-->

728x90 AdSpace

  • Latest News

    Friday, August 22, 2014

    ලංකාවේ රේඩියෝ DJලා කොපි කරපු හඬසදහටම නිහඬයි...

    ලංකාවේ රේඩියෝ DJලා කොපි කරපු හඬසදහටම නිහඬයි...
    "ඉක්මනට මැරෙන්නේ වැඩිපුර ජීවත් වෙන්න ඕනේ මිනිස්සු" මේ කතාව අපට හුඟක් ඇහෙන කතාවක්. මොකද අපිට වැදගත්ම කෙනෙක් වුණත් ජීවත් වෙනකොට අපිට ඒ තරම් අගයක් නෑනේ. ඒකයි. මේ කියන්න යන්නෙත් ඒ වගේම ලෝකයක් පිනවපු චරිතයක් ගැන.
    ඒ රොබින් විලියම්ස්. නම කියපු ගමන් ලංකාවේ අපට තරමක් නුහුරු වුණත් කතාවෙන්, සිනහවෙන් ලෝකයක් හිනැස්සූ මේ චරිතය අද අප අතර නෑ. මොකද මේ ඊයේ පෙරේදා සියදිවි හානි කරගෙන මේ චරිතය ලෝකයම හැරදාලා ගියා.



    1951 ජූලි 21 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝවල ඉපදුණු රොබින් නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක්, නිවේදකයෙක් හා තිර රචකයෙක් විදියට තමන්ගේ හැකියාව පෙන්නුවා.
    රොබින් විලියම්ස් ඇමෙරිකානු ජාතිකයෙක් වුණත් අපි මේ තරම් කතා කරන්න හිතුවේ රොබින් අපේ රටටත් හුඟක් අදාළ නිසා. ඒ ගැන කතා කරන්න කලින් රොබින් කොහොමද තමන්ගේ දක්‍ෂතාවෙන් ඒ නම ලෝකෙට අරන් ගියේ කියලා බලමු.
    රොබින් ඇමෙරිකාවේ නැඟී ආවේ 1978-1982  mork & mindy වැඩසටහන් මාලාවෙන්. ඒ වගේම නිවේදකයෙක් හා චිත්‍රපට නළුවෙක් විදියටත් රොබින් තමන්ගේ සාර්ථකත්වය ඇමෙරිකාව පුරා ස්ථාපිත කර ගත්තා.

    1982 - The World According to Garp, 1987 -  Good morning Vietnam, 1989 - Dead poets Socity, 1990 - Awakenings, 1991 -  The Fisher king, 1997 - Good will Hunting, 1980 - Popeye, 1991 - Hook, 1992 - Aladdin, 2006 - Happy Feet  වගේ චිත්‍රපටවලින් රොබින් තමන්ගේ දක්‍ෂතාව හොඳටම පෙන්නුවා.

    තුන්පාරක්ම Academy Aword එකේ හොඳම නළුවා සම්මානයට නිර්දේශ වුණු රොබින් අවසානයේ Good will Hunting චිත්‍රපටය නිසා හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත්තා වගේම  Emmy, Golden Globe, Screen Actors Guild  හා Grammy යන සම්මාන උළෙල නියෝජනය කරමින් කිහිපවතාවක්ම ඔහු සම්මාන දිනාගත්තා.
    1978 දී Happy Days කියලා රූපවාහිනි වැඩසටහනක් මෙහෙයවන්න රොබින්ට අවස්ථාව ලැබෙනවා. ඒ වැඩසටහනේදී ඔහු දෙබස්වලින්, අංගචලනයෙන්, හඬෙන් වගේම කතා කරන විදියෙනුත් මිනිසුන් හිනස්සවන්නට සමත් වුණා.

    1970 දශකයේ අග සිට 1980 දශකය අග වනතුරුම රොබින් හාස්‍යමය නිවේදනයට ක්‍රමයෙන් ඇතුළත් වෙනවා. ඒ කාලසීමාවෙදි 1987 - Off The Wall, 1982 - An Evening with Robin Williams  හා  1986  Live at the Met කියන වැඩසටහන් 3ක් රොබින් ඉදිරිපත් කළා.
    අතිශයින්ම ජනප්‍රිය වුණු මේ වැඩසටහන් තුනත් සමඟ රොබින්ට 1997දී Good morning Vietnam කියන චිත්‍රපටයට හඬකවන්න රොබින්ට අවස්ථාව ලැබීමත් මේ ජනප්‍රියත්වයේම පලදාවක්. රොබින්ගෙ නම හෝ රූපය නැතිව ඒ චිත්‍රපටය මාර්කට් කරන්න ඔහු ඩොලර් 75,000ක් අය කරලා තිබුණා. Disney’s book  එකේ මේ දැන්වීම පළකරද්දි රොබින්ගේ රූපය 25%කට වඩා දාලා තිබුණෙත් ඒ ජනප්‍රියත්වය නිසාමයි. රොබින් කියන්නේ ඔහුගේ නියම කටහඬ ඔහුගේ වස්තුව කියලා. මොකද මේ සියල්ල ඔහුට ලැබුණේ කටහඬ නිසා.



