-->

728x90 AdSpace

  • Latest News

    Sunday, August 24, 2014

    පොලිසියේ දෙදෙනෙක් ගුටිකා රෝහලේ

    පොලිසියේ දෙදෙනෙක් ගුටිකා රෝහලේ
    ආරක්‍ෂක හිස්වැසුම් නොපැළඳ ධාවනය කරමින් තිබු යතුරු පැදියක් පරික්ෂා කිරීමට යාමේදී බීමතින් සිටි පැදිකරු විසින් එල්ල කල ප්‍රහාරයකින් ඌරුබොක්ක පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.

    යතුරු පැදියේ පුද්ගලයින් දෙදෙනෙක් ගමන් කරමින් සිට ඇති අතර එහිදී එක් අයෙකු අත් අඩංගුවට ගෙන ඇත. අනෙක් පුද්ගලයා පලාගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙමින් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

    තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල් ගත කර තිබේ
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පොලිසියේ දෙදෙනෙක් ගුටිකා රෝහලේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top