01. උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ කවුද?
මම උපුල් ශාන්ත සන්නස්ගල. ඒක ඇතුළේ තියෙන නිර්වචනයන් හදන්න ඕනෑ මම නෙවෙයි. බොහෝ අය මට නිර්වචනයන් හදලා තියෙනවා. ඇතැමුන් මට ගුරුවරයෙක් කියනවා. ඇතැම් අය මට නවකතාකාරයෙක් කියනවා. ඇතැම් අය මට කියනවා මම බිස්නස්කාරයෙක් ට්චථඥ නතචර කරන කෙනෙක් කියලා, තවත් සමහරු කියනවා මම එහෙම් පිටින්ම ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක් කියලත්. මම ගීත රචකයා කියන අය වගේම, ගමෙන් නගරෙට ආපු දෙක අතර දෝලනය වන ගන්ධබ්බයෙක් කියන අයත් ඉන්නවා. සිනමාකරුවෙක් කියනවා. නමුත් මම එක චිත්‍රපටයක්වත් අධ්‍යක්‍ෂණය කරලා නැහැ, නිෂ්පාදනය කළා මිසක්. මේ හැම නිර්වචනයක්ම මම හදපුවා නෙවෙයි. සමාජය විසින් නිර්මාණය කරනු ලැබූ ඒවා. මම කවුද ඇහුවොත් උපුල් ශාන්ත සන්නස්ගල කියලා මාව හඳුන්වන්න මම කැමැතියි.
02. මේ මොහොතේ අපේ රට සහ රටේ මිනිස්සු ගැන මොකද හිතෙන්නේ?
දුකක් දැනෙනවා. ලංකාව තමයි මම ගිහින් තියෙන රටවලින් ලෝකේ තියෙන ලස්සනම රට. ලෝකයේ ලස්සනම රට ලෝකයේ කැතම මිනිස්සු ඉන්න රට තමයි ලංකාව. මම සතුටු වෙනවා ලංකාව ලෝකයේ ලස්සනම රට වීම ගැන. ඒ වගේම මම අනෙක් අතට දුක් වෙනවා ලංකාවේ කැත මිනිස්සු ජීවත් වන රටක් වීම ගැන. මම කැත කියන්නේ රූපය ගැන නෙවෙයි.
03. "වස්සානේ සිහිනය" නවකතාව සෙනේෂ් අතින් චිත්‍රපටයක් බවට පත් වුණා. වස්සානේ සිහිනයට සෙනේෂ් අතින් සාධාරණයක් වුණාද?
සෙනේෂ්ට ඒ චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කරන්න බැරි වුණා. මම හිතන්නේ සෙනේෂ් කියන්නේ ප්‍රේමයේ තියෙන බොහොම සංවේදී තැන් අහුවෙන කෙනෙක් නෙවෙයි. ඔහු කැමරාවත් සමඟ සෙල්ලම් කරපු කෙනෙක් සහ මගේ ජීවිතය සහ මම චිත්‍රපටයට දාපු මුදල් සමඟත් සෙල්ලම් කරපු කෙනෙක්. මම හිතනවා එයා චිත්‍රපටයත් සමඟත් ට්චථඥ එකක් ර්ථීතචර කළා. චිත්‍රපටයට මම දුන්න ගීත ටික සහ මගේ පොත සම්බන්ධව මට කිසිම ගෙවීමක් කරලා නැහැ අද වෙනකන්. ඔවුන් විශාල ආදායමක් ලැබුවා මට රුපියලක්වත් ලැබුණේ නැහැ. ඔවුන් විශාල මුදලක් කොල්ලකනවා. හැබැයි ඒ අස්සේ හෝ ඔහු හොඳ චිත්‍රපටයක් කළා නම් මම සතුටු වෙනවා, ඒ දාපු ප්‍රාග්ධනය පැත්තකින් තියලා.
04. ඔබ "ආදරණීය වස්සානයෙහි" අධ්‍යක්‍ෂවරයා වුණා නම් කසුන් හා චාපා වෙනුවට කාවද තෝරා ගන්නේ?
