-->

728x90 AdSpace

  • Latest News

    Monday, September 8, 2014

    සජිත්ට තැන දෙන්න රනිල් තීරණය කරයි


    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා පත්කිරීමේදී සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රමුඛත්වය ලබාදෙන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පස්සරදී පැවැති එජාප 68 වැනි සම්මේලනයේදී සපථ වෙයි.

    පක්ෂයේ 68 වැනි සාංවත්සරය සමරමින් පස්සර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පෙරේදා (6දා) පැවැති සම්මේලනයේදී රැස්ව සිටි පාක්ෂිකයන් හමුවේ එසේ සපථ වූ රනිල් වික්‍රමසිංහ මහතා තනතුරු පිළිබඳ තීරණ ගන්නේ එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය බවත් ඒ අනුව මේ මස 20 වැනිදාට පසු ඒ අයට අදාළ තනතුරු ලබාදෙන බවත් කීය.

    "ප්‍රේමදාස එන්න, අපි ශ්‍රී .ල.නි.පය පරදවන්න එකට එකතුවී එක ගමනක් යමු" යැයි ජේ.ආර්. ජයවර්ධන මහතා තම ආදරණීය පියාණන්ට කළ ඇරැයුම් එදා එතුමා පිළිගත් බව එහිදී සිහිපත් කළ එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා ඒ ආකාරයටම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඥාතිවරයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා "එ.ජා.පය ජයග්‍රහණය කරන මාවතට තමන් සමඟ එකතුවන ලෙසට මෙදා තමන්ට කළ ඇරැයුම සිය හදපත්ලෙන්ම පිළිගන්නා බව කීය.

    කෙසේ වෙතත් එ.ජා.ප.යේ 68 වැනි සාංවත්සරය වෙනුවෙන් පස්සර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති
    ජනහමුවට එක්වූ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අබිබවා යන ආකාරයේ පාක්ෂික ප්‍රතිචාර හිමිවනු දක්නට ලැබිණ.
    පැමිණ සිටි දස දහසකට අධික මහජනතාව සජිත් ප්‍රේමදාස මහතාගේ සම්ප්‍රාප්තිය පිළිගත්තේ අපේ නායකයා ආවා, අපේ ඇත් රජු ආවා, අපේ රජාට ජයවේවායි ඔල්වරසන් දෙමිනි.

    "අපේ ඇත් රජු සජිත්, සජිත් ප්‍රේමදාස අපට ඕන" "බොරු නායකයන් අපට එපා" යනාදී ලෙස ඔවුන් නැඟූ ඔල්වරසන් හඬ විනාඩි ගණනාවක් එක හ¾ඩින් පැවැතිණි.
    උත්සව සභාවේ වැඩකටයුතු කරගෙන යන අතරේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම කියැවෙන හැම අවස්ථාවකම දැඩි උදේ‍යා්ගයකින් යුතුව සජිත් අපට ඕන යැයි රැස්වීමේ සිටි පිරිස් හඬ නඟමින් ඝෝෂා කිරීම නිසා රැස්වීමේ කටයුතු වලට දැඩි බාධාවක් එල්ල විය.

    සජිත් ප්‍රේමදාස මහතාගේ නම සඳහන් කරන හැම මොහොතකම රතිඤ්ඤා දල්වමින් තම පී්‍රතිය ප්‍රකාශ කිරීම නිසා පළාතම ගිගුම්දුන් අතර එහි දැඩි ශබ්දය අවසන් වනතෙක් කථිකයන්ට තම කතාව ආරම්භ කිරීමට නොහැකිව බොහෝ වේලාවක් බලාසිටීමට සිදුවීමද විශේෂයකි.

    සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව ආරම්භ කිරීමට හොහොතකට පෙර එහි සකස්කොට තිබූ ආරක්ෂක වැටවල් කඩාබිඳ දමමින් වේදිකාව අසලට පැමිණීමට රැස්ව සිටි ජනතාව දැරූ උත්සාහය නිසා ඒ අසල සිටි මාධ්‍යවේදීන්ට දැඩි බලපෑමක් එල්ල වූ අතර එක් මාධ්‍යවේදියකුගේ ඇඟ මතට එම වැට කඩා වැටීමෙන් ඔහුට තරමක තැළීම්ද ඇතැම් මාධ්‍යවේදීන්ගේ විද්‍යුත් උපකරණවලටද හානි සිදුවූ මේ අවස්ථාවේ අසල සිටි පොලිස් නිලධාරීන්ගේ කබා කිහිපයක්ද අස්ථාන ගතවී ඇති බව අනාවරණය විය.
    හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය හේමා ප්‍රේමදාස මැතිනිය සහ දුලංජලී ප්‍රේමදාස මහත්මියද සහභාගිව සිටියහ. රැස්වීම අවසන්වීමෙන් පසු දැඩි වාහන තදබදයක් පැය දෙකකට ආසන්න කාලයක් පැවැතිණ.
    උපතිස්ස පෙරේරා
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සජිත්ට තැන දෙන්න රනිල් තීරණය කරයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top