-->

728x90 AdSpace

  • Latest News

    Tuesday, August 26, 2014

    බොබ් මාර්ලේ ගීතවල අයිතිය ආපසු ගන්න බැරි වෙයි


    බොබ් මාර්ලේගේ සුප්‍රකට ගීත 13ක අයිතිය ආපසු ලබා ගැනීම සඳහා ලන්ඩන් නුවර පැවැති නඩු විභාගයකදී සංගීත නිෂ්පාදන සමාගමක් පරාජයට පත් විය. මාර්ලේගේ ඉතා සුප්‍රකට ගීත වන නෝ වුමන්, නෝ ක්‍රයි වැනි ඒවායේද අයිතිය තමන්ට ලබාදෙන ලෙස “කේමන් මියුසික්” සමාගම නඩු මඟට පිවිසියේය. 1981දී බොබ් මාර්ලේ මියගිය අතර ඉන්පසු 1992දී තමන්ගේ අයිතියේ පැවැති ගීත “බ්ලූ මවුන්ටන් මියුසික්” සමාගමට අලෙවි කිරීමේදී නඩුවට අදාළ ගීත 13 තමන් විකුණුවේ නැතැයි කේමන් සමාගම කියයි. එහෙත් විනිසුරුවරයා ප්‍රකාශ කළේ 1992දී ගිවිසුම අනුව ගීතවල නිර්මාණ අයිතිය නිසි පරිදි පවරා තිබෙන බවයි.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: බොබ් මාර්ලේ ගීතවල අයිතිය ආපසු ගන්න බැරි වෙයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top