මගේ ඔළුවේ හිටපු කසුන්ලා ඔක්කොටම දැන් වයසයි. සමහරුන්ට දැන් 50ත් පැනලා. මම හිතන්නේ දැන් ඔවුන්ට කසුන්ගේ තාත්තාගේ චරිතය තමයි කරන්න වෙන්නේ. මම හිතපු චාපලා දැන් මට මුණගැහෙන්නේ දත් හැලිලා, කොණ්ඩේ ඉදිලා, බඩ ඇවිල්ලා. දැන් ඒ චාපලාට ළමයින්ගේ ළමයිනුත් ඉන්නවා. ඒ නිසා දැන් මට චාපාව මුණගැහෙන්නේ ආච්චි කෙනෙක් විදියට.
05. "වැහි පබළු සැලී" ගීතයට පදනම් වෙන්නේ ඔබේ පෞද්ගලික අත්දැකීමක් නේද?
මම එතකොටත් විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. මගේ බිරිය තවමත් දන්නවා මම ලස්සන දෙයක් දැක්කම තවම බලනවා කියලා. සමහර විට මම ඒක විඳිද්දි එයා අහක බලා ගන්නත් ඉඩ තියෙනවා. දිනක් මමත්, ගුණපාල රත්නසේකරත්, තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු දෙන්නෙකුයි, කුරුණෑගල පන්ති ඉවර කරලා ආවා. මගේ වාචාල කතා අහන්න ඕනෑ නිසා ඔවුනුත් රියැදුරන්ට වාහන භාර දීලා මගේ වාහනේට ගොඩ වුණා. මම තමයි මගේ වාහනය එළෙව්වේ. තරමක වැස්සක් තිබුණා. කුරුණෑගල ඉස්පිරිතාලේ පහුවෙනවත් එක්කම මම දැක්කා පාරේ අයිනේ හිටපු කාන්තාවක් විදුලි කොටනවා මගේ දිහාට. මම දන්නෑ මටද එතැන හිටපු වෙන කාටහරිද කියලා. මම එක තත්පරයකින් කොටසක් ඇය දිහා බලන් ඉඳලා ආපහු ආවා. නමුත් පොල්ගහවෙල හරියට එනකම්ම මම කතා කළේ ඇය ගැන. මම ඇයව දන්නෙත් නෑ හඳුනන්නෙත් නැහැ. වැහි බීරමත් සමඟ ඇතුගල පාමුල වුණු සිදුවීමක් නිසාත් මම වාහනේ හිටියත් ඇය එළියේ හිටියත්, අර අපි කියන්නේ ඇස් දිහා බලලා ඇහැට ඇහැ ඩිග්, ඩිග්, ඩිග් ගාලා විදුලි කොටනවා කියලා. ඒ වගේ වුණාම ඒ සිදුවීමේ පොඩි තිගැස්මක් තිබුණා. මම ඒ දිනවල නිදි වරාගෙන ලියනවා. ඒ නිසා මේ සිදුවීම එක පාරටම මගේ අතින් ලියැවුණා. ඒක අහඹු සිදුවීමක්.
06. ඇයව ඉන්පසුව කවදාවත් හමු වුණේ නැද්ද?
ඒ ගැහැනු ළමයා දන්නෙත් නැතිව ඇති මේ සින්දුව එයාට ලිව්වේ කියලා.
07. සුරේන්ද්‍ර පෙරේරා ගී පද රචනයට සාධාරණයක් ඉටු කළාද?
ඇත්තටම හිතනවා, නමුත් මම හිතනවා සුරේන්ද්‍රට වඩා එහි ගෞරවය හිමිවෙන්න ඕනෑ කසුන් කල්හාරට කියලා. කසුන් කල්හාරගේ තනුව තමයි සුරේන්ද්‍රට මතුවීම සඳහාත් බලපෑවේ.
08. මෙතෙක් ලියපු බොහෝ නවකතාවලට සත්‍ය සිදුවීම් පාදක වුණේ ඇයි?
