-->

728x90 AdSpace

  • Latest News

    Wednesday, August 27, 2014

    ආලංකුලම වැව් රක්ෂිතයේ ඉඩමකට බන්ධනාගාර ලොක්කෙක් හොර ඔප්පුවක් ලියාගෙන



    බන්ධනාගාර නිලධාරියකු අනුරාධපුර ආලංකුලම ශ්‍රී සුධර්මාරාම විහාරයට අයත් ඉඩමේ පර්චස් 17කට වැඩි භූමියක් ඔප්පු සාදාගෙන අත්පත් කර ගැනීමට විරෝධය පළ කරමින් එම විහාරයේ නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයත්, විහාරස්ථානයේ දායක සභාවත් ඊයේ (27දා) උදෑසන අනුරාධපුර තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ ආලංකුලම හන්දිය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූහ.

    ආලංකුලම වැව රක්ෂිතය ආසන්නයේ අක්කර 2 පර්චස් 2කින් යුතු භූමියේ විහාරස්ථානය පිහිටා ඇති බවත් මෙම විහාරස්ථානය 1940දී ස්ථාපිත කළ බවත් විරෝධතාවට එක්වූ පිරිස පැවැසූහ. ඔවුන් විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාව දියත් කළ අතර, ඒ සඳහා ප්‍රදේශවාසීහු 50කට වැඩි පිරිසක් එක්ව සිටියහ.
    මෙහිදී අදහස් දැක්වූ විහාරස්ථානයේ නායක හිමිපාණන් වන උඩහවර ධර්මශීල හිමිපාණන් කියා සිටියේ, 'වර්ෂ 1940දී තමයි මගේ නායක හිමිපාණන් මෙම ස්ථානයට වැඩම කර තිබෙන්නේ. උන්වහන්සේ අපවත් වීමෙන් පසු මා විහාරස්ථානයේ වැඩ සිටිනවා. 1971දී විහාරස්ථානය බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි කර තිබෙනවා. ඒ වගේම 1991දී මෙම විහාරස්ථාන භූමියට බලපත්‍රයක් ලබා දුන්නා. එවකට නාච්චාදූවේ සිටි ජනපද නිලධාරියා කියා සිටියේ විහාරස්ථාන භූමිය ආලංකුලම වැව් රක්ෂිත භූමියේ පිහිටා තිබෙන නිසා ඊට ඔප්පුවක් ලබා දීමට නොහැකි බවයි.

    මේ වනවිට බන්ධනාගාර නිලධාරියකුට ඔප්පුවක් ලැබී තිබෙනවා. ඔප්පුව ලැබුණෙ කොහෙන්ද? හැදුවෙ කොහොමද? කියන එක හොයා බලන්න වෙනවා. මම 1971 සිට මෙම ප්‍රදේශයේ ධර්ම කටයුතුවල නිරත වුණා. ආලංකුලම 5 ඇළ, තිඹිරිකඩවල, ශ්‍රාවස්තිපුර, ඉහළවැව, ගල්වඩුවාගම යන ප්‍රදේශවල පින්කම්වලට, පිරිත් සජ්¿ධායනාවන්වලට වැඩියේ පා ගමනින්. එම කාලයේ ප්‍රදේශයේ කිසිදු පන්සලක් තිබුණේ නැහැ. දැන් මේ භූමියටත් හොර ඔප්පු හදාගෙන අත්පත් කර ගන්න පිරිස් සූදානම් වෙලා සිටිනවා' යැයි කියාය.

    මෙහිදී අදහස් දැක් වූ විහාරස්ථාන දායක සභාවේ ලේකම් කේ. බී. ඩබ්ලිව්. විල්බට් මහතා කියා සිටියේ,
    වසර 75කට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී සුධර්මාරාමයේ ඉඩකඩම් වෙන කිසිවකුටත් අයිති කර ගැනීමට ප්‍රදේශවාසීහු ඉඩ නොදෙන බවයි. මේ වනවිට බන්ධනාගාර නිලධාරියෙක් මීට අවුරුදු 40ක පමණ ඉහත සිට මෙම ඉඩම ඔහුට අයත් බව පවසනවා. ස්වාමීන් වහන්සේ මරා දමන බව කියමින් උන්වහන්සේ බිය ගන්වනවා. මෙම ඉඩම විහාරස්ථානය සතුයි. මෙම ඉඩමට කිසිවකුටත් සින්නක්කර ඔප්පු සාදා ගන්න බෑ. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම නීතිය ක්‍රියාත්මක කර විහාරස්ථාන භූමිය නිරවුල් කර දෙන ලෙසයි යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ආලංකුලම වැව් රක්ෂිතයේ ඉඩමකට බන්ධනාගාර ලොක්කෙක් හොර ඔප්පුවක් ලියාගෙන Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top