-->

728x90 AdSpace

  • Latest News

    Thursday, August 21, 2014

    පාස්පෝට් රැජන මාර්ක් බිස්නස් එක මාර ෂෝක්

    පාස්පෝට් රැජන මාර්ක් බිස්නස් එක මාර ෂෝක්




    ඔයාට පාස්පෝට් එකක් තියෙනවද?'
    ඇහුවට මොනවත් හිතන්න එපා. මේ නිකමට වගේ අහන්නෙ. හැබැයි මට හොඳටම විශ්වාසයි මේ කතාවෙ එක පැත්තක් විතරක් නෙවෙයි හත්අට පැත්තක්ම තියෙනව. අහුවෙන නොවෙන එක අයිති ඔයාට. වෙන විදියකට කියනව නං කරන නොකරන එක අයිති ඔයාට. ඒත් මේ ගැන කියන එක මට අයිති වැඩේ. මම ඒ වැඩේ කරන්නෙ සමහර විට මේක වගකීමක්. සමහරවිට යුතුකමක්.


    රට වෙනස් වෙලා. ඉතිහාසය විකුණන්න පුළුවන් තැනට ඇවිල්ල. වටිනාකම දෙගුණයක්, තුන්ගුණයක් නෙවෙයි හත් අට ගුණයක් නැත්නම් සිය දාස් ගණනකින් වැඩියි. ඒ නිසා මේ පිටුපස වියරුවෙන් වගේ
    එළවගෙන යන්න අයිතිය ඔයාට තියෙනව. ඒ එහෙම වෙන්නෙ ඒක ඔයාගෙ අයිතිය නිසා විතරයි. නැත්තං ඒක හොඳ වැඩක් නෙවෙයි. නරක වැඩක් කිව්වට නරක වැඩක්මත් නෙවෙයි. මෝඩ වැඩක් කියල කියලත් බෑ. ඇත්තටම මේවට ගැළපෙන නම මොකක්ද කියල ඔයාම තීරණය කර ගන්න. හැබැයි එකක් යෝජනා කරන්නම්. මේ පිටුපස ලුහුබැඳ යන්න එපා.
    'වල්ලාපට්ට ගහක් තියෙනව මචං' වැඩක් දෙමුද...? ගොඩයන්න පුළුවන්...'
    කියල හිතපු අයත් මේ කතාව කියවනව කියල මම හොඳටෝම දන්නව.


    'කිඹුල් හූනො ඉන්නව ඕනෑ තරම් විකුණ ගත්තොත් නං ඉතින් ගොඩම තමයි...' කියල හිතපු අයත් ඇති ඕන තරමක්. එයාලටත් මේක කියෙව්වය කියලා වරදක් නෑ. ලොකුවට හිතට ගන්නවත්, ඔළුවට දාගන්නඩත් එපා. ඒ කියන්නෙ හැම තත්පරේකම ඔළුවට එන විදියට හිතේ තියා ගන්න එපා. මේ වචනවල තියෙන්නෙ මුදල්මය වටිනාකමක් කියල හිතන්න එපා. කොහොමටත් මේ කතාවෙ පරස්පරයක් තියෙනව. ඒ පරස්පරයටත් වෙනස් වටිනාකමක් තියෙන්නෙ. සමහරවිට වටිනම කොටස ඒ කොටස. නමුත් ඒ කොටසට වඩා අපි කතා කරන්නෙ වෙනත් කොටස් ගැන.


    දැං ඔයාට ප්‍රශ්නයක් ඇතිනෙ මම මේ කතාව මේ විදියට පටන් ගත්තෙ ඇයි කියල.
    'ඔයාගෙ පාස්පෝට් එක තියෙනවද?'
    කියල ඇහුවෙ වෙන දේකට
    'වෙන දේ මොකක්ද?'
    දැං හිතෙනවනෙ එහෙම.
    'සාමාන්‍යයෙන් පාස්පෝට් එකක් පාවිච්චි වෙන්නෙ මොකටද?'
    මේක මහ ගොම්ම ගොං ප්‍රශ්නයක් කියල හිතෙන එක ටිකකට කල් තියල මගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නකො.
    'පැහැදිලියිනෙ,


