-->

728x90 AdSpace

  • Latest News

    Friday, August 22, 2014

    ඉක්මන් පියවර නොගත්තොත් ඉබෝලා ලංකාවටත් එන්න පුළුවන්ලු


     ඉක්මන් පියවර නොගත්තොත් ඉබෝලා ලංකාවටත් එන්න පුළුවන්ලු
    'ඉබෝලා' වෛරසය ලංකාවටද ව්‍යාප්ත වීමේ තර්ජනයක් ඇති බව වාර්තා වෙයි.

    නැඟෙනහිර රටවල ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉබෝලා වෛරසය මෙරටට පැමිණීමේ සම්භාවිතාවක් තිබෙන අතර එය වළක්වා ගැනීමට ඉක්මන් පියවරක් ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

    එම රටවල සේවය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්ත යුද හමුදා සෙබළුන්, සංචාරය සඳහා ගිය ලාංකිකයන් සහ එම රටවල රැකියාවල නිරත වන පිරිස් මෙරටට පැමිණීමේදී ඉබෝලා වෛරසය ලංකාවට ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් ඇති බව ඒ මහතා පවසයි.

    මේ වන විට ඇමෙරිකානු විද්‍යාඥයන් විසින් මේ වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන ඔෟෂධ සෙවීම සඳහා පරීක්‍ෂණ කටයුතු සිදු කෙරෙමින් තිබෙන බවත්, ඉක්මනින් මේ වෛරසය සඳහා ප්‍රතිශක්තිකරන ඔෟෂධයක් සොයා ගැනීමට හැකිවනු ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කෙළේය.


    රෂිනි මෙන්ඩිස්
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඉක්මන් පියවර නොගත්තොත් ඉබෝලා ලංකාවටත් එන්න පුළුවන්ලු Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top