-->

728x90 AdSpace

  • Latest News

    Friday, August 22, 2014

    අමන්දා නිදාගත්තේ කා එක්කද..?

    අමන්දා නිදාගත්තේ කා එක්කද..?
    ඇත්ත කතාව හදගැස්මට කියයි...

    පල ඇති රුකට ගල් මුල් වැදීම අරුමයක් නෙවෙයි. නිරූපිකාවක්, නිළියක් වුණ නිලුක්‍ෂි අමන්දාටත් පසුගිය දවස්වල ගල්මුල් වැදුණා. ඒ වායින් හිත රිදෝ ගත්ත අමන්දාගේ හිතට අපි කිට්ටු වුණා. අමන්දා අපට ඇත්තම කිව්වා. ඇහෙන් දැක්කත් කනෙන් ඇහුවත් දකින, අහන දේවල් ඇත්තම ඇත්ත නෙවෙයි කියලා තේරුම් ගන්න මේ සිද්ධියත් හොඳ සාක්කියක් කියලා අපිට හිතුණා.

    අමන්දා දැන් පුවත් මවන්නියක් වෙලා වගේ...?

    අනේ නෑ... වැඩක් කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. එහෙම ඉන්නකොට සමහරු කතා හදනවා. ඉතිං මම මොනව කරන්නද?


    අමන්දා ආයෙමත් ආදරයක පැටලුණාද?
    අපෝ නෑ... වෙච්ච දේවල් මතක් වෙනකොට ආයෙමත් ආදරයක පැටලෙන්න බයයි.


    එහෙනම් වෙබ් අඩවියක පළවූ ඡායාරූපවල අමන්දා එක්ක ඉන්නේ කවුද?
    ඒ මගේ යාළුවෙක්. අනිත් එක නිදාගෙන හිටියේ නෑ. අපි ඉඳගෙන හිටියේ.
    ඒ පින්තූර ටිකක් විතරයි. වෙබ් අඩවිය ඒ පිංතූරවලට දාපු හෙඩිමයි කැත.


    ඔය තරම් සමීපව ඡායාරූප ගන්න නම් විශේෂ යාළුවෙක් වෙන් ඕනෑනේ...?
    ඔව් රසික අයියා යාළුවෙක්ට වඩා මට හොඳ සහෝදරයෙක්. ඛ්ඩධපඥඨපචනඩඥප කෙනෙක්. නර්තන ප්‍රසංගවලදී අපි හමුවෙනවා. පහුගිය දවසක අපේ ඉස්කෝලෙ තිබුණ නර්තන ප්‍රසංගයක ඛ්ඩධපඥඨපචනඩඥප වුණේ එයා. ඒ වෙලාවෙ ගත්ත ර්ථීඩධබධඵ ටිකක් තමයි ඔය. ඒවා මම මගේ ටචජඥ ඡධධඬ එකේ දාල තිබුණා. එහෙම නැතුව නොදන්න මිනිස්සුත් එක්ක ඔය වගේ පින්තූර ගන්නෙත් නෑ... මම පෞද්ගලිකව ගන්න පින්තූර වෙබ්වලට දෙන්න තරම් මම මෝඩත් නෑ.

    ඒ කියන්නේ ඔය පින්තූර හොරකම් කරලා තියෙන්නේ අමන්දාගේ ටචජඥ ඡධධඬ එකෙන්?ඔව්... ටචජඥ ඡධධඬ එකේ් ඉන්නේ යාළුවෝ, මගේ යාළුවො දන්නවා රසික අයියාගෙයි මගෙයි යාළුකම. එහෙම දැනගත්ත යාළුවෙක්ම වෙන්න ඇති වෙබ්වලට ඔය පින්තූර දෙන්න ඇත්තේ.


    අමන්දාගෙ නම කැත කරන්න හදන යාළුවා කවුද?
    ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ... මිතුරු වෙසින් ඉන්න මිත්‍ර ද්‍රෝහියෙක් වෙන්න ඇති.

    රසික මොකද කියන්නේ මේ ගැන...?
    එයාට ටිකක් කේන්ති ගියා... මගේ නමට හානියක් වුණා කියලා. දැන් නම් අපි දෙන්නටම මේ ගැන තියෙන්නෙ දුකක් විතරයි.


    පෙම්වතෙක් හිටියා නම් ඔය වගේ කතන්දර හැදෙන්නේ නෑනේ...?
    ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියනවානේ... පහුගිය කාලේ වෙච්ච දේවල් දිහා බැලුවහම හොඳට හොයලා බලලා මගේ තාත්තාගේ කැමැත්ත ඇතුව මිසක් ආයෙනම් ආදරයක පැටලෙන්නේ නෑ.

