව කරා ගමන් කිරීමද සිදුවෙනවා. ශ්‍රද්ධා ශක්තියෙන් යුතුව ගයාත්‍රි මන්ත්‍රය ජප කිරීමෙන් සියලු ආපදාවන් හා කරදරකාරී තත්ත්වයන් මඟහැරෙනවා.
    ගයාත්‍රි මන්ත්‍රය මේ මහා විශ්වයම වැලඳගත් බව ඇත්තක්. මන්ත්‍රය කියන්නා හට සත්‍යය අවබෝධවීම මෙහි තිබෙන සත්‍යතාව. මෙම මන්ත්‍රය සත්‍යය අවබෝධ කරනුයේ ඉතා
    සූක්‍ෂ්ම අන්දමට. අවබෝධයත්, ප්‍රගුණ කිරීමත් මත ගයාත්‍රි මන්ත්‍රය තදින්ම සිතට කාවැදුණු විට එහි බලය බලාත්මක වෙනවා.
    මෙම බලාත්මකවීම තුළ තිබෙනුයේ විශ්වශක්තිය. එය අධි බලැති කාන්දම් බලයකින් යුක්තයි. මෙමඟින් මනසෙහි කාන්දම් බලය වැනි ආකර්ෂණ බලයක් හටගෙන, වායුගෝලයේ පැතිර පවතිනා ධාර්මික හැඟීම්, ආනුභාවයන්, යහපත් සිතුවිලි, තරංග මාර්ගයෙන් ඊතරීය ද්‍රව්‍ය තුළින් ආකර්ෂණය කරගෙන එක්රැස් කරන්නට පටන් ගන්නවා. මෙසේ එක එක සිතිවිලි වායුගෝලය තුළින් ඇද ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් බලගතු සදාකාලික සිතිවිලිත්, දැනට ජීවත්ව සිටින හා ජීවතුන් අතර නොමැති මුනිවරුන්ගේ අධිෂ්ඨානයන්ද දිව්‍යමය වරප්‍රසාදයන් ලෙස භාවනා කරන්නා තුළ ඉබේම රැස්වෙනවා.

    මේ සියලු ශක්තීන් හා බලයත් වඩාලන ගයාත්‍රි යෝගාශ්‍රමය, දේවාලය ගොඩනැඟී තිබෙනුයේ රාවණාගේ ශක්තිය කවන ලද බිම්කඩ තුළ. මෙහි යම් බලයක් පවතින බව සැබෑවක් මෙන්ම එම බලය කවුරුන්, කුමක් පදනම් කරගෙන බිහිවූවක්ද නැවතත් පැහැදිලියි.
    ගයාත්‍රි මන්ත්‍රය කියන දෙවියන් අතර බ්‍රහ්ම, විෂ්ණු, ශිව දෙවිවරුන් ඉතා ප්‍රධානයි. මෙහි ඇති තවත් ඇත්තක්ද තිබෙනවා. එය පවසා තිබෙනුයේ ශ්‍රී ක්‍රිෂ්ණා පරමාත්මාණන්. ඒ මෙබන්දක්. වේද මන්ත්‍රයන් අතරින් ගයාත්‍රිය මම වෙමි. මෙම මහා බලගතු ගයාත්‍රි මන්ත්‍රය සොයාගත්තේ විශ්වාමිත්‍ර මහා ඍෂිවරයාණන්. මෙම ඍෂිවරයාණන් ගයාත්‍රි මන්ත්‍රය හා එහි රහස් සිදුහත් කුමරුන්ටද උගැන්වූ බවට වන සඳහනක්ද තිබෙනවා.

    නුවරඑළිය නගරය කෝවිල්වලට සම්බන්ධ නගරයක්. නුවරඑළියේ මෙම ගයාත්‍රි දේවාලය, යෝගාශ්‍රමය වගේම රම්බොඩ පිහිටුවා තිබෙන හනුමාන් කෝවිලත් රාවණා පුවතට සම්බන්ධ බිමක්. මේ හනුමාන් කෝවිල පිහිටි බිමත් ඉතා පූජනීයයි. ශක්ති වඩවන බිමක්. බලය කැඳවන භූමියක්.
    මේ සියලු බිම් කඩවල් වඩාත් පූජනීය වනුයේ රාවණාගේ යෝග ධර්මයන්හි ශක්තීන් පිහිටුවාලූ නිසයි. මේ හැම දෙයක්ම පැහැදිලි කරනුයේ එකම එක කාරණයක්. එනම්, අද ශක්ති වඩවන යම් භූමි භාගයක් තිබේද, එය රාවණාට සම්බන්ධ වූ බිම් කඩක් වන බවයි.
    මේ බිම ඉතා පූජනීය ස්ථානයක් පමණක් තිබිය යුතු බවට පැහැදිලි සාක්‍ෂි තිබෙනවා. ඒ මෙම බිම්කඩ තුළ මෙයට කලින් පවුල් ජීවිත ගත කිරීමට පවුල් කිහිපයක් උත්සාහ ගත් අවස්ථාවලදී සිදුවූ අමිහිරි සිදුවීම්. ඔවුන් සියල්ලන්ම මෙබිමෙන් නෙරපා දැමුවේ කිසියම් බලවේගයක්. මෙයින් කියනුයේ මේ බිම පූජාවන් සඳහාම කැපවිය යුතු භූමියක්ම විය යුතු බවයි.


    අරුණඩේල් විජේරත්න
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රාවණා ශක්තිය රැඳුණු භූමියක සැඟවුණු රහස් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top