-->

728x90 AdSpace

  • Latest News

    Thursday, August 21, 2014

    හොර කේ‍රඩිට් කාඩ්වලින් ගත් විස්කි බෝතල් පහට ලක්ෂ 48යි

    හොර කේ‍රඩිට් කාඩ්වලින් ගත් විස්කි බෝතල් පහට ලක්ෂ 48යි



    ව්‍යාජ කේ‍රඩිට් කාඩ් භාවිත කර කොළඹ තරුපහේ හෝටල්වලින් රුපියල් හතළිස් අටලක්ෂ හැටදහසක් වටිනා මිල අධික ඹ්ධභඪඵ යඪඪඪ විස්කි බෝතල් පහක් ලබාගත් මැ‍ලේසියානු ජාතිකයන් දෙදෙනකු රහස් ‍පොලිසිය මගින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන තිබේ.
    කොළඹ කොටුව සුපිරි හෝටලයක ලැගුම් ගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැ‍ලේසියානු ජාතික නී (30) සහ ෆූයි (23) නමැති කාන්තාවක සහ තරුණයෙකි.
    මොවුන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් අගෝස්තු 19 වැනිදාය. මොවුන් එලෙස පැමිණ තරුපහේ හෝටල්වලින් ඉතා මිල අධික විස්කි බෝතල් ව්‍යාජ කේ‍රඩිට් කාඩ් මගින් ලබාගෙන ඇත.
    මොවුන් සතුව තිබූ මෙම මිල අධික විස්කි බෝතල් පහ ලබාගෙන ඇත්තේද කොළඹ තරුපහේ හෝටල් පහකින් බව ‍පොලිසිය කියයි.
    මෙම එක් විස්කි බෝතලයක වටිනාකම රුපියල් නවලක්ෂ හැත්තෑදෙදෙහසක් වන බවද ‍පොලිසිය පවසයි.
    මොවුන් මෙම වංචාව සඳහා ව්‍යාජ කේ‍රඩිට් කාඩ් 25ක් භාවිත කර ඇති බවද ‍පොලිසිය පවසයි. එම ව්‍යාජ කේ‍රඩිට් කාඩ් 25 මේ වන විට ‍පොලිස් භාරයට ගෙන තිබේ.
    රහස් ‍පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.
    චාමර අමරසූරිය
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හොර කේ‍රඩිට් කාඩ්වලින් ගත් විස්කි බෝතල් පහට ලක්ෂ 48යි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top