    රට යන්න නෙ...'
    හරි, රට යන එක හැර වෙන මොනව හරි දෙයක් කරන්න පුළුවන්ද?
    ඒකට උත්තර දෙන්න කලින් හිතන්නකො හූනෙක් කවදාවත් හිතන්න ඇතිද තමන්ට ඔය තරම් වටිනාකම් හම්බ වෙයිද කියල. සතපහකට වටින්නෙ නැති කැත සතෙක් කියල. ගෑනු ළමයි මර බයේ කෑ ගහන කොට, නුරුස්සනා බැල්මක් බලල උළුඅස්සක් අස්සෙ හැංගෙනව හැර හූනෙක්ට කොහෙද ඔහොම තැනක් තිබුණෙ. ඒත් අන්තිමට හූනෙක් ගිය උඩ දැක්කනෙ. ඒ කාලෙ අපිවත් වටින්නෙත් නෑ කබර හූනො තරම්. ඉතින් එහෙම එකේ පාස්පෝට් එකකින් මොනවද කරන්න පුළුවන් කියල හිතනවට වඩා නරකද මොනවද කරන්න බැරි කියල හිතන එක.


    ඔව් ඇත්තමයි. මේ කියන්න යන්නෙ පාස්පෝට් එකකින් රට යනවට අමතරව කරන්න පුළුවන් දෙයක් ගැන. හැබැයි මේව මේ අපි කරන ඒව නෙවෙයි. කවුද කරන්නෙ කියල අහන්නත් එපා. කවුරු හරි කරනව.
    'වල්ලාපට්ට,
    කිඹුල් හූනො,
    අකුණු සන්නායක,
    මුහුදු අස්සයො,
    ගෝනුස්සො,
    ඊළඟට,
    'පාස්පෝට්...'
    කතාව මෙහෙමයි... පාස්පෝට් එකක් තිබුණා කියල මේ වැඩේ ගොඩදාගන්න බෑ. මේකටත් තියෙනව හැමදාකම වගේ කොන්දේසි ටිකක්. ඒව ගාණට හරි ගියොත් ගොඩලු.


    පාස්පෝට් එකට අදාළව, නමක් - ගමක් ඇඩ්‍රස් එකක් සම්බන්ධ ප්‍රශ්නයක් නෑ කියල තමයි කියන්නෙ. ඕව ගැනත් ටක්කෙටම කියන්න බෑ. හරි ඒ ගැන පස්සෙ කතා කරමුකො. කාරණාවට බැහැල. කතාව මේකයි. බිස්නස් එකට අදාළ වෙන්නෙ මේ කොටස...
    එක්දහස් නවසිය හතළිහට වඩා පරණ වෙන්න ඕන, ඉංග්‍රීසි රැජනගෙ සීල් එක තියෙන්න ඕන...'
    හරි තිබුණොත් එතකොට මොකද වෙන්නෙ?
    මොනවවත් වෙන්නෙ නෑ. ඇස්පියාගෙන ගාණ කපන්න පුළුවන්ලු.
    'කීයද ඔය කියන ගාණ...'


    පාස්පෝට් එකක් තිබුණත් නැතත්, අඩුම තරමෙ එහෙම එකක් ගැන හිතලවත් නැති වුණත් ඔයා දැන ගන්න ආසන්නම දේ ඒකනෙ. ලක්‍ෂ පහළොවකට වඩා වැඩියෙන් හොයන්න පුළුවන්ලු.
    හෝව්... හෝව්... හෝව්...
    දැං ඔළුව ගිනිගත්ත වගේ එක්දහස් නවසිය හතළිහට කලින් පාස්පෝට් හොයන්න පටන් ගන්න එපා. මොකද මේ හැම එකකටම වෙනස් කතාවක් තියෙනව කියල අපි හිතන හින්ද.