    විලියම් 1970 දශකයේ ඉඳන් කරපු හාස්‍යමය වැඩසටහන් 3 දිගුම වැඩසටහන් විදියට වාර්තා තබලා තියෙනවා. ඒ නිසාම රොබින්ව ගෙන්වලා Robin Williams LIVE on broadway කියන ප්‍රසංගය පවත්වන්න සංවිධායකයන් කටයුතු කරලා තිබුණා. ඒ 2002 දී රොබින්ගේ ජනප්‍රියත්වය කොහොමද කියනවා නම් විනාඩි 30කදී ටිකට්පත් සියල්ල අලෙවි වෙලා තිබුණලු.

    කොහොම වුණත් ලෝකයක් හිනැස්සූ රොබින්ගේ පවුල් ජීවිතය නම් ඒ තරම් සාර්ථක එකක් නොවෙයි. 1978 ජුනි 4 රොබින් පළමු බිරිය වැලරියා වෙලර්ඩ් සමඟ විවාහ වෙලා 1983 අප්‍රේල් 11 පුතකුත් ලැබුණා. ඒත් 1984 දී රොබින් කොක්ටේල් වේටර්වරියක් වුණ මිචෙල් ටිෂ් කාටර් සමඟ මිත්‍ර වෙලා ලිංගික ඇසුරක් පවා පවත්වලා. මේ නිසා රොබින්ට පස්සේ හර්පීස් කියන රෝගය වැලඳුණා. ඒකේ ප්‍රතිඵලය තමයි 1988 දී පළමු බිරිය ඔහුගෙන් දික්කසාද වීම.
    1989 අප්‍රේල් 30 මාර්ෂා හාර්ස් සමඟ විවාහ වන රොබින් තවත් දරුවන් දෙදෙනකුගේ පියා වුණා. ලෝකයේ මිලියන ගණනක් හිනැස්සුවත් 1970 දශකයේ සිටම ඔහුගේ පළමු පුතා ඉපදෙනතුරුම රොබින් කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉ¼දලා. පුතා නිසා කුඩු ගැහීම නැවැත්තුවත් 2003 දී රොබින් මත්පැන් බොන්න පටන් අරන්. පස්සේ යළිත් කුඩුවලට ඇබ්බැහි වෙලා. රොබින් මේ කතාව ප්‍රසිද්ධියේම කියලත් තියෙනවා.

    මේ නිසාම 2009 දී රොබින්ව රෝහල්ගත කරන්න වුණා. ඒ හදවත් සැත්කමකට. 2009 මාර්තු මාසේ ඔහු සුවපත් වුණත් කාලයක්ම කුඩු ගහලා රොබින්ට ඩිෆ්‍රෙෂන් හැදිලා.
    විලියම්ස් අවසානයේ ඩිෆ්‍රෙෂන්වලින් පෙළිලාම මේ ළඟදි අගෝස්තු 11 සියදිවි හානි කරගත්තා. මැරෙන්න කලින් මිනිසෝටාවල රෝහලක නැවතුණු ඔහු අගෝස්තු 11 පෙ.ව. 11.55ත් 12.02ත් අතර ලොවම හඬවා සදාකාලික නින්දට ගියා.

    මැරෙන කාලෙදි රොබින් හිටියේ තමන්ගේ තුන්වැනි බිරිය සුසෑන් චෙනීචර් එක්ක. මොකද දෙවැනි බිරිය මාෂාත් 2008 දී ඔහු හැර ගිය නිසා.
    රොබින් මැරුණට පස්සේ සුසෑන් කියනවා "මට මගේ සැමියා වගේම යහළුවකුත් නැති වුණා. ලෝකයට හොඳ මිනිසකු වගේම කලාකරුවකුත් නැතිවුණා" කියලා.
    රොබින් කියන්නේ සාමාන්‍ය වැසියන්ගේ ඉඳලා වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් පමණක් නෙවෙයි ඇමෙරිකා ජනාධිපති පවුලට පවා දැනෙන චරිතයක්.
    "ඔහු මා කැමැතිම කෙනෙක්. ඔහු අපේ ජීවිතවලට ළං වුණා. ඔහු අවසානයේ අපේ මානව ගුණාංග සියල්ල ස්පර්ශ කළා. ඔබේ හඬ මා සතුටු කළාට ස්තුතියි."
    මෙහෙම කියන්නේ බැරැක් ඔබාමා.

    රොබින් කියන්නේ ඇමෙරිකානුවන්ට පමණක් නෙවෙයි අපේ රටටත් වක්‍රව අදාළ වෙන කෙනෙක්. මොකද ඔහුගේ ශෛලිය අදත් අපේ රටේ නිවේදකයන් භාවිත කරනවා. Good morning......... කියලා ඔහු ඇදලා කියන ඒ ශෛලිය මේ පත්තරෙන් නම් ඔබට ඇහෙන එකක් නෑ. ඒත් අද අපේ රටේ නිවේදකයන් බොහෝදෙනෙක් නොදැනුවත්ව හෝ අනුකරණය කරන්නේ රොබින් විලියම්ස්ව.
    ඒ නිසා රොබින් මියගියත් ඔහුගේ හඬ ඇමෙරිකාවේ පමණක් නොවෙයි ලංකාවෙත් සදාකල් පිළිරුව් දේවි...
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලංකාවේ රේඩියෝ DJලා කොපි කරපු හඬසදහටම නිහඬයි... Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top