-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, September 23, 2014

    ඔබේ සහකරුවා සහකාරිය අංකයෙන් හදුනා ගන්න

    මේ සඳහා ඔබට හිමි නමත් ඔබ ඇසුර පවතින හෝ යුග දිවියට පිවිසීමට බලාපොරොත්තු වන අනාගත සහකරුගේ හෝ සහකාරියගේ නමත්,අංක වලට අනුව ගලපා ප්‍රතිඵල බලා ගැනීමට ඇත. මේ සඳහා ප්‍රථමයෙන් ඉංග්‍රීසි අකුරු 26 ට හිමි සංඛ්‍යයා දත යුතු වේ . ඔබේ නමට එන සංඛ්‍යාවන්ගේ එකතුව සංකේත අංකයට ගෙන අනෙක් නමේ සංඛ්‍යයාද සංකේත අංකයට ගෙන ගෙන සැසඳීම මින් අදහස් කෙරේ. උදාහරණයක් වශයෙන් ගතහොත් නුවන් (NUWAN ) යන නමට යෝග්‍ය අංක කවරේදැයි බලමු. මෙහි සිසිර යන ඉංග්‍රීසි අක්ෂරවලට අංක යොදා ගත යුතුය.

    සංඛ්‍යා හා අංක
    A- 1 B- 2 C- 3 D- 4 E- 5 F- 8 G- 3 H- 8 I- 1 J- 1 K- 2 L- 3 M- 4 N- 5 O- 7 P- 8 Q- 1 R- 2 S- 3 T- 4 U- 6 V- 6 W- 6 X- 6 Y- 1 Z- 7

    මෙම සංඛ්‍යාවන්ට හිමි අක්ෂර අනුව NUWAN නමට හිමි අංක මෙසේය.
    NUWAN
    5 + 6 + 6 +1 + 5 = 23 කි.
    සංකේත අංකයට ගත් විට 23= 2 + 3 = 5 වේ.

    මේ අනුව සංකේත අංකය වන්නේ අංක 5යි. මේ අනුව අංක 3, 6, 9 යන සංකේත අංක හිමි පෙම්වතියක්/පෙවතියක් යෝග්‍ය වනු ඇත.
    අංක අනුව ගති පැවතුම් හා යෝග්‍ය අංක


    අංක 1
    ස්ථිර අධිෂ්ඨාන ශක්තියකින් යුතුව කටයුතු කිරීම නිසා ජයග්‍රහනය ළඟා කර ගැනීමට හැකිවනු ඇත. නිර්භීතව ඉදිරියට යෑමේ අධිෂ්ඨාන ශක්තියකින්ද යුක්තවේ. ස්වාමියාගේ ගරු සැලකිලි ලැබීමටද ඉවහල් වනු ඇත . චාම්භාවය ඉතා අගය කොට සලකන අංක එක හිමි තරුණ තරුණියන් ස්වභාව ධර්මය තුලින් සිය ජිවිතයට ආදර්ශ එක්කර ගැනීමටත් දිවි මග සපල කර ගැනීමටත් සමත්වනු ඇත. අංක 2,5,6,9, හිමි ය සමඟ මිතුදම් ඇති කර ගැනීමෙන් සබඳකම් තහවරු වනු ඇත. යුගදිවියට පිවිසීම සඳහාද මෙම අංක ඇති අය යෝග්‍ය වනු ඇත.



    අංක 2
    සහජ දක්ෂතා වලින් ඵල ප්‍රයෝජන ලැබීමට හේතු සහිත වෙයි. මයා කාරී ස්වභාවයකින් සිය කටයුතු සපල කර ගැනීමටද දක්ෂයෙකි. උඩඟු ස්වභාවයක් පෙන්නුම් කරන මෙම ජන්මීන් කලා ක්ෂේත්‍රයටද ලැදියාව දක්වනු ඇත. යුද හමුදා වැනි ක්ෂේත්‍රවල විධායක නිලතල දැරීමටද අංක 2 ක හිමි පුරුෂ පක්ෂයට හැකියාව ඇති කෙරේ. අංක 1, 6, 9 මිතුරු සම්බන්දතා වලට හා පෙම් සබදතා වලට යෝග්‍ය අංකයන්වනු ඇත.