    ඒ කියන්නේ හොයලා බලන්නේ නැතුව තාත්තාගෙන් අවසරයක් නැතුවද ආදරයට මුල පිරුවේ...?
    ඒක මගේ තනි කැමැත්තට වෙච්ච දෙයක්. මට ඕනෑම කියපු නිසයි තාත්තා වුණත් කැමැති වුණේ. ඒත් දැන් නම් තාත්තා කැමැති කෙනෙක්ට මම කැමැති වෙනවා මිසක් මට කැමැති කෙනෙක්ට තාත්තාගෙන් කැමැත්ත බලහත්කාරයෙන් ගන්නේ නැහැ.

    අමන්දාගෙ පෙම්වතා වෙන්න තියෙන්න ඕනෑ එකම සුදුසුකම තාත්තා කැමැති වීම විතරද?
    අපෝ නෑ... තාත්තා කැමැති වීම වැදගත්. ඒ වගේම හොඳ උසක් තියෙන්න ඕනෑ... අවංක වෙන්න ඕනෑ... මහා ලොකු ලස්සනක් නම් ඕන නෑ... පාරෙ බැහැලා යන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. හැබැයි අවංකවම මට ආදරය කරන්න ඕනෑ... මං ගැන හොයලා බලන්න ඕනෑ...


    අමන්දා නිරූපිකාවක් වුණේ මවුපියන්ගේ අවසරය ඇතුවද?
    ඔව් අකැමැති වෙන්න හේතුවක් නෑනේ.

    නිරූපණ ශිල්පිනියකට අපේ සමාජයේ තියෙන තැන ගැන සතුටුද?
    සතුටු නම් නෑ තමයි. ඒත් හිතන තරම් මේ ක්ෂේත්‍රය නරක නෑ... මගේ තාත්තා තමයි මාත් එක්ක හැම තැනම යන්නේ. එයා දන්නවා මම වැරැදි දෙයක් කරන්නේ නෑ කියලා. ඒ නිසානේ ගෙදරින් මට තහංචි නැත්තේ.


    හැදිච්ච ගෑනු ළමයෙක්ට ඔය ක්ෂේත්‍රය හොඳ මදිලු...?
    හැදිච්ච ගෑනු ළමයෙක්ට තැන කොතැන වුණත් හැදිච්චකමට ඉන්න පුළුවන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ... ඔන්න එහෙම නොවෙන කෙනෙක්ට තමයි ප්‍රශ්නයක් වුණත් වෙන්නේ.

    පහුගිය කාලේ 'මැද ගෙදර' ටෙලි නාට්‍ය නිසා අමන්දා නිළියක් වුණා. රංගනය එතැනින්ම නිමා වුණාද?
    නාට්‍ය අවසන් වුණා. ඊට පස්සෙ නම් අයෙමත් අවස්ථාවක් ලැබුණෙ නෑ...


    ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවාද?
    හොඳ නිර්මාණයක් නම් භාර නොගෙන ඉන්නේ නෑ.

    ඒ කියන්නේ රංගනයට හිත වැටිලා වගේ...?
    අකැමැති වෙන්න හේතුවක් නෑනේ... මම කැමැතියි. හැබැයි නිළියක් විදියට ගොඩාක් ඡභඵර වෙන්න නම් බෑ... මොකද මම නිරූපිකාවක් විදියට ටිකක් ඡභඵර නිසා.


    නිරූපණ වෘත්තිය තාවකාලිකයි කියලා හිතෙන්නේ නැද්ද? හැඩරුව තියෙනකම් විතරයිනේ. ඊට පස්සේ...?
    ඇත්ත. ඒත් තාම මට 23යිනේ. තව ටික කලක් ඉන්න පුළුවන්නේ. විවාහ වෙලා දරුවො ඉන්නකොට, මහත් වුණොත් නම් මේ රස්සාව කරන්න බෑ තමයි. එතකොට ඒ ගැන හිතනවා.


    නිරූපණ ශිල්පිනියක් විදියට ආපු ගමන සාර්ථකයි කියලා හිතෙනවාද?
    අපෝ ඔව්. මම අවුරුදු 19දි ක්‍ෂේත්‍රයට ආවේ. මේ අවුරුදු හතරට මම ලබාගත්ත ජයග්‍රහණ, මම ආව දුර හොඳටම ප්‍රමාණවත් කියලා හිතෙනවා.

    හිමේෂා සවන්තී රාජපක්‍ෂ
    ඡායා - අසන්ත ගමආරච්චි
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අමන්දා නිදාගත්තේ කා එක්කද..? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top