    කොහොම නමුත් ලක්‍ෂ පහළොවකට ගන්න, නවසිය හතළිස් හතරට කලින් ලංකාවෙ පාස්පෝට් නිකුත් කරල තියෙනවද කියලා අපි හොයල බැලුව.
    තතු දන්න අයගෙන් අහල බැලුවම ලැබුණ උත්තරේ අනුව ශ්‍රී ලංකාවෙ එක්දහස් නවසිය හතළිස් හතර වෙනකොට පාස්පෝට් නිකුත් කරල නෑ. ලංකාවෙ පළමු වැනි පාස්පෝට් එක නිකුත් කරන්නෙ එක්දහස් නවසිය හතළිස් නවයෙන් පස්සෙ. එහෙම නං ඉතින් මෙච්චර වෙලා මේ ලිපිය කියවපු එකත් බොරු වැඩක්නෙ නේද?. නෑ... නෑ... එහෙම හිතන්න කලබල වෙන්න එපා. අපි එහෙම පලක් නැති කතාවක් කියල ඔයාගෙ කාලය නාස්ති කරන්නෙ නෑ කියලා ඔයා දන්නවනෙ. අනූ අයියලා, ප්‍රභාත් අයියල, ලෝකෙ පෙරළලා හරි අරගෙන එන කතා ගැන ඔයා තියපු විශ්වාසෙ, මමත් ඒ විදියටම රකින්න ඕනනෙ. ඒ නිසා මේ කතාව එතැනින් ඉවර වෙන්නෙ,

    තවදුරටත් ඉදිරියට මේ අපි කියන ජාතියෙ බි්‍රතාන්‍ය මහ රැජනගේ ලාංඡනය සහ මුද්‍රාව සහිත පාස්පෝට් ලංකාවෙ නැත්තෙ නෑ. හොයල බැලුවම අපිට හම්බවුණා උඩින්ම
    'ඕපඪබඪඵඩ ර්ථීචඵඵනධපබ'
    කියල මුද්‍රණය කරල තියෙන. ඊට පහළින් බි්‍රතාන්‍ය රැජනගේ ලාංඡනය සහිත. ඊට පහළින්,
    'ඛ්ඡ්කඹ්ර්ණීව්'
    කියල නිකුත් කරපු පාස්පෝට්. ඒ අතරෙ ඔය ගැන හොයාගෙන ගිය මට දැක ගන්න ලැබුණා මේ බිස්නස් එක ජාතික වශයෙන් සරුවට කර ගෙන යන විදිය.
    ලංකාවේ ප්‍රධාන පෙළේ අන්තර්ජාල වෙළෙඳ අඩවියක දාලා තිබුණා ප්‍රසිද්ධ දැන්වීමක්. ඒකෙ දාල තිබුණෙ මෙහෙම දැන්වීමක්.
    'ඔයාගෙ ළඟ තියෙනවද මේ පෙනෙන්න තියෙන විදියේ බි්‍රතාන්‍ය පාස්පෝට් එකක්.
    එහෙම තියෙනව නම්, ඡායාරූපයක් මට එවන්න. සමහර විට ඒක 1940, 1930, 1920, 1910 වෙන්න පුළුවන්...'


    කියල ඒකට දාපු ඛ්ධථථචදබ අතර ටිකක් වෙලා සැරිසරලා බලපුවම දකින්න හම්බවුණා මේ ගනුදෙනුව සිද්ධවෙන විදිය පවා කතා කෙරිල.
    'ප්‍රශ්නයක් නෑ...
    ලක්ෂ පහළොවක් නැත්තං විස්සක් වුණත් දෙන්න ලෑස්තියි කියල පළකරල තිබුණා. ඒ අනුව අපිට හොඳටෝම පැහැදිලියිනෙ මේ ගනුදෙනුව වෙනවය කියල. ඒකට ඇත්තටම ගනුදෙනුවක්ම කියල කියන්නත් බෑ... ඒක ජාවාරමක්.
    එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇතිනෙ.
    මම ම කිව්වනෙ, ලංකාවෙ පාස්පෝට් නිකුත් කරලා තියෙන්නෙ එක්දහස් නවසිය හතළිස්නවයෙන් පස්සෙ කියල. එතකොට කොහෙන්ද ලංකාවට පාස්පෝට්...
    කියල වරද්ද ගන්න එපා.


