-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, August 26, 2014

    මුවමස් කිලෝ 3ක් ආයුධ සමඟ සැකකරුවෙක් කොටුවේ

    නමුණුකුල වන රක්ෂිතයේ දඩයම් කිරීම සඳහා බදුල්ල - පස්සර මාර්ගයේ පුද්ගලයකු ත්‍රිරෝද රියකින් යන බවට බදුල්ල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව නමුණුකුල හන්දියේ මාර්ග බාධක යොදා වැටලීමක් සිදු කර තිබේ.

    එහිදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ තුවක්කුවක්, එයට යොදන ඊයම් බෝල, මුවමස් කිලෝ 3ක්ද, දඩයම් විදුලි පන්දමක්ද සමඟ පුද්ගලයකු හා ත්‍රිරෝද රියක් කොටු කරගෙන තිබිණි.

    බදුල්ල බදුලුපිටියේ පදිංචි මෙම සැකකරු හා අදාළ නඩු භාණ්ඩ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එල්. එස්. එල්. බණ්ඩාර මහතාගේ උපදෙස් මත බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මුවමස් කිලෝ 3ක් ආයුධ සමඟ සැකකරුවෙක් කොටුවේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top