-->

728x90 AdSpace

  • Latest News

    Monday, August 25, 2014

    වෘත්තීය සමිති 34ක එකමුතුවෙන් වැටුප 10,000කින් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අනිද්දා කොළඹදී

    මෙවර අය-වැයෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කරන ලෙස ආණ්ඩුවට බල කෙරෙන දැවැන්ත උද්ඝෝෂණයක් එම අංශවල වෘත්තීය සමිති 34ක සහභාගිත්වයෙන් අනිද්දා සවස 3.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වේ.

    මෙය සංවිධානය කරන්නේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව විසිනි.සෑම ශේ‍ර්ණියකම, සෑම තරාතිරමකම සේවකයන්ගේ වැටුප මෙවර අය-වැයෙන් රුපියල් 10,000කින් ඉහළ දැමීමට අමතරව අතිරේකව ලබා දෙන 20% දීමනා වැටුපට එකතු කරන ලෙසත්, ජීවන අංකය රුපියල් 280 ගැසට් කර නියමිත ජීවන වියදම් දීමනාව ගෙවන ලෙසත්, වහල් සේවක ක්‍රමය වහා අහෝසි කරන ලෙසත් ධීවර, ගොවි, වතු, කම්කරු ගැටලු වහාම විසඳන ලෙසත් ආණ්ඩුවට බලකෙරෙමින් මේ උද්ඝෝෂණය පැවැත්වේ.

    අදාළ ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් නොලැබේනම් මේ උද්ඝෝෂණයෙන් අනතුරුව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ, ලංකා බැංකු සේවක සංගමය, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති 34ක සහභාගිත්වයෙන් අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වීමටද වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

    වෘත්තීය සමිති එකමුතුව විසින් අද උදේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ජනතාව දැනුම්වත් කෙරෙන අත්පත්‍රිකා බෙදීමේ කාර්යයකද නිරත විය.


    ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: වෘත්තීය සමිති 34ක එකමුතුවෙන් වැටුප 10,000කින් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අනිද්දා කොළඹදී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top