සමහර කෙල්ලෝ සෝඩා බෝතල් වගේ කඩනකම් විතරයි සැර
උම්මා ගොඩයි වන්දි ගෙවයි කියලා හිතාගෙන අදත් අපි පටන්ගමු පැඟිරි විසේ ඇවිස්සෙන විසේකාර පිස්සුව - ලව් සික්. අද මගේ මාතෘකාව බැලූ බැල්මට කුණු හරුපයක් වගේ සමහරුන්ට පේනවා ඇති. ඒත් යං ජෙනරේෂන් එකේ දැන් තියෙන පට්ට නූතන ජීවන රටාව ඇතුළේ ඇඟ සහ ඔළුව බේරගෙන ජීවත් වෙන්නෙ කොහොමද කියන කතාව තමයි මම අද කියන්න යන්නේ. මේ දේවල් පරක්කු වෙලා දැනගත්තොත් ඉතිං මුළු ජීවිතේම අසරණ ඩොට් කොම් වෙලා යනවා.
විශේෂයෙන්ම කෙල්ලෙක් වුණහම මේ දේවල් කල් තියාම දැනගන්න ඕන. කවදා හරි දවසක මට දුවෙක් ලැබුණොත් එයාගේ 17 වැනි හෝ 18 වැනි හෝ 19 වැනි ඡඪපබඩඤචර එකට මම එයාට දෙන්නෙ ලොකු ඇල්බම් එකක්. ඒ ඇල්බම් එකේ තියෙන්නේ එයාගෙ තාත්තා ලියපු ලව් සික් ආර්ටිකල්ස්. මම දුවෙකුට කැමැති වුණාට මගේ ඨඪපතටපඪඥදඤ කැමැති පුතෙකුට. ජූලි 7යි මෝල් 8යි පිස්සු නටයි අම්ම ගහයි කිව්වලු. පුතෙක් හම්බ වුණොත් උෟට තාත්ත ලියපු ලව් සික් ඇල්බම් එක දීල වැඩක් නෑ. දුවෙක් වුණත් ඒ යුගය වෙනකොට අන්තර්ජාල මානසිකත්වයෙන් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන නිසා තාත්තගේ ලව් සික් ආර්ටිකල්ස් සත පහකට ගණන් ගන්න එකක් නැති වෙන්නත් පුළුවන්.
සමහර විට දුවගේ ඡඪපබඩඤචර එකේදි මම එයාට ලව් සික් ඇල්බම් එක දුන්නොත් ඹඩචබ බඩඥ ඩඥතත ඤචඤ? කියලා අහන්න බැරිකමකුත් නෑ. බොක්ක බරේ - හක්ක ඉරේ - කොක්ක හිරේ - කෙක්ක ෙදාරේ කිව්වලු. මගේ දුවලගෙ යුගය වෙද්දි සමහර විට අපිට සිද්ධ වෙන්නේ පදිරිත් නෑ කෙඳිරිත් නෑ රෑට කන්න බජිරිත් නෑ වගේ සීන් එකක්. අපේ මවුපියන්ගෙ කාලෙට වඩා අපේ කාලේ වෙනස්. අපේ කාලෙට වඩා අපේ දරුවන්ගේ කාලෙ වෙනස්. ඒ වෙනස අපිට දරාගන්න අමාරු ඩොට් කොම් වෙනවා. ඒත් අමාරුවෙන් හරි ඒ වෙනස් සමාජය ඇතුළේ වඩාත් යහපත් වෙන්නේ කොහොමද කියලා අපි දැන් ඉඳලම හිතන්න ඕනෙ. ගෝලීය සමාජයට ගැළපෙන විදියට අපේ මනස නවීකරණය සහ භනඤචබඥ කරගන්න ඕනෙ.
තව අවුරුදු 30කින් අපට මුහුණ දෙන්න වෙන සංස්කෘතිකමය දේවල් දරාගන්න අපිට ෆට්ට අමාරු ඩොට් කොම් වෙයි. ඉපදෙන්නත් ඉස්සෙල්ලා ඉඳන් මම කොළඹම තමයි හිටියේ. ගැමි සුවඳ කියලා එකක් මං දන්නෙත් නෑ. ඒත් මේ අනාගත සංස්කෘතික වෙනස දරාගන්න මටත් ටිකක් අමාරු වෙයි. ෆැෂන්, නයිට් ලයිෆ්, සෙක්ස්, ජරඡඥපඵනචජඥ, බඥජඩදධතධඨර, ෆන් ලයිෆ්, හැගවුට්ස් (ඩචදඨධභබඵ), පාර්ටි ලයිෆ් වගේ දේවල් අනාගතේදී අපේ දරු පරම්පරාවට බෝ වෙනවා. එතකොට ඉතින් තනිකරම ෆන් ඩොට් කොම් තමයි.
