-->

728x90 AdSpace

  • Latest News

    Thursday, August 21, 2014

    ආණ්ඩුවේ නීති කඩා රිෂාඩ් යළිත් පිටරටින් සල්ලි ඉල්ලයි

    ආණ්ඩුවේ නීති කඩා රිෂාඩ් යළිත් පිටරටින් සල්ලි ඉල්ලයි



    කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුර්දීන් යළිත් ආණ්ඩුවේ නීතිවලට පිටින් ගොස්, නැවැත පදිංචි කිරීම් සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ කර තිබේ.
    උතුරු පළාතේ අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා යැයි පවසමින් ඇමැතිවරයා මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියනයක (රුපියල් මිලියන 130ක) මුදලක් ඉල්ලා විදේශ රටවල් කිහිපයකට ලිපි යවා තිබේ. ඒ අතර පාකිස්තානය, බහරේන්, සවුදි අරාබිය, කසකස්තානය යන රටවල් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.


    මෙරට පවතින මුදල් නීතිවලට අනුව ඇමැතිවරුන්ට මෙලෙස සෘජුව විදේශ ආධාර ලබාගැනීමේ හැකියාවක් නැත. එය සිදු කළ යුත්තේ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහාය. මීට පෙර 2013 වසරේදීද රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා මෙලෙස ආණ්ඩුවේ මුදල් නීතිවලට පිටින් ගොස් පාකිස්තානයෙන් විදේශ ආධාර ලබා ගැනීමට දැරූ උත්සාහයක් හෙළිදරව් වීම නිසා එය වැළැක්විණි.
     සාකච්ඡා කිරීමට නියමිතය
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ආණ්ඩුවේ නීති කඩා රිෂාඩ් යළිත් පිටරටින් සල්ලි ඉල්ලයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top