අප සිටි නිවෙස පිහිටා තිබුණේ රාත්‍රියට පවා නොනිදන නගරය ආසන්නයේය. ඒ මිනිසුන් බොහෝ දෙනකු භාවිත කිරීම සිතා - මතා අත්හැරිය වීදියකය. වෙළෙඳුන් කෑකොස්සන් ගාන හඬ සහ හෙට්ටු කරන - රණ්ඩු කරන හඬ අපහැදිලිව ඇසිය හැකි වුවත් එය මෙම වීදියේ ජීවිතවලට තීරණාත්මක ලෙස බල නොපායි. එය ප්‍රමාණවත් වුණේ ඔබලා ජීවත් වන්නේ නගරයක් ආසන්නයේ බව මතක් කර දීමට පමණි.
කොළ පැහැති තීන්ත ආලේප කර තිබූ නිවෙසේ ගෙබිමට අල්ලා තිබුණේ මැටි කැටය. මැටි කැට නිසා එහි සීතල සමඟ එක්කාසු වුණ අපූරු උෂ්ණත්වයක් රැඳී තිබුණේය. මට මතක් වුණේ කුඩාවුන් කල පිටිකිරි පැකැට්ටුවෙන් කිරි සොරා ගැනීමට මාන අල්ලද්දී එය කුස්සියේ කොනක සීතල සහ උෂ්ණත්වය රැඳුණ සීමාවක තබා තිබූ අන්දමය.
මෙම නිවෙසේ ජීවත් වන පුද්ගලයාට ඇත්තේ අපූරු ජීවන විලාසයකි. නිවෙස සම්පූර්ණයෙන්ම හුදකලා වී ඇති නිසා ඔහුගේ ජීවන දහම වන්නේ 'මම සම්පූර්ණයෙන්ම හුදකලා වෙලා ඉන්නේ' යන්නය. එය සම්පූර්ණ සත්‍යයක් නොවුණත් මා දිගින් දිගටම කල්පනා කළේ අප වැන්න වුන්ට සත්කාර කිරීමට සහ අසල්වැසියන්ට සුබ උදෑසනක් කීමට කැමැති මෙම පුද්ගලයා තමා සර්ව සම්පූර්ණයෙන්ම හුදකලා වී ඇති බව පෙන්වීම උත්සාහ දරන්නේ ඇයිද යන්නය.
පදම හොඳ ගාණට පැමිණි එක් අවස්ථාවකදී ඔහු මෙලෙස මගෙන් විමසා සිටියේය. ලියනවා කියන්නේ මොකක්ද? මොකක්ද ඒ ගැන අදහස.
ලිවීම මා නොකරන බවත්, එය වඩා බාරදූර කාර්යයක් ලෙස ගිණිය හැකි බවත් පැවසූ මම, දැනට කරමින් සිටින්නේ අත්දැකීම් අකුරු මඟින් වචන බවට පත් කිරීම පමණක යැයි පවසා සිටියෙමි. ඔහු එය පිළිගත්තාද, බැහැර කළාද? යන්න ඒ හැටි වැදගත් නොවුණේ මා මට අවංකව එම පිළිතුර ගොනු කළ නිසාය.
ඔබ යථාදර්ශනයක්, ලිවීම තුළම කොටු කර ගන්නවාද? දෙවනුව ඔහු විමසා සිටියේය. ලිවීම හැම විටකදීම ප්‍රබන්ධයක්, සත්‍යයක් නොවන බව මම පිළිගන්නේ යැයි කීමි. වැඩිදුරටත් පවසා සිටියේ පාඨකයා ඇදබැඳ තබා ගැනීම සඳහා සෞම්‍ය ලෙස වචන හැසිර විය යුතු යැයි මා පිළිගන්නා බවය. ඔහු කමකට නැති කතා ගොන්නක් පවසා සිටි අතර වැඩි වශයෙන් ඒවා අතරින් මට ඇසුණේ 'තව එකක් දා ගනිමු' යන්න පමණි.