සත්‍ය සිදුවීමක් ගත්තාම එය ප්‍රතිනිර්මාණය කිරීමට පහසුයි. සිදුවීම ගත්තම එය සත්‍ය නම් අපි හරියට එය හිත ඇතුළෙන් විෙ¼දා්නවා. විෙ¼දා් විෙ¼දා් ඒ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන නිසා තමා බොහෝවිට මම සත්‍ය සිදුවීම් පාදක කරගන්නේ. ගොඩාක් අයගේ නිර්මාණවලටත් ඔය සත්‍ය සිදුවීම කොහේ හෝ තියෙනවා. නමුත් ඔවුන් එය කියන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.
09. මේ රටේ වැඩිපුර ඉන්නේ සිංහල මිනිස්සු. 90%ක්ම කතා කරන්නේ සිංහල. නමුත් මේ මිනිසුන්ට කියන සිංහල තේරෙනවාද?
කියන සිංහල තේරෙන්නේ නැහැ. දැන් නිදසුනක් විදියට "මෙහෙට එන්න කිව්වම එන්නේ නෑ, "මෙහෙ වරෙන් යකෝ" කිව්වම එනවා. "ඔයාට" ඇහුණද කිව්වම ඇහෙන්නේ නෑ, "තොට ඇහුණද" කිව්වම උත්තර දෙනවා. අපි හිතමු මේ සාකච්ඡාව අතරතුර මට වැරැදීමකින් අරුණිගේ කකුල පෑගුණා කියලා. එතකොට මම කියවා "අනේ පුතේ මට සමාවෙන්න" කියලා. සමාවෙන්න කිව්වම ඒක ඇතුළේ තියෙනවා වරදක් වුණා කියලා. නමුත් අද දරුවෙක් ගුරුවරයෙක්ගෙන් සමාව ඉල්ලුවාම උෟට කනටත් කහලා දතකුත් ගලවනවා, වැරැදි කරලා උඹ සමාවත් ගන්න ආවද කියලා. ඒ කියන්නේ අපේ මිනිසුන්ට සිංහල භාෂාව තේරෙන්නේ නෑ.
ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ භාෂාව එක්ක නෙවෙයි තමන්ට දැනෙන දේවල් ටිකත් එක්ක. දැන් බලන්න දේශපාලනඥයෝ රූපවාහිනි වැඩසටහන්වලට ආවම අහන දේට නෙවෙයිනේ උත්තර දෙන්නේ. යන්නේ කොහේද අහපුවාම මල්ලේ පොල් කියනවා. කුරුණෑගල පොල් ත්‍රිකෝණේ තියෙනවා. පොල් කටු ස්ත්‍රික්ක තියෙනවා, පොල් කුඩුවලින් සිමෙන්ති මදිනවා, දැන් පොල් හරි ගණන්. ඉස්සෙල්ලා මිටි කිරි දාලා පස්සේ දිය කිරි දාන්න කියලා කියනවා. කියලා තියෙන්නේ පොල් ගැන. ඒත් අහන්නේ යන්නේ කොහේද කියලා.
10. සිංහල සාහිත්‍යයේ, සන්දේශවල පවා ගැහැනිය සුන්දර වස්තුවක් විදියට වර්ණනා කරනවා. වත්මනේ ඉන්න කාන්තාව ගැන සිංහල ගුරුවරයෙක් විදියට ඔබට නිර්වචනයක් කළ හැකියිද?