    මේ හොයන්නෙ රැජනගෙ ලාංඡනය සහිත පාස්පෝට්. ඒව ලංකාවෙන් නිකුත් කරපුව නෙවෙයි. බි්‍රතාන්‍ය ජනරජයෙන් නිකුත් කරපු ඒව. සමහර විට ඒව ඛ්ඥරතධද කියන නමින් නිකුත් කරපුව නොවෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් හේතු කීපයක් තියෙනවා. ඇත්තටම මේ විදියේ පාස්පෝට් තියෙනව නම් කොහොමද එහෙම තියෙන්නෙ කියල අපිට හොයල බලන්න පුළුවන්.


    එකක් තමයි ලංකාවෙම මිනිස්සු ගාව තියෙන්න පුළුවන් ලංකාවෙ මිනිස්සු විවිධ අවශ්‍යතාවලට බි්‍රතාන්‍යය යටත් විජිත රටවල ජීවත් වුණානෙ. එහෙම වෙලාවක එහෙම කෙනෙක්ට ඒ ඒ රටවලට යන්න අවශ්‍ය වෙන්නත් ඇති. ඒ අවශ්‍යතාවලට අදාළව ඒ අය තමන්ගෙ නමට 'පාස්පෝට්' එකක් ලබා ගන්නත් ඇති. ඒව කාලයාගෙ ඇවෑමෙන්, විවිධ පරිසර සාධකත් එක්ක තරග කරන අතරෙ විනාශ නොවුණනම්, ඒව අදත් කොහේ හරි ඉතිරි වෙලා ඇතිනෙ. අන්න ඒව මේ කියන වර්ගයට අයිති ඒව වෙන්න පුළුවන්.


    ඒ වගේමයි අපේ රටේ සමහර සල්ලිකාර පවුල්වල උදවිය බි්‍රතාන්‍යයට ගියානෙ උසස් අධ්‍යාපනය ලබන්න. එහෙම අය ළඟත් මේ විදියට පාස්පෝට් තියෙන්න පුළුවන්. ඒව ඒ අය බි්‍රතාන්‍යයෙන් ආපහු ලංකාවට ආවට පස්සෙ කොහේ හරි තියන්න ඇති.


    ඒ වගේම අපි හො¼දාකාරවම දන්නව එක්දහස් නවසිය හැත්තෑ හයේ තමයි බි්‍රතාන්‍ය ජාතිකයො මුලින්ම ලංකාවට එන්නෙ. එහෙම ඇවිත් මුලින්ම කරන්නෙ ලන්දේසීන්ව පන්නල ලංකාවෙ වෙරළබඩ පළාත් අල්ල ගන්න එක. එහෙම අල්ලගෙන ක්‍රමක්‍රමයෙන් කොහොම කොහොම හරි එක්දහස් අටසිය පහළොව වෙනකොට, කන්ද උඩරටත් එක්ක මුළු රටම බි්‍රතාන්‍යයට යටත් වෙනව. එතැනින් පස්සෙ එක්දහස් නවසිය හතළිස්අට වෙනකම්ම අපේ රටේ සියලුම කටයුතු සිද්ධ කරන්නෙ බි්‍රතාන්‍ය ජාතිකයො. ඔය විදියට බලනකොට එක්දහස් නවසිය හැත්තෑ හයේ ඉඳල එක්දාස් අටසිය පහළොවට අවුරුදු දහනවයක්. එතැන ඉඳල එක්දහස් නවසිය හතළිස් අට වෙනකම් අවුරුදු එකසිය තිස්තුනක්. ඒ කියන විදියට අවුරුදු එකසිය පනස්දෙකක්. මේ අවුරුදු එකසිය පනස් දෙකට ලංකාවට කොයිතරම් නං සුදු ජාතිකයො එන්න ඇතිද?
    පාලකයො, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයො, සිවිල් සේවකයො, හමුදා නිලධාරි ඇතුළුව ලක්ෂ ගණනාවක් එන්න ඇති. ඒ අය අතරින් සමහර අය ලංකාවේ දීර්ඝකාලීනව ජීවත්වෙලා හතළිස් අටෙන් පස්සෙ යන්න ගියා. සමහර අය හතළිස් අටෙන් පස්සෙත් අපේ රටේ ජීවත් වුණා. ඒ අය මියගියේ පවා ලංකාවේදී. එතකොට එහෙම අයගෙ පාස්පෝට් තාමත් ලංකාවෙ කොහේ හරි තියෙනව වෙන්න පුළුවන්.

