-->

728x90 AdSpace

  • Latest News

    Monday, August 25, 2014

    මීටරය සිදුරු කර හොරෙන් විදුලිය ගත් ඛනිජ තෙල් ප්‍රා/ කළමනාකරුට දඩ


    විදුලි මීටරය සිදුරුකර නීතිවිරෝධී ලෙස විදුලිය ලබා ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරුවකුට අත්තනගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්.වයි.එම්. ඉර්ෂදීන් මහතා මුදලින් රුපියල් දහදාහක රජයේ ගාස්තු ගෙවීමට නියෝග කෙළේය.

    මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවූ අලාභය වන රුපියල් 75,264ක මුදල විදුලිබල මණ්ඩලයට ගෙවා රිසිට් පත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්. අබේගුණවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් මොහු රජයේ සේවකයකු බැවින් දඩමුදල් නොගෙවා රජයේ ගාස්තු ගෙවීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

    මෙසේ දඬුවම් ලැබුවේ නිට්ටඹුව රන්පොකුණගම පදිංචි ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරුවකු වන ශ්‍රී පාලි ජයන්ත කුමාර ද සිල්වා නමැති අයයි.මෙම වැටලීම කළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ විදුලි අධිකාරි හා විමර්ශන නිලධාරි එස්. ආනන්ද මහතා පැමිණිල්ල මෙහෙයවීය
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මීටරය සිදුරු කර හොරෙන් විදුලිය ගත් ඛනිජ තෙල් ප්‍රා/ කළමනාකරුට දඩ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top