අප ජීවත් වන මේ සංස්කෘතිය තුළ තමයි කාන්තාව නිර්වචනය කරලා තියෙන්නේ. ගැහැනිය කියන්නේ ගැහැනු සංස්කෘතිය කියන්නේ පිරිමියාගේ නිෂ්පාදනයක් මිස ගැහැනියගේ නිෂ්පාදනයක් නෙවෙයි. ඒ නිසා තමයි ගැහැනු ගැහැනුන් නිසා විඳින්නා වූ පීඩනය සාකච්ඡා කිරීමට ස්ත්‍රීවාදය කියලා දෙයක් බිහිවන්නේ. පිරිමියා සහ ගැහැනිය දෙදෙනාම බස් එකේ හිටගෙන යනවා නම් එතැන ස්ත්‍රීවාදී ප්‍රශ්නයක් නැහැ. නමුත් පිරිමියා හිටගෙන ඉන්න ගැහැනියට ජැක් එක ගහනවා නම් අන්න එතැන ස්ත්‍රීවාදී පීඩනයක් තියෙනවා. ඔය වගේ ප්‍රශ්න ගණනාවකට ගැහැනුන් මුහුණ දෙනවා. ඒ නිසා තමයි ගැහැනු නුවණ හැඳි මිටේ, ඇඬුවොත් මීගමුවේ ගෑනියෙක් වගේ කියමන් පවා බිහි වුණේ. මෙවැනි ස්ත්‍රිය සම්බන්ධ දීර්ඝ පීඩනයන් ඉතිහාසය පුරාම තිබ්බා. නමුත් දැන් මම විශ්වාස කරනවා. කාන්තාව දැන් සෑහෙන දේවල් ඉගෙන ගෙන තියෙනවා. ස්ත්‍රී පීඩනය තුළම කාන්තාව ඉගෙනගෙන. දැන් කියන්න බැහැ ස්ත්‍රීවාදී පීඩනයක් තියෙනවා කියලා.
දැන් පිරිමි ගැහැනු අන්දන තරමටම ගැහැනු පිරිමින්වත් අන්දනවා. ඒ නිසා මේ ධනේශ්වරයේ දෙගොල්ලෝ දෙගොල්ලෝවම අන්දගන්නවා. පිරිමි නිසා ගැහැනු පීඩාවට පත්වන තරමටම ගැහැනු නිසා පිරිමිත් පීඩාවට පත් වෙනවා. මොකද ගෑනු දැන් මේ ට්චථඥ එක ඉගෙනගෙන ඉවරයි. කවුරුහරි කියනවා නම් අර මිනිහා අර ගෑනිව පාවිච්චි කරනවා කියලා, අපි දන්නවා පිරිමියාව පාවිච්චි කරන ගැහැනුන් ඕනෑ තරම් මේ කොළඹ ඉන්නවා.
ධනේශ්වර සමාජය තුළ දෙදෙනාගේ ලිංග භේදය දැන් බලපාන්නේ නැහැ. බොහෝ ගෙවල් ඇතුළේ කාන්තාවගේ වාචික දූෂණයට පිරිමි ලක්වෙනවා... කටට... ඒ නිසා "තිගෙ කට හතරට පළනට හිතේ මට" කියලා ජිප්සීස් සුනිල් කියන්නේ අන්න ඒ නිසයි. ගැහැනුන්ගෙන් ගොඩක් පිරිමි හිංසාවට පීඩාවට පත්වන්නේ ශාරීරිකව නෙවෙයි වාචිකව.
මම කියන්නේ දැන් මේ සේරම වෙනස් වෙලා. මේ ධනේශ්වර ක්‍රමය විසින් ට්ඥදඤඥප එක නැතිව මේ දෙගොල්ලෝ විසින් දෙගොල්ලන්ව අන්ද ගනිමින් ඉන්න බවක් තමයි පේන්නේ.
11. "අවසර කල් රහස් තැන - ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන" කියන අතීත කතාව ගැන මොකද හිතන්නේ?