කවුද මේ දලු ගන්නේ. මොකටද ඒවා ගන්නේ? මම දැඩි පීඩනයකින් සේ විමසා සිටියේ ඒ අවස්ථාවේදීය.
ඒකට උත්තරය මම ගාව නැහැ. ඒක මටත් ප්‍රශ්නයක්. ඉලන්දාරියා කරන්න ඕනෑ උත්තරය හොයා ගන්න එක යැයි පැවසූ ඔහු ඇහ් - ඇහ් - ඇහ් යන හඬක් නංවා කහින්නට වුණේය. මැදියම් රැයද ඉක්මවා තිබූ හෙයින් අපි ක්‍ෂණික ආහාර වේලක් ගිල දමා නින්දට වැටුණෙමු. අද්භූතකාරි සිතුවිලි සමුදායක් රැය පහන් වන තුරු මා හට දරුණු ආකාරයේ ප්‍රහාරයන් එල්ල කළ අතර, ඒවාට ප්‍රති ප්‍රහාර දීමට මා අසමත් වූයෙන් සිදුවුණේ ප්‍රහාරයන් දරුණු වීම පමණි.
උදෑසනින් ඇඳ පැලඳගත් අපි පිටත්වීම සඳහා ලක ලෑස්ති වූයෙමු. ගමන සඳහා අප රථය යොදා ගනිතැයි මා සිතා සිටියත් ඔහු යොදා ගත්තේ යතුරුපැදියකි. ගමනාන්තයට පැමිණියේ යතුරුපැදිය පිටුපස ගමන් කරන වළත් රථයක් පිළිබඳ ආරංචියක් පතුරවමිනි.
මේ හරියේ තමයි ඔය බතල දලුයි, කතුරු මුරුංගා මලුයි කිලෝ එක 1500 ගාණේ ගන්නවා කියන්නෙ. දවස පුරා ඇවිදින්න, ඇත්ත හොයන්න, රෑ වෙලා ආයේ අපේ ගෙවල් පැත්තේ එන්න, සාකච්ඡා කරන්න නෙමෙයි අඩියක් ගහන්න. යතුරුපැදිය පන ගන්වන හඬ සමඟ මට ඇසුණේ සුපුරුදු ඇහ්... ඇහ්... ඇහ් යන කිසිදු අදහසක් සිතට නොඑන සිනාව පමණි.
කුමක් කළ යුතු දැයි නොදත් මා රියැදුරු තැනට මුදල් ලබාදී හැකි ඉක්මනින් පැමිණෙනවා යැයි යන පොරොන්දු පිට මාධ්‍ය බඩු මල්ලද රැගෙන මහ පාරේ ධාවනය වන බස් රථයකට නැඟ ගත්තේ ගමනාන්තයක් පිළිබඳ අදහසක් නොමැතිවය. රු. 10ක් කොන්‍ෙදාස්තරවරයාට ලබා දුන් පසු ගමනාන්තය පැවැසීම අනවශ්‍ය කරුණක් වූ අතර අවශ්‍ය වූයේ නියමිත දුර පසුවීමට මත්තෙන් බසයෙන් බැස ගැනීම පමණි. මා සිතූ ලෙස නියමිත දුර අවසන් වූයේ තුන් මං සන්ධියකිනි.