අන්තිමේදි සොරි ඩොට් කොම් වෙයිද කියලා තමයි බය. මේ බෝවීම ඇතුළේ කොල්ලෙක් සහ කෙල්ලෙක් අතර ඇතිවෙන ප්‍රේමය කියන සාධකයට මොනා වෙයිද කියන එක ගැන මම දැනටමත් පුරෝකථනයක් සහ ප්‍රක්ෂේපණයක් කරලා ඉවරයි. වර්තමාන සමාජය ඇතුළේ ප්‍රේමය කියන සාධකය ගොඩාක් වෙලාවට හටගන්නේ ලිංගිකව හැසිරීමේ අසමසම පරම පරමාර්ථය සහ ආතල් ඩොට් කොම් එකක් ගැනීමේ චේතනාවෙන්. වර්තමානයෙත් මෙහෙම වෙනවනම් අනාගතේ ගැන කුමන කතාද දෙයියනේ. ලව් සික් එක මොන විදියට මොඩ් වෙයිද කියලා අපිට හිතාගන්න අමාරුයි. මොනා වුණත්, බටහිරකරණය වුණ අනාගත සංස්කෘතිය ඇතුළේ වඩාත් යහපත් දුවෙක්ව සහ පුතෙක්ව හදන විදිය ගැන තව ගොඩක් දේවල් අපිට හිතන්න තියෙනවා.
අතීතයේදී යම් තරුණියක් තමන්ගේ පෙම්වතාත් එක්ක ඉඳලා කන්‍යාභාවය නැති වුණොත් ඒ තරුණිය ගොඩාක් අසරණ ඩොට් කොම් වෙනවා. ගොඩාක් දුක් ඩොට් කොම් වෙනවා. එහෙම වුණාම තමන්ගේ පෙම්වතාව තමන් සන්තකයේම තියාගන්න හැම උත්සාහයක්ම දරනවා. පෙම්වතා කියන කියන හැමදේම කරනවා.
පෙම්වතාට පොඩ්ඩක්වත් සැර දාන්නේ නෑ. පෙම්වතාට කේන්ති යන හැම වෙලාවකම කෙල්ල බය වෙනවා. එහෙම බයවෙන්නේ ඒ කොල්ලා තමන්ව අනාථ ඩොට් කොම් කරලා වෙන අතක් බලාගනී කියන බයට. ඒ තරුණයා එක්ක විවාහ වෙනකම් කන්‍යාභාවය නැති වුණ තරුණියගේ හිතට කිසිම නිදහසක් නෑ. ඉස්සර සංස්කෘතියට අනුව බැරිවෙලාවත් වගකිව යුතු තරුණයා තමන්ව දාලා ගියොත් සියදිවි නසාගන්න තැනට තමයි අතීත තරුණියන්ගේ මානසිකත්වය හැදිල තිබුණේ. ඒත් වර්තමානය වෙනකොට මේ කතාව වෙනස් වෙනවා. ඒත් තමන්ගේ පෙම්වතා එක්ක පළමු වතාවට යහන්ගත වුණාට පස්සේ ඒ තරුණියගේ සැර ටිකක් අඩු වෙනවා. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් තමන්ගේ පෙම්වතාට වැඩි පක්ෂපාතීත්වයක් දක්වනවා. පෙම්වතා තමන්ව දාලා යයි කියලා බයක් ඇතිවෙන නිසා පෙම්වතත් එක්ක වැඩිය සැර දාන්න යන්නේ නෑ. ඒකත් හරියට සෝඩා බෝතල් න්‍යාය වගේ. සෝඩා බෝතලේ කඩනකම් විතරයි සැර. කැඩුවට පස්සේ ඔක්කොම සැර බහිනවා.
තමන්ගේ පෙම්වතා මොන තරම් කැත වැඩ, ජඩ වැඩ වලත්ත ඩොට් කොම් වැඩ කළත් ඒ කොල්ලව අතඅරින්න කෙල්ල ටිකක් බයයි. ඒත් මේ වගේ අවස්ථාවලදි දැඩි තීරණ අරගෙන තමන්ගේ පෙම්වතාව අතහරින්න පුළුවන් විදියේ පෞරුෂයක් තියෙන කොල්ලොත් අතීතයට වඩා වර්තමානයේ ඉන්නවා. තමන්ගේ කන්‍යාභාවය නැති කරපු කොල්ලා තමන්ව දාලා ගියා කියලා සියදිවි නසාගන්න කෙල්ලො අද සමාජයේ නැති එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒත් වැඩේ දෙල් ඩොට් කොම් වෙන්න ඉස්සෙල්ලා, වැරැදි අයත් එක්ක වැරැදි දේවල් නොකර හිටියොත් මාරාන්තික බයක් ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න ඕනෙ නෑ. හැම තිස්සෙම අපි හරි දේවල් හරි වෙලාවට හරි විදියට කරන්න නම් දෙල් ෙදාෙදාල් වන තොල් තොඳොල් වෙන ලල් කෙළින්වෙන විදියට සැහැල්ලු මනසකින් ජීවිතේ විඳින්න පුළුවන්.
