-->

728x90 AdSpace

  • Latest News

    Wednesday, August 27, 2014

    සෝභිත හිමි ගමන අරඹන්නට පෙර මල්වතු-අස්ගිරි නාහිමිවරුන් බැහැදකී


    රතුපස්වල වෙඩි තියන්න අණ දුන් මිනිහා අද තානාපති සේවයේ. අර නිදි පෙති බීලා සියදිවි නසාගන්න ගිය හුළුගල්ලත් තානාපති සේවයේ. අද තානාපති සේවයට යන්න නම් විශාල වරදක් කරන්න ඕනෑ.
    විශාල වරදක් කරපු අයට තානාපතිකමක් දීලා රටින් පිටුවහල් කරනවායි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අතිපූජ්‍ය මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැදැක දැනුම් දෙති.

    සෝභිත හිමියන් පවසන්නේ මේවා සියල්ල විධායක ජනාධිපති ක්‍රමයේ වැරැදි බවයි.
    විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳ හා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් වහන්සේ දැනුම්වත් කිරීම සඳහා ඊයේ (26දා) පෙරවරුවේ නාහිමිවරුන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ සෝභිත හිමියෝ ඉහත ප්‍රකාශය කළහ.

    විධායක ජනාධිපති ක්‍රමය කුණුවෙලා, කුණු කන්දල් ගලන කාලය දැන් එළැඹිලායි පැවැසූ උන්වහන්සේ තවමත් මේ ධුරය තියාගෙන ඉන්නේ ඇයි දැයි ප්‍රශ්න කළහ.
    ප්‍රථමයෙන් මල්වතු මහ විහාරයේදී මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දුටු සෝභිත හිමියෝ, රටට මහා විනාශයක් වූ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය, කොමියුනිස්ට් පක්ෂ, සම සමාජ පක්ෂය, මෙන්ම වෙනත් පක්ෂද ඒ මතයේම ඉන්නවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශාල පරිත්‍යාගයක් පවා කළා. දැන් විධායක ජනාධිපති ධුරය කුණු වෙලා. කුණු කන්දල් ගලන කාලය එළැඹිලා තියෙන කුණු ගොඩක් ඇයි තවමත් තියාගෙන ඉන්නේ. මේ හේතුවෙන් අද රාජ්‍ය පරිපාලනය මුළුමනින්ම කඩා වැටිලා.

    තානාපති සේවය සම්පූර්ණයෙන් විනාශ කරලා තාත්තලා, පුතාලා, අම්මලා, දූලා දේශපාලකයන්ගේ ඥාතීන් තමයි තානාපති සේවයේ ඉන්නේ. රතුපස්වල වෙඩි තියන්න අණ දුන්න මිනිහා අද තානාපති සේවයේ. අර නිදි පෙති බීලා සිය දිවි නසාගන්න ගිය හුළුගල්ල අද තානාපති සේවයේ. අද තානාපති සේවයට යන්න නම් විශාල වරදක් කරන්න ඕන. විශාල වරදක් කරපු අයට තානාපති කමක් දීල රටින් පිටුවහල් කරනවා. මේවා සියල්ල මේ විධායක ජනපති ක්‍රමයේ වැරැද්ද යැයි පවසා සිටියහ.

    මුළු පාර්ලිමේන්තුවම එකඟ වෙලා 17 වැනි සංශෝධනය සම්මත කළත් අද ඒක පැත්තකට දාල 18 වැනි සංශෝධනය ගෙනල්ල තියෙනවා. පොලිසිය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙලා. මන්ත්‍රිවරුන්ට පිස්තෝලයක් අමෝරාගෙන පන්නපු හම්බන්තොට නගරාධිපතිට කිසිම ප්‍රශ්නයක් නැහැ. වංචා, දූෂණ ඉහ වහා ගිහිල්ලා. ඉන්ධන සංස්ථාවේ මහා දූෂණ රජයේ අමාත්‍යවරයෙක් වූ පාඨලී චම්පික මහත්තයා පෙන්වල දුන්නා. ක්‍රියාමාර්ග ගන්නවද, මැතිවරණවල තත්ත්වයත් ඕකම තමයි. මේ සියලුම ව්‍යසනවලට හේතුව විධායක ජනාධිපති ධුරය බව සෝභිත හිමියෝ මල්වතු නාහිමියන් හමුවේ පැවැසූහ.

    ඉන් අනතුරුව අස්ගිරි මහ විහාරය කරා ගිය සෝභිත හිමි ප්‍රමුඛ නියෝජිත පිරිස අස්ගිරි මහ නාහිමි අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දැක කරුණු දැක්වීමෙන් පසු සෝභිත හිමියන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කෙළේ ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කටයුතු නොකරන්නේ නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කොට ඔහුගේ ජයග්‍රහණය උදෙසා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය කැප වී කටයුතු කරන බවය.


    එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් ගිරාඹේ ආනන්ද හිමි ප්‍රමුඛ ගිහි, පැවිදි පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සෝභිත හිමි ගමන අරඹන්නට පෙර මල්වතු-අස්ගිරි නාහිමිවරුන් බැහැදකී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top