-->

728x90 AdSpace

  • Latest News

    Thursday, August 21, 2014

    ලංකාවට එන්න නම් තානාපති කාර්යාලවලට වෛද්‍ය වාර්තා දෙන්න

    ලංකාවට එන්න නම් තානාපති කාර්යාලවලට වෛද්‍ය වාර්තා දෙන්න



    නයිජීරියාව, ගිනියාව, සිරියාව, සියරාලියොන් හා ලයිබීරියාව යන රටවලින් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන ලාංකිකයින් හා එරට වැසියන් දින හතක් ඇතුළත ලබා ගත් පිළිගත හැකි වෛද්‍ය වාර්තාවක් එ් රටවල පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලවලට ඉදිරිපත් කළ යුතු යැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
    එ් රටවල සිටින ශී‍්‍ර ලාංකිකයින්ට එබෝලා වෛරසය අසාදනය වී ඇත්දැයි සොයා බැලීම එහි අරමුණ බව ඔවුන් සඳහන් කරයි. වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එබෝලා වෛරසය අසාදිතයින් නොවේ නම් ශී‍්‍ර ලාංකිකයන්ට ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් තානාපති කාර්යාල මඟින් සකස් කරනු ඇත. ලංකාවට එබෝලා වෛරසය පැමිණීම වැළැක්වීම මෙහි අරමුණ බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    (නුවන් සේනාරත්න)
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලංකාවට එන්න නම් තානාපති කාර්යාලවලට වෛද්‍ය වාර්තා දෙන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top