මචං වර්තමානයේදීත් කොල්ලෙක් කෙල්ලෙක්ව අනාථ ඩොට් කොම් කරලා දාලා ගියොත් කෙල්ල ටිකක් විතර අසරණ වෙනවා. අපේ මේ යං ජෙනරේෂන් එකේම ඉන්න සමහර කාලකණ්ණි වලත්ත ඩොට් කොම් කොල්ලො, කන්‍යභාවය නැති වුණ කොල්ලො හැමෝන්ටම සලකන්නේ එකම විදියට. තමනට කන්‍යාභාවය නැති වුණත් ඒක තියෙනවා වගේ සමහර කෙල්ලො ජීවත් වෙන්නේ අන්න ඒ නිසයි. කන්‍යාභාවය ගැන කතා කරනකොට සමහර කෙල්ලො අසාමාන්‍ය සදාචාරයක් අධි මාත්‍රාවෙන් මවා පාලා කේන්ති ගන්නේ ඇයි කියලා මම ඉස්සර ගොඩාක් කල්පනා කළා. ඒත් ඒකට හේතුව මම දැන් දන්නවා. ඒ අය බයයි තමන්ගේ ඇත්ත තත්ත්වය අනෙක් කෙනා දැනගනී කියලා. කෙල්ලොන්ගේ ඒ හැසිරීමට හේතුවක් තියෙනවා. මෙතැනදි වැරැදි කෙල්ලො නෙවෙයි. ඒ වගේ කෙල්ලො ගැන මහා නොසණ්ඩාල විදියට හිතන නපුංසක මනසක් තියෙන ජඩ කොල්ලො තමයි මෙතැනදි වැරැදි. කොල්ලො හිතන්නේ ඒ වගේ හැම කෙල්ලෙක්ම බඩුවක් කියලා!!! ඒත් ඒක එහෙම නෑ.
නැති වුණ දේවල් ගැන හිත හිත කිසිම කෙල්ලෙක් අසරණ ඩොට් කොම් වෙන්න ඕනෙ නෑ. වුණ දේ වුණා. එක තැනක පොඩි අවුලක් වුණා කියලා තමන්ගේ අභිමානයට, ආඩම්බර බව, සැර බස්සගන්න ඕනෙ නෑ. සෝඩා බෝතල් න්‍යායට පිටින් යන්න හැම කෙල්ලෙක්ටම කොන්දක් සහ පෞරුෂයක් තියෙන්න ඕනේ. ජීවිතේ එක තැනක වෙච්ච එක්තරා සිදුවීමක් නිසා තමන් අසරණයි කියලා කිසිම වේලාවක හිතන්න එපා!! එහෙම හිතන කෙල්ලො නිසා තමයි, ඒ අසරණකමින් ප්‍රයෝජන ගන්න පුළුවන් වලත්ත ඩොට් කොම් කොල්ලො බිහිවෙන්නෙ. ඒත් ඉතින් දැන දැනම ෆට්ට සිරා ෆන්කි හොරා වගේ කොල්ලොත් එක්ක චික්කි බිරිස් කරලා වැඩේ දෙල් ඩොට් කොම් කරගන්න කෙල්ලොත් ඉන්නවා. එතකොට ඉතිං අනාථ නාථ නන්නත්තාර ඩොට් කොම් තමයි.
මේ වගේ දේවල් සිද්ධ වෙද්දි ප්‍රේමය කියන සාධකය අනාගතයේදී මොන වගේ තැනක ස්ථානගත වෙයිද? මේ දේවල් දිහා නූතන විදියට අපි බලන්න ඕනෙ. අපි සාම්ප්‍රදායික වෙන්න ගියොත් ඒක අපිටත් හොඳ නෑ. අපේ දරුවන්ටත් හොඳ නෑ. මේ වගේ පසුබිමක් තියෙන වර්තමාන තත්ත්වය අනුව අනාගතය මොන වගේ වෙයිද කියලා උඹලා අනිවාර්යයෙන්ම හිතලා බලන්න ඕනෙ. ඒ අනාගතේ ඇතුළේ උඹලගේ දුවලව සහ පුතාලව හදන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උඹලට
පිළිතුරු හොයාගන්න ඕනෙ. ආතල් ඩොට් කොම් එකේ ඉන්නවා වගේම තමන්ගේ අනාගත වගකීම් ගැනත් යං ජෙරේෂන් එකේ කොල්ලො කෙල්ලො හිතනවනම් ඊට වඩා අනාගත ආතල් එකක් තවත් නෑ.
ලක්මිණ රණසිංහ
0 comments:
Post a Comment