වරදේ බැඳෙන්න බැහැනේ තනිවම. මනමේ කුමාරි වැද්දට කැමැති වෙලා වැද්දා එක්ක ගියා නම් ඒක මනමේ කුමාරිගේ අයිතිය, ඇයට සිරියහනට වඩා තණකොළ බිස්ස සැපයි නම් ඒ ඇගේ අයිතිය. මට කසනවාද? ඉස්සර කිව්වා තව "සුරක්‍ෂිත ස්ථානයක් සහ පිරිමියකු සිටියි නම් ගැහැනිය වරදේ බැඳීමට ඕනෑම වේලාවක සූදානම්ය" කියලා. ගැහැනිය වරදේ බැඳෙන්නේ නැත්නම් ලෝකේ ගංගා කෙළින් ගලන්න ඕනෑ කියලත් කිව්වා සිංහල සාහිත්‍ය කෘතිවල. "ස්ත්‍රිය වනාහි කුසීලාගෙන ඇවිද්දත් රැක්ක නොරැක්කාහුය" කියලා ජාතක පොතෙත් තියෙනවා, එහෙම තමයි උගන්වලා තියෙන්නේ. මම කියන්නේ එහෙම නෑ. ලෝකේ තනියම වරදේ බැඳෙන්නට බැහැ. වරදේ බැඳීමට නම් දෙදෙනෙක් අවශ්‍යයි. මෙහි ප්‍රශ්නය තියෙන්නේ ගැහැනියගේවත්, පිරිමියාගේවත් නෙවෙයි. තනියම වරදේ බැඳෙනවාට කියන්නේ ස්වයං වින්දනය කියලා. ඒක වෙනම කතාවක්. තනි අතින් අත්පුඩි ගහන්න බෑ.
12. "ප්‍රේමය" ගැහැනියට ඇගේ ජීවිතයම විය හැකියි. නමුත් පිරිමියෙක්ට එය ගෙවුණු සිදුවීමක් පමණක් වන්නේ ඇයි?
ඒකට හේතුව පිරිමියාට වඩා ගැහැනිය භාවාතිශය වීම. ඕක මෙහෙමත් කියන්න පුළුවන්. ගැහැනියකට ප්‍රේමය සහ ජීවිතය, ලිංගිකත්වය දීර්ඝ දුම්රිය ගමනක් වගෙයි. හැබැයි ඒකේ තිරිංග තද කිරීමක් ඇගේ මුළු ජීවිත කාලයටම බලපානවාලු. ප්‍රේමය වෙනුවෙන් මැරෙනකන්ම විඳවන පිරිමින්ට වඩා ප්‍රේමය වෙනුවෙන් මැරෙන්නත් විඳවන ගැහැනුත් ලෝකයේ වැඩියි. පිරිමියාට ජීවිතේ දීර්ඝ දුම්රිය ගමනක් වෙද්දි එහි එක තිරිංග තද කිරීමක් ගැහැනියකට මුළු ජීවිත කාලයටම බලපානවා කියලත් මම අහලා තියෙනවා. ඒක ඇත්ත.
මේක ජීව විද්‍යාත්මකයි හා සංස්කෘතිකයි. ඒකට නිදසුන් තමයි ගැහැනිය කියන්නේ ලිංගේන්ද්‍රියේ ගැඹුර පිරිමියා කියන්නේ මුදා හැරීම. ඒක වෙනම ජීව විද්‍යාත්මක කාරණාවක්. ඒ කාරණාව තුළ තමයි විඳීම කියන දේ තීරණය වෙන්නේ.
13. ඔබේ කුලුඳුල් පෙම්වතිය කවුද?
පහේදී තමයි මට විරුද්ධ ලිංගිකයෙක් ගැන ආකර්ෂණය ඇති වුණේ. අදත් මම ප්‍රශ්න කරනවා ඒක ප්‍රේමයමද කියලා. ශිෂ්‍යත්ව පන්තියේ හිටපු ගැහැනු ළමයෙක් දිහා මම බලනවා. හීනෙන් දකිනවා. මම එයාව බලන්න යනවා. ඒක ඒකපාර්ශ්වීයයි. ඕකට ප්‍රොයිඩ් නම් කියන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණය කියලා.
14. ප්‍රේමයේ අත්දැකීම් කොහොමද?
මගේ විවාහක බිරිය හම්බවෙනකන් මගේ ප්‍රේම සබඳතා 13ක් විතර තිබිලා තියෙනවා. ඒවත් ප්‍රේම සබඳතාද කියලා මම තවමත් ප්‍රශ්න කරනවා. ඒ එකක්වත් අර හම්බුණේ නැතිනම් මරාගෙන මැරෙන ප්‍රේම සබඳතා නෙවෙයි. විවාහ වුණාට පස්සේ තියෙන ඒවා කියන්න පුළුවන්කමක් නැහැ. ප්‍රේමය ඒජජඪඤඥදබ එකක් නිසා අපි හිතන මේ බරපතළ දේවල් ප්‍රේමයේදී වෙනස් වෙන්න පුළුවන්. ප්‍රේමය හෝ ජීවිතය සම්බන්ධව පිරිමියකුට හෝ ගැහැනියකට අනාවැකි කියන්න බැහැ. පසු කරපු ජීවිතය ගැන කියන්න පුළුවන් වුණාට හෙට ප්‍රේමය ඒජජඪඤඥදබ එකක්.
