-->

728x90 AdSpace

  • Latest News

    Friday, August 22, 2014

    කුඩු ගනුදෙනු කළ කෝටිපති රෙදි ව්‍යාපාරිකයන්ගේ රහස් එළියට

    කුඩු ගනුදෙනුකළ කෝටිපති රෙදි ව්‍යාපාරිකයන්ගේ රහස් එළියට


    පසුගිය සති අන්තයේ කටුගස්තොට ප්‍රදේශයේදී රුපියල් කෝටි 59ක් වටිනා කුඩු තොගයක් සමඟ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්වූ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය මාෆියාවේ අංක එකේ මෙරට නියෝජිත අහමඩ් සබ්රි නමැත්තා සිය ජාවාරම් ව්‍යාපාරය ගෙන යද්දී ළඟින් ඇසුරු කළ මහා පරිමාණ කෝටිපති ව්‍යාපාරිකයන් පිරිසකගේ නම් ගම් එළිදැක තිබේ.

    එම ජාවාරම්කරු සතුව තිබී හසුවූ ජංගම දුරකතන සහ සිම්කාඩ්පත් පරීක්‍ෂා කිරීමේදී ඔහු සමඟ ළඟින් සිටි ව්‍යාපාර ගෙන යන කෝටිපති ව්‍යාපාරික පිරිස් හෙළිකර ගැනීමට හැකිවූ බව පරීක්‍ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

    එම කෝටිපති ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර පණ ගැන්වීමට මත්කුඩු ජාවාරම්කරු ඉල්ලන සැණින් මුදල් ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ජාවාරම්කරු සමඟ හසුවූ අනෙක් සැකකරුවන් ව්‍යාපාරික වෙස් ගෙන සුඛෝපභෝගී මෝටර් රථවලින් කුඩු ප්‍රවාහන කළ අන්දම පිළිබඳවත් ඇතැම් අවස්ථාවලදී එම සුඛෝපභෝගී වාහන පරීක්‍ෂාවට ඇතැම් පොලිස් නිලධාරීන් බියක් දැක්වූ අන්දම ගැනද තොරතුරු හෙළිවෙමින් තිබෙන බවද එම නිලධාරියා පැවැසීය.
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කුඩු ගනුදෙනු කළ කෝටිපති රෙදි ව්‍යාපාරිකයන්ගේ රහස් එළියට Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top