-->

728x90 AdSpace

  • Latest News

    Sunday, August 24, 2014

    සුනිල් මහේල ගැන සින්දුවක් හැදුවේ ඇයි?

    සුනිල් මහේල ගැන සින්දුවක් හැදුවේ ඇයි?


    අවුරුදු 17ක් තිසසේ ටෙස්ට් පිටියේදී හැමෝම මවිතයට පත්කළ අපේ කාලයේ සුපිරි වීරයා.... මහේල ජයවර්ධන. ක්‍රිකට් පිටියේදී නම් මයියා. පහුගිය දවසක ටෙස්ට් පිටියෙන් සමුගත්තේ හැමෝගේම ඇහැට කඳුළක් එක්කරලා. මහේලගේ අඩුව නම් කාටවත් පුරවන්න බැරිවේවි. ඒ කොහොම වුණත් මහේලගේ ඉවත්වීම, ගැන බොහෝ දෙනකු කතා කළා. ඇහැට නැඟෙන කඳුළු අතරින්ම මහේල වෙනුවෙන් බොහෝ දේවල් කළා. ඔය අතරේ ජිප්සීස් කණ්ඩායමේ නායකයා තමන්ගේ පිරිවරත් එක්ක මහේල වෙනුවෙන් උපහාර ගීතයක් ගායනා කළා. ඇත්තටම මහේල වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න සුනිල්ට තිබුණු වුවමනාව මොකක්ද? අපි ගීතයේ අයිතිකාරයාගෙන්ම ඇහුවා.


    මහේල ජයවර්ධන වෙනුවෙන් උපහාර ගීතයක් කරන්න හිතුවේ ඇයි?
    මහේල-සංගා ක්‍රීඩාව හරහා රටට විශාල ගෞරවයක් ගෙනාවා. ඔවුන් මෑත කාලයේ බිහිවුණු විශිෂ්ට පුද්ගලයෝ දෙදෙනෙක්. ඔවුන් වෙනුනේ අපිටත් ඉටු කරන්න යුතුකමක් තියෙනවා කියලා හිතුණා.

    ටෙස්ට් පිටියෙන් මහේලගේ සමුගැනීම වෙනුවෙන් දුක්වුණු බහුතරය අතර ඔබත් එක් අයෙක්ද?
    අනිවාර්යයෙන්ම. අපි හැමෝටම දුකයි. නමුත් අපි ඒ ළමයින්ව අගය කරන්න ඕනේ. අලුත් අයට ඉඩදීලා, ඉදිරිය ගැන හිතලා මහේල අයින් වුණා.
    මේ ගීතය කාගේ අදහසක්ද?
    ප්‍රියාල්ගේ තමයි මේ අදහස. ගීතය රචනා කළේ චන්ද්‍රදාස ප්‍රනාන්දු. සංගීතවත් කළේ ප්‍රියාල්.

    මහේල තව කාලයක් ටෙස්ට් පිටියේ හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
    හිටියානම් හොඳයි තමා. ඒත් මහේලගේ වචනවලින්ම කියනවා නම් 'පැලපදියම් වෙන්න ගියොත් තරුණ ළමයින්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මහේල විවාහ වෙලා දරුවෙකුත් ඉන්න එකේ ඒ දේවල්වලට යොමුවෙන්නත් ඕනේ.

    මීට කලින් ඔබ පෞද්ගලිකව ක්‍රීඩකයෝ වෙනුවෙන් ගීත ගායනා කරලා තියෙනවද?
    නැහැ. 2011 වර්ෂයේ ලෝක කුසලානය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළා.
    එහෙනම් මහේල වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න විශේෂ හේතුවක් තියෙන්න ඇති නේද?
    සුනිල් පෙරේරා විතරක් නෙවෙයි මුළු ජිප්සීස් බෑන්ඩ් එකම ක්‍රිකට්කාරයෝ, ක්‍රිකට් ලෝලියෝ.
    අපි ක්‍රිකට්වලට ළැදියි. ඒ නිසාම මහේල අපිට ඉතා කිට්ටුයි. ඔහු අපට විශේෂයි. පිදිය යුත්තාට පිදිය යුතුයි.

    මහේල කියන්නේ පිදිය යුත්තෙක්. සාමාන්‍ය පුද්ගලයෙක් නෙවේ. විශේෂයෙන් පිදිය යුත්තෙක්. කලා ක්‍ෂේත්‍රයේවත් නැහැ මේ තරම් ජාත්‍යන්තර කීර්තියක් මේ රටට ගෙනාව පුද්ගලයෝ. ඒ අතින් මහේලයි, සංගයි විශිෂ්ට තැනක ඉන්නවා.
    මේ ළමයින්ට තිබ්බ ආකර්ෂණය මේ රටේ දේශපාලනඥයකුට තියා වෙන කිසිම කෙනකුට නැහැ.
    ඒ කියන්නේ අනෙක් හැමෝම වගේ මහේලගේ දක්ෂතා ඉදිරියේ ඔබත් මවිත වුණු කෙනෙක්?

    අනිවාර්යයෙන්ම. ලංකාවේ හැමෝම මහේල ගැන පුන පුනා කතාකරන්නේ ඒ නිසා.

    සවනි ශේෂාධි
    ඡායා - සංඛ විදානගම
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සුනිල් මහේල ගැන සින්දුවක් හැදුවේ ඇයි? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top