තුන්මං සන්ධියේදි මට විකල්ප තුනක් ලැබී තිබුණි. ජනාවාස කරා දිවෙන පාර, නොනිදන නගරයට එළවළු රැගෙන යන රථ ගමන් කරන නිසා එම රථයක නැඟී ගම්මානය කරා යෑම පළමු විකල්පයයි. නැවැත පැමිණි මඟ ඔස්සේ ඔහු හමුවීමට යෑමට රියදුරු තැනට ඇමැතුමක් ගැනීම දෙවැනි විකල්පයයි. එසේත් නොමැතිනම් කුරුණෑගල කරා ගමන් කළ හැකි මාර්ගයේ ගොස් නිවෙසට පැමිණීම තුන්වන විකල්පයයි. වඩා වෙහෙසකර විකල්පය තෝරා ගනිමි යැයි සිතා ජනාවාසය කරා ආපසු ඇදෙන ලොරි රථයක් අපේක්‍ෂාවෙන් බලා සිටින්නට වීමි. එක දිගටම විකල්ප මාර්ග 2 සඳහා බස් රථ පැමිණීම හේතුකොට ගෙන මංසන්දිය පාළුවේ ගිය
අම්බලමක් බවට පත් වුණේ ඇසිල්ලකිනි.
තේ කඩයේ මුදලාලි තැන, මම සහ කටුවා කෑම නිසා ජීවිතයේ ඉතිරි අඩ එපා වූ බල්ලෙක් පමණක් තුන්මංසන්ධියේ ඉතිරි වී සිටියෙමු. කල්පැන්නා කියා බැලූ බැල්මට පෙනෙන ක්‍රීම් බනිස් ජෝඩුවකින් කොටසක් බල්ලාට දුන් මා ඉතිරිය මුදලාලිට දීමට අදහස් නොකළේ එය රූපවාහිනි දැන්වීමක් වීමට ඉඩ කඩ ඇති නිසාය. ඇණවුම් කිරීමකින් තොරව සීනි හකුරු කැබැල්ලක් සමඟ කහට කෝප්පයක් මුදලාලිගෙන් ලැබුණ අතර අපි විසංවාදීන් ලෙස කහට පානය කළෙමු.
කහට පානය කරනා අතරතුර මාගේ අවධානය යොමු වුණේ කඩපිළේ අලවා ඇති එක, එක වර්ගයේ පෝස්ටර් රැසටය. ඒවා ලියවී ඇති ආකාරය හෝ පෝස්ටරයට එක්කාසු කර ඇති චිත්‍ර නොවරදවාම මාගේ සිත් ගන්නා බව දන්නා මම ඒවා එකිනෙක වෙන වෙනම නිරීක්‍ෂණය කළෙමි.
ආශ්චර්යයක මහත. ඉන් එක පෝස්ටරයක් වෙන්ව තිබුණේ (පෝස්ටරයක් කීවාට නිකම් ඒ-4 කොළයක්) දලු මිලට ගැනීම පිළිබඳවය. දුරකතන අංකයක්ද සටහන් වී තිබූ නිසා එම අංකයට ඇමැතුමක් ලබා ගතිමි.
හලෝ... මහත්තයා මම දලු ගන්නවාද බලන්න ගත්තේ.
ආ... ඔව් ගන්නවා. හැබැයි තව දවස් 2යි අපි දලු ගන්නෙ.
මොන දලුද ගන්නේ මහත්තය.?
දැනට ගන්නේ බතල දලු, එතකොට කතුරු මුරුංගා මලුත් ගන්නවා.
කීයද මහත්තයා කිලෝව?
දෙකම 1,500 ගාණේ... තමයි ගන්නේ.
හොඳ ආදායමක් නේ... බැරිද මහත්තයා කාලය දිග් කරන්න?
කාලය දිග් කරන්ඩ බෑ. ඒ අය තමයි කිව්වේ.
ඒ අය කිව්වේ?
අපි දලුයි, මලුයි විකුණන අය.
පුළුවන් නම් ලොකු උදව්වක්.... කාලය දිග් කරල දෙන්නකෝ. මම ඇළහැර කෙනෙක්. හොයන්ඩ දවසයි ගේන්ඩ දවසයි යද්දි කොහොමද කරන්නේ?
කරන්ඩ දෙයක් නැහැ ඕයි. දලු අරගෙන අපි මලවන්නය?
