-->

728x90 AdSpace

  • Latest News

    Thursday, August 21, 2014

    පිටකොටුව පාවෙන වෙළෙඳසැල ජනතා අයිතියට

    පිටකොටුව පාවෙන වෙළෙඳසැල ජනතා අයිතියට



    නාගරික සංවර්ධන අධිකාරිය කොටුව හා පිටකොටුව ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් අනවසර වෙළෙඳසැල් වෙනුවට සැලසුම්ගත ආකරයට නවීන වෙළෙඳ සංකීර්ණ ඉදිකරමින් පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ අලුතින් ඉදිකළ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය අද (22) සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පැවරේ.


    කාලයක් පුරා අභාවයට ගොස් නොසලකා හැර පැවැති බේරේ වැව ජල තටාකයක් වටා මෙම වෙළෙඳ මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත. මෙය වෙළෙඳ සැල් 92කින් සමන්විතය. ඉන් 78ක් පිටකොටුව බැස්ටියන් මාවත හා ඕල්කට් මාවත පදික වේදිකාවෙන් ඉවත් කළ වෙළෙඳ මහතුන් සඳහා ලබාදීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පිටකොටුව ප්‍රදේශයේ තදබදය හා අවිධිමත්භාවය තුරන් වී මහජනයාට පහසුවක් සැලසෙනු ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ වෘත්තීය නිපුණතා ඇති පිරිස් හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් ගෘහනිර්මාණ ශිල්පීන්ගේ උපදේශන සේවා මත සිදු කොට ඇත.


    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පිටකොටුව පාවෙන වෙළෙඳසැල ජනතා අයිතියට Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top