    අංක 3
    එඩිතරව තීරණ ගැනීමේ ශක්තියක් නොමැත. එදිනෙදා කටයුතු සඳහා කාලය කැප කරන අතර කල්පනා ශක්තිය දියුණු කර ගැනීම අතින් එතරම් තැකීමක් නැත . සිය අභිමතාර්ථ සිද්ධිය ගැන පමණක් සලකන ය වෙති . තමනට අසාධාරණයක් වෙනවාට කිසිම අයුරකින් කැමති නැත . අංක 4 , 8 හිමි ය සමඟ සම්බන්දතා ගොඩනගාගෙන සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු ඇත


    අංක 4
    මෙම අංකය හිමි ය ප්‍රඥාවෙන් යුතුව යමක් කිරීමට ප්‍රථම දුර දිග සොයා බලා කටයුතු සාර්ථක කර ගැනීමට මඟ පාදා ගන්නේය. අධ්‍යාපන කටයුතු වලින්ද සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. නිසසල අදහස් ඇත්තේය. අන්‍යයන්ගේ ගරු සැලකිලි ලැබීමට හා ජනප්‍රියභාවයට පත්වීමට ඉවහල් වෙනු ඇත. පරිත්‍යාගශීලි භාවයෙන් යුක්ත වේ. ඇසුර සඳහාත් යුගදිවි ගමන් මඟට පිවිසීම සඳහාත් අංක 1, 7 හිමි ය වඩාත් යෝග්‍ය වනු ඇත


    අංක 5
    ඉක්මනින් තීරණ ගන්නා නොසන්සුන්කාරී ස්වභාවයකින් කටයුතු කරන අය වෙති . අන්‍යයන්ගේ අදහස් අනුවද වෙනස්වන සුළු ගති ඇත . යුද කටයුතු සම්බන්ධයෙන් ආඥාදායක තත්වයේ කාර්යන  සඳහාද යෝග්‍ය වෙයි. නිර්භීතභාවය විදහා පෙන්වනු ඇත. සිතේ හටගන්නා හදිස්සි චකිතයක්ද විටෙක ඇතිවේ. අංක 3, 6, 9 සංඛ්‍යා හිමි අය සමඟ යුග දිවි සම්බන්දතා ඇතිකර ගැනීමෙන් සාර්ථක ඵල ලැබෙනු ඇත. මිතුදම් බැඳීම් සඳහාද යෝග්‍යවෙයි.


    අංක 6
    නිතර ප්‍රීතිමත් භාවයෙන් දිවි පෙවත ගත කිරීමට කැමති අය වෙයි. සංගීතයට චිත්‍ර කලාවට ඉමහත් ආදරයක් දක්වනු ඇත. බාහිර කරදරකාරී වාතාවරණයක් තුල ජිවත් වීමටද කැමැත්තක් නොමැති අය වෙති. අන්‍යයන්ගේ ජනාදරයට පහසුවෙන් ලක්වේ. නිතර ප්‍රීතියෙන් කල් ගත කරන අතර චාම් දිවි පෙවතක් ගත කරන්නෝ වෙති. යුගදිවියේ රසාස්වාදය ලැබීමට අතිශයෙන්ම ඉවහල් වනු ඇත . අංක 4,8,9 හිමි ය සමඟ යුග දිවි සම්බඳතා හා මිතු දම් ඇති කර ගැනීම යෝග්‍ය වේ.


    අංක 7
    වැඩ කටයුතු වල නිතර දීම මොවුන්ගේ සිරිතයි. ගුප්ත විද්‍යා ශාස්ත්‍ර හැදෑරීමට හා ඵල ප්‍රයෝජන ලැබීමටද හැකියාවක් පවතී. කාමාධික භාවයෙන්ද යුක්තවේ. කරුණා , මෛත්‍රී ගුණධර්ම ප්‍රගුණ කිරීමට හා ධ්‍යාන භාවනා සම්භන්ධ අධ්‍යයනය කිරීමටද මදිවියෙන් පසු කාලය වඩාත්
    නැඹුරු වනු ඇත. විද්‍යාඥයින් වීමේ බලපෑමද මෙම අංකය තුලින් ඇති වේ. විවාහ සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා අංක 1, 2, 4 සංඛ්‍යා අදාල හිමියන් යෝග්‍ය වේ.


    අංක 8
    සෘජු ප්‍රතිපත්ති ගරුක සත්‍යවාදී ජන්මීහු වෙති. නිතර අවිවේකී ස්වභාවයකින් කල් ගෙවයි. යම් කිසිවක් සම්බන්ධයෙන් කල්පනාකාරී ස්වභාවයෙන් පසු වීමද මොවුන්ගේ චරිත ලක්ෂණයට අඩංගු වෙයි. හදිස්සි අපදා අවස්ථාවන්ට මුහුණ පෑමට සිදුවේ. ජිවිතයේ යථා තත්වය අවබෝධ කර ගැනීමටද උනන්දු වේ. අංක වශයෙන් 3, 5, 9 හිමි ය සමඟ සම්බන්ධතා ගොඩනැගෙනු ඇත. ඇසුර සඳහා මෙම හිමියන් යෝග්‍ය වනු ඇත.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබේ සහකරුවා සහකාරිය අංකයෙන් හදුනා ගන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top