එම ඇමැතුම විසන්ධි වූවා නොව විසන්ධි කළ අතර නැවැත නැවත කීප වරක් උත්සාහ ගත්තද එය අසාර්ථක උත්සාහයක් වුණේය. එම උත්සාහය අතැර දැමූ මම සැබෑ පුද්ගලයා එසේත් නොමැති නම් පත්තරකාරයා බවට රූපාන්තරණය වී වෙනත් අංකයකින් ඇමැතුමක් ලබා ගතිමි.
හලෝ.... මම මව්බිම පත්තරේ, පාරදිගේ අතිරේකයෙන් ප්‍රභාත් කියල කෙනෙක්.
ඔව්. මිස්ටර් කියන්න.
ඔයාල බතල දලුයි, කතුරු මුරුංගා මලුයි ගන්නවා කියල දැකල කතා කළේ. කරුණාකරල මට කියන්න පුළුවන්ද ඒවා ගන්නේ මොකටද කියල?
මොකක්ද අවශ්‍යතාව?
පත්තරේ ලියන්න වටින දෙයක්නෙ. දලු කිලෝව, මල් කිලෝව 1,500යි කීවාම. ඒකයි.
ඔව්... අපි ගන්නවා.
මොන වගේ අවශ්‍යතාවකට දන්නේ නැහැ නේද?
බතල දලුවලින් අපි තෙලක් හිඳිනවා. කතුරු මුරුංගා මල් ගන්නේ බෙහෙතක් හදන්න.
ඒ කියන්නේ සිංහල - ඉංග්‍රීසි වෙදකමින් කොයිකටද?
වෙදකමක් නෙවෙයි.
එහෙම නම් බෙහෙතක් හදන්න කිව්වේ.
මේ... මේ... බෙහෙත තමයි... තෙල් කියන්නේ බෙහෙතක් නේ.
(දුරකතනය විසන්ධි වූවා නොව විසන්ධි කළේය.)
මෙතරම් මිලක් ගෙවා දලු සහ මල් මිලට ගත්තේ කිනම් කරුණක් උදෙසා දැයි මම කඩයේ මුදලාලි තැනගෙන් විමසා සිටියෙමි. දෙයියෝ තමයි දන්නේ මහත්තයා. දැන් සතියකට විතර කලින් ඇවිත් මේ කඩේ ඉස්සරහම කිරාගෙන ගියා. වෑන් එකකින් ආවේ අපිත් ඇහැව්වා මොකටද කියල. කිව්වේ නැහැ. විකුණපු කාටත් වුවමනාවක් තිබුණේ නැහැ දැනගන්න. ලොකු ගාණන් ලැබෙනවානේ. අනෙක දැනගත්තා කියල ඒ අයට විශේෂයක් නැහැ.
සැබෑ ලෙසම ඔවුන් මල් සහ දලු මිලට ගත්තේ කුමන කරුණක් මුල්කරගෙන දැයි අපි නොදන්නෙමු. මිලට ගැනීමේ ක්‍රමවේදයේ ඇති අබිරහස් බව අප මංමුළා කිරීමට සමත්කමක් දක්වන නිසා ඒ පිළිබඳ නැවත නැවත නොසිතා මම නගරයට සමීපව වෙසෙන ඔහු සොයා ගියෙමි. ඇඟපත වෙහෙස නිවා ගත්තාට පසු සුපුරුදු කාරිය ඇරැඹුණ අතර ඔහු දිගින් දිගටම කමකට නැති කතා දෙසුවේය. ඒ අතරින් මට ඇසුණේ ජාන හොරු: අපේ මල් ටිකයි දලු ටිකයි හොරකම් කරනවා. දල්ලක් නැතිව අලයක් බහිද? මලක් නැතිව පැළයක් හැදෙයිද යන්න පමණි.
කතාව - පින්තූර - ප්‍රභාත් අත්තනායක

0 comments:
Post a Comment