-->

728x90 AdSpace

  • Latest News

    Monday, August 25, 2014

    සෙරප්පුව සැඟවුවැයි අයියා මල්ලිට පිහියෙන් අනී

    බළන්ගොඩ නගරයට ආසන්න අක්කර 18 ගමේ අයියා මලෝ දෙදෙනා අතර ඇති වූ හබයකින් 15 හැවිරිදි දරුවා 11 හැවිරිදි මල්ලීට පිහියෙන් ඇන තිබේ. එම පිහිය උදරයේ ඇටයක හිරවීම නිසා තුවාලකරු බළන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ශල්‍යකර්මයකින් පිහිය ඉවත්කර තිබේ. දරුවාගේ ජීවිතය බේරාගෙන ඇත.

    සෙරෙප්පුව සැඟවීම නිසා දුරදිග ගිය ආරවුල පිහි ඇනුමකින් කෙළවර වී ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.තම සොහොයුරාට පිහියෙන් ඇන්න බව කියන වැඩිමහලු සොහොයුරා බළන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් එම්.එම්. රෂීක් මහතාට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 28 වැනිදා දක්වා දෙහිඕවිට මුත්තෙට්ටු රැඳවුම් නිවාසයේ තැබීමට නියෝග කෙරිණි.

    බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.


    බළන්ගොඩ - එස්. ධර්මසේන
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සෙරප්පුව සැඟවුවැයි අයියා මල්ලිට පිහියෙන් අනී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top