15. ඒ කියන්නේ එහෙම ඒවා තියෙනවාද?
අපොයි ඔව් තියෙනවා. කාලයක් මම රාණි මුඛර්ජිට ප්‍රේම කළා. ඊඍ එකේ ඇයව දකිද්දි මට පිස්සු හැදුණා. ඉතින් ගැහැනු දැක්කම මට එහෙම හිතෙන්නේ නැත්නම් මම විවාහයෙන් පස්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් මාර්ගඵල ලබපු තාපසයෙක් බවට පත්වෙන්න ඕනෑනේ. මැරෙනකන් මට එහෙම හිතෙයි.
16. ඒ වුණාට බොහෝ විවාහක පිරිමි කියන්නේම මට මගේ බිරිය හැර වෙන පෙම්වතියෝ නැහැ කියලානේ?
බොරුවක්.
17. මෑතකදී හිත සසල කරවන්න සමත් වුණු ගැහැනු චරිත හමුවෙලා තියෙනවාද?
අනේ ඉතින් දැන් මට අවුරුදු 51ක්. එහෙම සසල කරවන්න පුළුවන් නම් කාටහරි ලොකු පිනක්.
18. පිරිමියෙක් විදියට ඔබ ප්‍රාර්ථනා කළේ මොන වගේ ගැහැනියක්ද?
ගැහැනිය යහනේදී අපමණ පෙම්වතියක් විය යුතුයි. පිරිමියා රෝගී වුණාම ඇය හෙදියක් විය යුතුයි. පිරිමියාට දුක හිතුණාම ඇය මවක් විය යුතුයි. ඒ වගේම වේලාවකට ඇය ගුරුවරියක්, සහෝදරියක්, මිතුරියක් විය යුතුයි. මෙන්න මේ කාරණා සියල්ල සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඇය හොඳ බිරියක්. මම ප්‍රාර්ථනා කළෙත් එහෙම කෙනෙක්, මට ලැබුණෙත් එහෙම කෙනෙක්. ඒ නිසා ඇය මට රැජනක්. නමුත් අන්ත--පුරය ගැන ප්‍රශ්න කිරීම එයාට තහනම්.
19. ඔබ කියපු විදියට ඔබේ බිරිය මවක්, සහෝදරියක්, ගුරුවරියක් ආදී භූමිකා කිහිපයම නිරූපණය කරනවානේ. ගුරුවරිය කියන භූමිකාව නොතිබුණා නම් ඔබේ ජීවිතයේ කොයි තරම් දේවල් වැරැදිලාද?
ඔව් සමහරවිට අඩු ආයුෂින් මැරෙන්න තිබුණා. තව බයිපාස් දෙකක් විතර කරන්න තිබුණා. වෙඩි කන්නත් තිබුණා. හොම්බෙන් යන්න තිබුණා. වෙන ප්‍රේම සබඳතා පටන් ගන්න තිබුණා. මහ ඇමැති කෙනෙක් වෙලා කන්නත් තිබුණා. ඒ සේරම වළකින්නේ ඇය මට ගුරුවරියක් වුණු නිසයි.
ඕක මහාචාර්ය සරත්චන්ද්‍රයන් මෙහෙම ලස්සනට කියනවා. ප්‍රශ්න සම්බන්ධයෙන් මුලින්ම ඉව වැටෙන්නේ ගැහැනියට.
හැබැයි තීරණ ගන්න ඕන පිරිමියා. ගැහැනිය තීරණය ගත්තොත් ඒ පවුල ඉවරයි. වරද්ද ගන්න එපා. ගුරුවරියක් හිටියාට ඇය තීරණ ගන්නේ නැහැ. මොකද ඇයට ඉහළින් විදුහල්පතිවරයෙක් ඉන්නවනේ. ඒ මම.