    ඒ විදියට බොහොම පැහැදිලිව කියන්න පුළුවන් කවුරු කොහොම කිව්වත් ඔය කියන ජාතියෙ පාස්පෝට් තියෙනව වෙන්න පුළුවන්.
    එතකොට අපිට තියෙන ප්‍රශ්නය මොකටද මෙව්ව මේ තරම් ලොකු ගාණක් දීල ගන්නෙ කියන එක.
    ප්‍රසිද්ධ කාරණය තමයි පරණ බඩු එකතු කරන්නන්ගෙ ඉල්ලීම කියන එක.
    'ඒත් මේ තරම්ම ලොකු මුදලක්...?'
    ඒක මෙහෙමයි. මේ තරම්ම ලොකු මුදලක් පාස්පෝට්වලට දීලා. හොයන්නෙ පාස්පෝට් දහස් ගණනකින් එකක් වෙන්න පුළුවන්. සමහරවිට ඒ පුද්ගලය අතිශය සුවිශේෂ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ පාස්පෝට් එකක් ලක්ෂ පහළොවක්, විස්සක් නෙවෙයි ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි දහයක් පහළොවක් වෙන්න පුළුවන්. ඒ පාස්පෝට් එක ලැබෙනතුරුම මේ වැඩේ කෙරෙනව.


    ඔය පාස්පෝට් එකක් හොයාගෙන ගන්නව කියන කෙනාට ඔයා ඕක දෙන්න. එයාට ඕක නොගන්න හේතුවක් හොයා ගන්න එක හරි ලේසියි. මම කියන්නෙ මේක වෙනවම කියල නෙවෙයි. මෙහෙම දෙයක් විය හැකියාවක් තියෙනවාය කියන්න. අහුවෙන්න එපා කියන්න.
    අදාළ කෙනා ලක්ෂ පහළොවක් දෙනව කිව්වම, අපි කොච්චර කිව්වත් ඔයා ඔය පාස්පෝට් එකක් හොයා ගත්තම ඕන දිහාවකට යනව, ඔය පාස්පෝට් බිස්නස් එක කර ගන්න. එහෙම අරගෙන ගියාම අදාළ පුද්ගලයා පාස්පෝට් එක අතට අරගෙන බලනව. මොකද මේ බිස්නස් එකෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ ගැනනෙ ඔයා හැම වෙලාවකම බලන්නෙ. ඒ නිසා ඔයා හැම වෙලාවකම මේ වැඩේ කරන්නෙ කොන්දේසි විරහිතව. ඒත් ඔයාට ලක්ෂ පහළොවක් නැත්තං විස්සක් තව තප්පර ගාණක් ඇතුළත ලබා දෙන්න යන ආදරණීය මිත්‍රයගෙ කොන්දේසිවලට ඔයා එකඟයි. ඒත් ඔයා දන්නෙ නෑ ඒ කොන්දේසි කොයි පැත්තටද කැරකෙන්නෙ කියල. ඒ නිසා ඔයාගෙ පාස්පෝට් එක උඩට යටට අර පැත්තට, මේ පැත්තට කරකවල බලන්න අවසර තියෙනව.


    'මේ බලන්නෙ කීයක් වටිනවද කියලනෙ.'
    ඔයා හිතන්නෙ එහෙම. ඒත් එයා හිතන්නෙ එහෙම නෙවෙයි. එයා හදන්නෙ වැඩේ නොකර ඉන්නෙ කොහොමද කියල. අහල තියෙනවද දන්නෙ නෑ මේ ලිපිය කියවන නෝනල මහත්තයාට මෙහෙම කතාවක්.


    'නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනලු...' කියල. ඒ වගේම මේ බිස්නස්, නැත්නම් ඔයාගෙ ලක්ෂ විස්සේ හීනෙ ඉවර වෙන්න ඕන කරන හේතුව පාස්පෝට් එකේ පාට, වර්ෂය, මුද්‍රාවෙ පෙනෙන නොපෙනෙන බව. අකුරුවල ස්වභාවය නැත්නම් වෙන මොකක් හරි වෙන්නත් පුළුවන්. ඒ තීරණයට එනකොට ඔය පුද්ගලයා ඔයාගෙ පාස්පෝට් එක දැකල ඉවරයිනෙ. එතකොට ඒ අර එයා හොයන පාස්පෝට් එකද නැත්නම් වෙන එකක්ද කියල තීරණය කරල ඉවරයි.
    'මේක හරියන්නෙ නෑ' සරලයි, සුගමයි, ලේසියි, පහසුයි... ඔයාට තියෙන හොඳ සහ එකම දේ පාස්පෝට් එකත් සාක්කුවෙ දාගෙන ගිය පාරෙම ආපහු ගෙදර එන එක.


    ප්‍රශ්න කීපයක් තියෙනව. ගමන් වියදම, කෑමට බීමට ගිය ගාණ. දවසේ මහන්සිය. දවස අපරාදෙ කියන කියන එක. ඒ දවසට අදාළව ඔයා වෙනදා හම්බකරන ගාණ... ඒව සමහර විට එකතු කරපුවම දහදාහක් විතර වෙන්නත් පුළුවන්. ඒ පාඩුව වෙනුවෙන් ඔයාට දහදාහක්වත් ලැබෙන්නෙ නෑ. ඒ ලක්ෂ පහළොව වෙනුවට දහදාහක්වත්..?
    නෑ එහෙම එකක් ලැබෙන්නෙම නෑ. ස්ථිරයි. ඒත් මේ ජාවාරම වෙනව. නැත්තෙ නෑ. අපූරුවට කෙරෙනව. හොරෙන් හොරෙන් කෙරෙනව. අපිට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේව පස්සෙන් පන්නන්න එපා. පෙනෙනවාට වඩා නොපෙනෙන දේවල් වැඩියි. පරිස්සමට යනව කියල හිතාගෙන ඔය ගමන ගියාට, පරිස්සමට තියන එක අෑලියාවට යන වෙලාවල් තියෙනව ඒ නිසා කල්පනා කරල බලන්න.


    'ලක්ෂ පහළොවක් හොයා ගන්නවද?'
    'නිකං ඉන්නවද?'
    කියල නෙවෙයි.
    'අමාරුවෙ වැටෙනවද? නැත්ද?'
    කියල.
    ඊළඟට මෙහෙම හිතන්න. මේ වෙන්නෙ මොනවද කියල. අපි නොදන්න ඕන තරං දේවල් මේ ඉර හඳ යට වෙනවා. අපි පුළුපුළුවන් විදියට ඒව හොයාගෙන යනවා. ඒ යන අතරෙ අහන, දකින දේවල් එක්ක කියන්න තියෙන්නෙ මෙච්චරයි. සමහර දවසක විකුණන දේවල් අතරට ආවොත්.
    'නළ දත් තුනක් තියෙන අවුරුදු දහයට අඩු ළමයි ලක්ෂ සීයයි කියල කතාවක්.
    'නැත්තං ඔළුවෙ සුළි තුනක් තියෙන අවුරුදු දෙකට අඩු ගෑනු
    ළමයින්ට ලක්ෂ දෙසීයයි.


    එතකොට මේ බිස්නස් අස්සේ
    ළමයින් විකුණන්න පුළුවන් ක්‍රමයක් හැදෙන්න බැරිකමක් නෑ. ඒ නිසා හොඳම දේ නරකම දේ නොකර ඉන්න එක. ඒකට හොඳම දේ නතරකම දේ අඳුන ගන්න එක. ජීවත් වෙන රිද්මය වෙනස් කර ගත්තට කමක් නෑ. නොපෙනෙන හීන පස්සෙ ගිහිල්ල ජීවිතේ නැති කර ගන්න එපා. සල්ලි හුඟාක් වටිනව තමයි. ඒත් ඔයා ඔය ඉන්න විදියටම ඉන්නකොට ඊටත් වඩා වටිනව.

    කතාව - පිනතූර - ජීවන පහන් තිළිණ
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පාස්පෝට් රැජන මාර්ක් බිස්නස් එක මාර ෂෝක් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top