ගැහැනියට දැනෙන ඉව හරියටම හරි. ඔය වැඩේ කරන්න එපා විනාශ වෙන්න යන්නේ. බොන්න එපා අසනීප වෙයි. රෑ වෙලා ගෙදර එන්න එපා. කරදර වෙයි. ඔය වගේ ඉව ගැහැනියට දැනෙනවා. ඒවා හරියටම හරි. නමුත් තීරණ ගත යුත්තේ පිරිමියා. ඇගේ ඉව ගැන තේරුම් අරගන්න ඕනෑ.
තීරණ ගැනීමයි, ඉව වැටීමයි දෙකම ගැහැනිය කළොත් එතැන ඉවරයි. හොද්දට දෙන්නම ලුණු ඇඹුල් දැම්මොත් ඒ හොද්ද කාලා ඉවරයි. ගැහැනියට වැටෙන ඉව නම් ඔහොම නෙවෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් ගෙදර ඉන්න පිරිමියාට කීයටවත් වැටෙන්නේ නැහැ.
20. විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් හැමදාමත් චෝදනාවට ලක්වෙන බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමාව ඔබ දකින්නේ කොහොමද?
බන්ධුල ගුණවර්ධන කියන්නේ ඉතා විශිෂ්ට ගණයේ ගුරුවරයෙක්. මෝඩ දේශපාලකයෙක්.
21. බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමා වෙනුවට ඒ තැන අනුර කුමාර දිසානායක හිටියා නම්?
මම දෙපාරක් අත උස්සලා අනුර කුමාර දිසානායකට ආචාර කරනවා නියමයි අනුර ඔන්න දැන් අධ්‍යාපනේ හදපන් කියලා.
22. ලංකාවේ ඔච්චර පුවත්පත් තියෙද්දි ඇයි "අම්මා" නවකතාව පළ කරන්න "ලංකා" පුවත්පතම තෝරා ගන්නේ?
ජ. වි. පෙ. කියන්නේ රත්තරන් කොල්ලෝ කෙල්ලෝ හිටපු පක්‍ෂයක්. ඔවුන්ට දේශපාලනික ප්‍රඥාව තිබුණා. ඹ්ඊඊඡ් එකෙත් කැපවීම් කරපු කොල්ලෝ කෙල්ලෝ හිටියා, ඒත් ප්‍රඥාව තිබුණේ නැහැ. එයයි වෙනස. ලංකා පුවත්පතේ මේ කතාව ලියන්න කියලා තෝරාගත්තේ ඔවුන් නෙවෙයි මමමයි.
මමයි ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේ. මම ජාතික පුවත්පත් තුනකින් විතර මේකට ඉඩ ඉල්ලුවත් ඔවුන් දෙන්න ලෑස්ති වුණේ පිටු කාලක විතර ඉඩක්. මගේ මේ පදරංගේ කරන්න ඒක මදි. අද වෙනකන් මම ලියපු එකදු වචනයක්වත් නොකපපු පත්තරයක් තමයි "ලංකා" කියන්නේ. අම්මා කතාවේ ඇතැම් තැන්වල ජ. වි. පෙ. විවේචනය කරන තැන් තිබුණත් ඔවුන් එය වාරණය කළේ නැහැ. ඒ නිසා මම අද ඔවුන් සියලුම දෙනාට ආචාර කරනවා බෙහොම ස්තුතියි කියලා.
23.වත්මනේ ඉන්න දේශපාලනඥයන් අතරින් කැමැතිම දේශපාලනඥයා කවුද?
අනුර කුමාර දිසානායක.
24. අකැමැතිම දේශපාලනඥයා කවුද?
වි. ජ. මු. ලොකු බණ්ඩාර
25. වත්මන් සිංහල සිනමාවේ වීරයා කවුරු කියලද හිතෙන්නේ?
මට පොඩි එකක් ද�
0 comments:
Post a Comment